facebook like

ඥානසාර උන්නැහේ එළියට බැස්සේ යුද්ධයෙන් පසුවයි --- අමාත්‍ය මර්වින් සිල්වා

ආරක්ෂක අංශයේ සාමාජිකයන් යුද්ධ කරද්දී ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගැන අසන්නට නොලැබුණු බවත්, කොයි චණ්ඩිත් එළියට බැස්සේ යුද්ධය අවසන් වූවාට පසුව බවත් මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතා කියා සිටියි.

'බොදු' යන වදනත්, 'සිවුර'ත් ඉවතලා ඕනෑම සංවිධානයක් හෝ බලසේනාවක් පිහිටුවාගත්තාට ගැටලුවක් නැති බව පවසන ඇමතිවරයා ආගම දඩමීමා කරගෙන අයුතු ප්‍රයෝජන ලබමින් විරුවන්වීමට නිරර්ථක උත්සාහයක යෙදීම හෙළාදකින බව ‘ සඳහන් කරයි.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මර්වින් සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ, 'තම ජීවිකාව පහසුකරගැනීමට කසාවත ඇඟට දමාගත් පුද්ගලයන් සමාජයේ වෙසෙනුයේ කසාවතට ඇති සමාජ පිළිගැනීම හා ගෞරවනීය තත්ත්වය උපයෝගී කරගෙන ධනය,බලය, කීර්තිය වැනි අතෘප්තිකර ආශා පහසුවෙන් තෘප්තිමත් කරගැනීමේ අදහසින්' බවයි.

"ආරක්ෂක අංශ නොවන්නට රටපුරා භීෂණය පැතිරගිය තිස් අවුරුදු යුද්ධය නිමාකරන්න ලැබෙන්නේ නැහැ. එම භීෂණය පැවැති යුගය තුළ අද කෑමොරදෙන ගලගොඩඅත්තේ ඥානසාර උන්නැහේ කෙනෙක් ගැන අපට අසන්නට නොලැබුණි. මේ කොයි චණ්ඩියත් එළියට බැස්සේ යුද විරුවන්ගේ කැපවීම මත රටතුළ ඇතිකළ සාමයෙන් පසුවයි" යනුවෙන් හෙතෙම ප්‍රකාශ කරයි. 

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive