facebook like

පිටසක්වල ජිවීන් ඇති බවට හොඳම සාක්කිය ලංකාවෙන්

පෘතුවියෙන් සැතපුම් 260 ක දුරින්  පිහිටි ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයකදී  සොයාගත් උල්කා කැබැලි අංශු වල සිටි ඩයටම ජීවී විශේෂ හා පොළොන්නරුව අරලගංවිලට කඩා වැටුණු උල්කාපාත වල සජීවී ඩයටම ජිවී විශේෂ එක සමාන බවත් පෘතුවියෙන් ඔබ්බෙහි ජීවයක් පවතින බවට  ප්‍රබල සාක්කියක් ලැබීමෙන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරව පිළිගැනීමක් ලැබෙන බවත් එන්ගලන්තයේ බකිංහැම් විශ්ව විද්‍යාලයයේ තාරකා අංශයේ  අධ්‍යක්ෂ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා ස්කයිෆ් තාක්ෂණය ඔස්සේ පැවැසීය.
ඩයටම යනු ඒක සෛල ඇල්ගී වර්ගයකි.ඒවායේ පොසිල තැන්පතු ද සොයාගෙන ඇත.
පොළෝ මට්ටමේ සිට කිලෝමීටර් 400ක දුරින් පිහිටි ජාත්‍යන්තර අභයවකාශ මධ්‍යස්ථානයේ පිරිසිදු කිරීමේ නිරතවී සිටි රුසියානු ගගනගාමීන් දෙනෙකු හට පසුගිය 19 වැනිදා මේ උල්කාශ්ම කැබැලි අංශූ හමු වී ඇත.ඔවුන් මේ කැබැලි අංශු වල ජීවයක් පවතින බවත් එහි මුහුදු ප්ලවාංග සහිත සජිවී ඩයටම කාණ්ඩයේ ජීවීන් වෙසෙන බවත් ජාත්‍යන්තර මාධ්‍යට කරුණු දක්වා ඇත.
වායු රික්තයක් පවතින අවකාශයේ ඉදි කළ ජාත්‍යන්තර අභ්‍යවකාශයේ තිබී හමු වී ඇති  උල්කාශ්මයන්ගේ පවතින ජීවී කොටස්වල හා අරලගංවිල උල්කාශ්මයේ පවතින ජිවීකොටස්වල සමාන බව ඉදිරියේදි  ජාත්‍යන්තර මාධ්‍යට ලබා දෙන බවත් මහාචාර්ය වික්‍රමසිංහ පැවසීය.
අධික ඝන උෂ්ණත්වයක් පවතින අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ  ජනේලයක රැදි  මුහුදු ප්ලාවංහ සහිත උල්කාශ්මීය  අංශු වලින්  රුසියාව  විශ්වීය ජීවිය පිළිබ ලැබු නව සොයාගැනීමක් ලෙස හුවා දක්වයි.
2012 දෙසැම්බර් 29 වැනිදා පොළොන්නරුවෙන් අරලගංවිලට පතිත වු උල්කාශ්මයේ මුහුදු ප්ලවාංග දකින්නට ලැබීම  සුවිශේෂි  කරුණක් බව ලෝක විද්‍යාඥයින්ගේ  කමිටුවේ මෙන්ම  ජාත්‍යන්තර  විද්‍යාත්මක සඟරාවේද  මීට පෙර සඳහන් වු බව මහාචාර්ය වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
ජාත්‍යන්තරව පෘතුවියටත් එපිට ජීවයක් පවතින බවට උල්කාශ්ම මගින් මුලින්ම සොයා ගැනීම ශ්‍රී ලංකාවට කීර්තියක් බව  මහින්ද රාජපක්ෂ ජනපති ද පසුගිය වර මහාචාර්ය වික්‍රමසිංහ මහතා මෙරටට පැමිණි අවස්ථාවේදී ප්‍රකාශ කළේය.
නාසා ආයතනයේ ප්‍රකට තාරකා විද්‍යාඥ මහාචාර්ය ය රිචර්ඩ් බී හුවර් මහතා ද ලංකාවට පතිත වු උල්කාශ්මයේ  ජීවයක් පවතින බවත්  එහිදී සොයාගත් ඩයටම කාණ්ඩයේ ජීවී විශේෂ රුසියානු  ගගනගාමීන් සොයාගත් උල්කාශ්ම අංශුවල ඩයටම  ජීවී කොටස්  හා සමාන බව  ශ්‍රී ලංකා තාරකා විද්‍යාඥ  ‘අපි ‘ එකමුතුවෙහි  සභාපති වෛද්‍ය පර්යේෂණ ආයතනයේ විද්‍යාඥ කීර්ති වික්‍රමරත්න මහතාට දන්වා ඇත.





0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive