facebook like

පරිප්පු කන්නෝ සහ ඇමැති ගැහැනු

'ඩොලර් මිලියනයක් පලස්තීනයට දෙන්න ජනාධිපතිට බලයක් නැහැ'

හිටපු අගවිනිසුරු සරත් සිල්වා

'ජනාධිපති තනතුර රැක ගන්න, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කැප වී සිටිනවා'
අගමැති දි.මු. ජයරත්න
'අලුත් පන්සල් පනත නිසා පන්සලකට නායක හිමි පත් කරන එකත් ආණ්ඩුවට කරන්න පුළුවන්'
මාදුළුවාවේ සෝභිත හිමි


ලෝකයේ ඡන්දයකින් පත්වී සිටින ජනාධිපති කෙනකුට තිබෙන ලොකුම බලය තිබෙන්නේ අපේ ජනාධිපතිතුමාට බව නොදන්නා කෙනෙක් නැහැ. එදා ජේ.ආර්. ජයවර්ධන හයෙන් පහේ බලයෙන් මත්වී ඔළුව උදුම්මවා ගෙන සිටින කාලේ ඔහුට ඕනෑ කරලා තිබුණේ ලොව බලවත්ම ජනාධිපති පදවිය ලබා ගන්නයි. මේ ක්‍රමයට එදා ඔහුගේ හෙන්චයියන් වන ඇතුළත්මුදලි, මහාචාර්ය විල්සන් වැන්නෝ මාර්ගය හදා දුන්නා. මෙවැනි නීති විශේෂඥයන්ගේ ආධාරයෙන් ජේ.ආර්. හැන්ද අතේ තියාගෙන හොඳටම බලය බෙදා ගත්තා. කොතරම් බෙදා ගත්තාද කීවොත් ඔහු එදා කීවා, 'දැන් ලංකාවේ ජනාධිපතිට කරන්න බැරි එකම දේ ගැහැනු පිරිමි කරන එකත් පිරිමි ගැහැනු කරන එකත් පමණයි!' කියා. ජේ.ආර්.ගේ චණ්ඩිකම, ඔහුගේ ඒකාධිපතිකම හරියට පෙනුණේ ඔහු 1978දී ජනාධිපති පදවිය ඡන්දයක් නැතිව ලබා ගත් පසුවයි. ඔහු තම බලය පාවිච්චි කොට, බණ්ඩාරනායක මැතිනියගේ සිවිල් අයිතිවාසිකම් නැති කළා. විජය වැනි තම දේශපාලන විරුද්ධවාදීන් හිරේ දැම්මා. වෘත්තීය සමිති විනාශ කළා. දෙමළ ජනතාව මර්දනය කළා. එල්.ටී.ටී.ඊ. නයි පැටියාට කිරි දී පණ ගැන්වූවා. කළු ජූලියට මාර්ගය පෑදුවා.එදා ඔහුට පිරිමි ගැහැනු කරන්නත් පුළුවන් වුණා! එදා ඔය විදියේ බලකාමයෙන් කටයුතු කරන විට, ඇතුළත්මුදලිලා, ගාමිණී දිසානායකලා, රනිල් වික්‍රමසිංහලා තම පිරිමිකම නොපෙන්වා කට වසා ගෙන සිටියේ ඒකනේ. ඔහු අන්තිමේදී එක ගැහැනියකත් මිනිහෙක් කළා! ඒ තමයි චන්ද්‍රිකා බණ්ඩාරනායක. ඇයට ජනාධිපති වෙන අධිෂ්ඨානය ඇති කළේ, ඇයගේ සැමියාට කළ වධ හිංසා නිසයි.


එදා චන්ද්‍රිකා බණ්ඩාරනායක 2000දී මේ මූසල ජනාධිපති පදවිය අහෝසි කරන්න කටයුතු කරන විට රනිල් එයට විරුද්ධ වුණා. එදා මහින්ද චින්තනයේ වැදගත් කොටසක් තමයි ජනාධිපති පදවිය අහෝසි කිරීම, නමුත් බලකාමයෙන් ඉහවහා ගිය මේ ආණ්ඩුව කළේ ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්. එනම් 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම. එදා එම 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය ගෙන ආවේ මහ හදිසියකින්. ජනතාව මොකද වුණේ කියා දැනගෙන සිටියේ නැහැ. අද ඔය අමාරුවේ වැටී සිටින ශිරාණි බණ්ඩාරනායකගේ නායකත්වයෙන් යුත් එදා ශේ‍ර්ෂ්ඨාධිකරණය හදිසියේ තීරණය කළා, තුනෙන් දෙකේ බලයක් පමණක් ඇතිව 18 වැනි සංශෝධනය කරන්න පුළුවන් කියලා. හිතා බලන්න, එදා ශිරාණි බණ්ඩාරනායක හිතුවා මහින්ද රාජපක්‍ෂ යාවජීව ජනාධිපති කෙනෙක් කිරීම ඉතා අගනා දෙයක් කියලා! අර කියමනක් තියෙන්නේ, 'කළ කළ දේ පල පල දේ' කියලා. ශිරාණි බණ්ඩාරනායකට අද ඔය පලදී විඳවන්නේ ඇය ජනාධිපතිගේ සීමා රහිත බලය නැවත ලබාදීමේ ප්‍රතිඵලයක් විදියටයි. මේ වගේ එදා 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන ආ දවසේ රනිල් වික්‍රමසිංහ හිටියේ කොහේද? ගෙදර!! මෙයට විරුද්ධ වුණේ ජනතා විමුක්ති පෙරමුණයි, ටී.එන්.ඒ. එකයි පමණයි.


මේ විදියට ජනාධිපති තනතුර සහ එහි බලය වැඩි කිරීම ගැන ඔබට මතක් කළේ, අපේ මතකය වැඩි කල් පවතින දෙයක් නොවන නිසයි. අද රටේ සිදු වන දේවල් බැලුවහොත් ඒ සෑම දෙයකටම මුල් වී තිබෙන්නේ ඔය 1978දී ඇති කළ ජනාධිපති තනතුරයි. 2010දී ගෙන ආ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයයි. අපි ගහේ ගෙඩි පලගන්නේ නැහැ කියා දුක් වීමට පෙර ගහේ මුල් දෙසත්, කුණු වන කඳ දෙසත් බලන්න ඕනෑ. ඒ කුණු වන කඳ තිබෙන්නේ අධි බලැති ජනාධිපති තනතුරේයි. ජනාධිපති, පාර්ලිමේන්තුවෙන් ලබා දෙන්න ඕනෑ මුදල්, තමන්ගේ අතින් මිටින් දෙනවා වගේ පලස්තීනයට දෙන්නේ මේ නිසා තමයි.

• අධි බලකාමයට පාර කපන්නෝ
ඔය බලකාමයට පාර කැපූ නිලධාරීන් ගැන කියන විට, හිට්ලර්ට උදවු කළ ජර්මන් නඩුකාරයෝ හතර දෙනෙක් ගැන මට මතක් වුණා. යුද්ධයෙන් පසුව ඔවුන්ට හිට්ලර්ට උදවු කිරීම ගැන නඩු පැවැරුවා. එක් නඩුකාරයෙක් තමයි තීන්දුවක් දුන්නේ නාසි පක්‍ෂයට බැඳීම අනිවාර්ය කළ යුතුයි කියා! ඉතින් ඔහු නඩුවේදී කීවේ මොකක්ද? ඔහු කීවේ අපි ඔය විදියට හිට්ලර් සමඟ සිටියේ ඔහු තවත් එහාට කරන ඒකාධිපති ක්‍රියා වළක්වන්නැයි කියලා!
එදා මහාචාර්ය විල්සන් තමා ඇති කළ ජනාධිපති තනතුරේ සිටි ජේ.ආර්.ගේ ඒකාධිපතිවාදය ගැන දුක් වුණා. තමන්ගේ දෙමළ ජාතියට හදි වින්නැහි කළ එල්.ටී.ටී.ඊ.යට කිරි පෙවීම ගැන දුක් වුණා. 1983 කළු ජූලිය ගැන දුක් වුණා.
තමා හදන්න උදවු කළ ජනාධිපති පදවිය නිසා වැඩුණු එල්.ටී.ටී.ඊ.ය මඟින් ඇතුළත්මුදලි මැරුම් කෑවා. අධි බල ජනාධිපති බලයක් සතු කර ගැනීමට උදවු කළ අයම තමයි අද එයින් දුක් විඳින්නේ.
ජනාධිපති බලය තව නංවන්න විරුද්ධ පක්‍ෂයේ මන්ත්‍රිවරුන් ආණ්ඩුවට එකතු වීම සාධාරණීය කළ සරත් සිල්වා අද කියනවා ජනාධිපති බලය වැඩියි කියලා! අනේ මොන විහිලුවක්ද? එදා 18 සංශෝධනය ජනමත විචාරයක් නැතිව පාර්ලිමේන්තුවෙන් සම්මත කරවීමට ඉඩ දුන් ශිරාණි බණ්ඩාරනායක අද අල්ලස් කොමිසමේ ළඟිනවා. ඔන්න බලකාමයට පාර කැපූ උසස් නිලධාරීන්ට ගිය කල.

• පිරිමි ගැහැනු කිරීම
එහෙනම් තවමත් ජනාධිපති පදවිය තව දුරටත් තබා ගන්න ඕනෑ කියා දි.මු. ජයරත්න වැන්නෝ කියන්නේ ඇයි? එසේ කියන්නේ අර ජේ.ආර්. ජනාධිපති තනතුර ඇති කොට, කී පුරසාරම ඇත්ත කියා පෙන්වන්නයි. ජේ.ආර්. කීවානේ මට බැරි ගැහැනියක් පිරිමියෙක් කරන්න විතරක් කියලා. නමුත් ඔහු කීවේ නැති වුණාට පිරිමියෙක් ගැහැනියක් කරන්න නම් මේ ජනාධිපති තනතුරට පුළුවන්. ඒකනේ දි.මු. ජයරත්න ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ඇමැතිවරුන් සහ වාසුදේව ඇතුළු පරණ වමේ ඇමැතිලා ගැහැනු වෙලා තියෙන්නේ. (මං 'ගැහැනු' කීවේ අර සාම්ප්‍රදායික ගැහැනු කියන අරුත විදියටයි! රෝසි සේනානායක, තලතා අතුකෝරළ වැන්නෝ ගැන නොවෙයි. තරහ වෙන්න එපා!)

• පන්සල් පනත
එතකොට පන්සල්වලට මේ අලුත් පනතක් ගෙන එන්න හදන්නේ ඇයි? සරසවිවලට මන්ත්‍රිලාගේ තුණ්ඩුවලින් ළමයි දාන්නේ ඇයි! ඒකත් ජනාධිපති තනතුරේ බල බේදයම තමයි. හේතුව අද රටේ සිංහල ප්‍රදේශවල තිබෙන්නේ එකම විරුද්ධ පක්‍ෂයයි. ඒ තමයි සංඝයා වහන්සේ. ඔවුන් තවම තමා හිතන පතන දේවල් බය නැතිව කියනවා. බොදු බල සේනාව බලවත් ඇමැතිලාට විරුද්ධව ප්‍රසිද්ධියේ කතා කරනවා. කාර් රේස් පවත්වන්න එපා කියා කියන්නේ මහනායක හිමිවරුන් පමණයි. ඉතින් සිංහල හදවතේ තිබෙන එකම විරුද්ධ පක්‍ෂය පාලනය කළ යුතුයි. ඔය පන්සල් පනත ගෙන එන්නේ ඕකට තමයි. ඔය මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ කියන්නේ ඒක තමයි. මේ පන්සල් පනත අපි මතුපිටින් හිතනවාට වඩා බලවත් දෙයක්.

මිගාර -

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive