ඔස්‌ට්‍රේලියාවේ සිඩ්නි නුවර මොනාර්කෝ ප්‍රදේශයේදී අභිරහස් ලෙස මිය ගොස් සිටි ශ්‍රී ලාංකික තරුණියකගේ මරණය සම්බන්ධයෙන් සිඩ්නි පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.
අමිෂා රාජපක්‍ෂ නමැති 31 හැවිරිදි මෙම තරුණිය රාත්‍රී ආහාර ගෙන ඒම සඳහා ඉකුත් 26 දා රාත්‍රී 7.30 ට පමණ ඇය පදිංචි තට්‌ටු නිවාස සංකීර්ණයෙන් පිටතට ගොස් තිබේ. එහෙත් එදින රාත්‍රී ඇය ආපසු පැමිණ නැති අතර අමිෂාගේ සොහොයුරු සහන් රාජපක්‍ෂට පසුදා උදේ 7.30 ට පමණ නිවාස සංකීර්ණයට නුදුරු ස්‌ථානයකදී ඇගේ මළ සිරුර හමුවී තිබෙන බව සිඩ්නි ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පත වාර්තා කරයි.
ශ්‍රී ලංකාවේ සිට 2009 වසරේදී සිඩ්නි නුවරට පැමිණි අමිෂා එහිදී තොරතුරු තාක්‌ෂණය පිළිබඳ උපාධියක්‌ද ලබාගෙන ඇත.
"මගේ සහෝදරිය අඟහරුවාදා රාත්‍රී 7.30 ට පමණ නිවෙසින් ගියේ කිරි සහ බටර් ගෙන එන බව පවසමින් පැයකින් එන බවද ඇය කීවා. නමුත් ආවේ නැහැ. මා පසුව මගේ පියාට දුරකථන ඇමතුමක්‌දී විමසුවත් ඇය එහි නොපැමිණි බව පියා පැවසුවා. පසුදා උදේ ඒ අසළ ස්‌ථානයක වැටී සිටි සොහොයුරිය හමුවුණා. ඇයගේ ගෙල වටා තිබූ ස්‌කාෆ් එකෙන් ඇයගේ ගෙල සිරකර තිබූ බව දුටුවා" යෑයි ඇගේ සොහොයුරු සහන් රාජපක්‍ෂ පොලිසියට පවසා තිබුණා.
අමිෂාගේ මරණය පිළිබඳව පැවැති අධිකරණ වෛද්‍ය පරීක්‍ෂණයේදී එය සැක කටයුතු මරණයක් ලෙසට තීරණය කළ බවද ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පත් වාර්තාවේ දැක්‌වේ.

0 comments:
Post a Comment