facebook like

විකෘති කාමයෙන් පෙලෙන සනත් ජයසූරියගෙන් තම දැරියන් බේරා දෙන්නැයි පියෙක් පොලිසි යයි

විකෘති කාමාශාවලින් පෙලෙන සනත්ගෙන් මගේ අසරණ දියණියන් දෙදෙනා බේරා දෙන්න
මගේ වයිෆ් රධීෂා’ එයා ගුවන් සේවිකාවක් මොහු මගේ වයිෆ් එක්ක අනියම් සබදතාවයක් පවත්වනවා’ බිරිඳ මොහුත් සමග සංවාසයට යාමෙන් දියණියන් දෙදෙනා අනතුරේ’ ශ‍්‍රී ලංකාවේ හිටපු ජනප‍්‍රිය ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙක් සහ වර්තමාන නියෝජ්‍ය ඇමතිවරයෙක් වන සනත් ටෙරාන් ජයසූරියගෙන් තම අසරණ දියණියන් දෙදෙනා බේරා දෙන ලෙස එම දරුවන් දෙදෙනාගේ පියා විසින් මරදාන පොලීසියට හා පොලිස් කාන්තා හා ළමා කාර්යංශයට පැමිණිල්ලක් කර තිබෙනවා’

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ පළමුව මරදාන පොලීසියේ විවිධ පැමිනිලි අංශයටත් ල එයින් පලක් නොවූ කල නුගේගොඩ පොලිස් කාන්තා හා ළමා කාර්යංශයටත් මෙසේ පැමිණිලි කර ඇත්තේ මරදානේ පදිංචි කසුන් ධනුෂ්ක වේලාරත්න නැමැති අයෙකු බවයි’ මරදාන පොලීසියට පැමිණිලි කර ඇති මෙම පුද්ගලයා තම පැමිණිල්ලේදී පවසා ඇත්තේ තම බිරිඳ වන ශ‍්‍රී ලංකන් එයාර් ලයින් ගුවන් සමාගමේ ගුවන් සේවිකාවක වන රධීෂා පෙරේරා නැමැති අය පසුගිය වසරේ ඔක්තෝම්බර් මස සිට මෙම ඇමතිවරයා සමඟ අනියම් සබදතාවයක් පවත්වන බවයි’

2014 වසරේ පෙබරවාරි මස 14ි වැලන්ටයින්ී දින රධීෂා හා සනත් ජයසූරිය සිංගප්පූරුවේ එකට ගත කර ඇති බවත් මෙම වසරේ පැවැති එංගලන්ත ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තරඟාවලියේදී ලන්ඩනයේ ලෝඞ්ස් ක‍්‍රීඩාංගනයේ පැවැත්වූ ටෙස්ට් තරඟයේ ආරම්භක අවස්ථාව සනිටුහන් කිරීමට ඝාන්ඨාරය නාද කිරීම සඳහා සනත් ජයසූරිය ලන්ඩනයට ගිය අවස්ථාවේදී රාජකාරී නිල ගුවන් ගමනකින් තොරව තම බිරිඳ වන රධීෂා පෙරේරාද කැඳවා ගොස් ඇති බව එම පැමිණිල්ලේ සඳහන් කර ඇති අතර ඔවුන් දෙදෙනා ලන්ඩන් ඩොක්ලන්ඞ් හි පිහිටිි‘City Grange’ හෝටලයේ නවාතැන් ගෙන සිටි බවට සියලූ සාක්ෂි තමා සතුව ඇති බව කේ’ඞී’වේලාරත්න නැමැත්තා තම පැමිණිල්ලේ දක්වා ඇත’ තමා හා රධීෂා 2008 වසරේ විවාහ වූ බවත් ල එම විවාහයෙන් ඔවුන් දෙදෙනාට වයස අවුරුදු හතර හමාරක් සහ වයස අවුරුදු දෙක හමාරක් වියැති කුඩා දියණියන් දෙදෙනෙකු සිටින බවත් බිරිය මේ වන විට එම දැරියන් දෙදෙනාද සමග තමාව ද්වේශ සහගත ලෙස අතහැර දමා වෛවාහක නිවසින් පිටවී ගොස් කොළඹ තුන්මුල්ලේ ‘King’s court’ සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ සනත් ජයසූරියට අයත් නිවසක බිරියගේ සහෝදරියෙකු සමග ජීවත් වන බව පවසා ඇත’ මෙම සනත් ජයසූරිය නිතර යාම් ඊම් කරනු ලබන ස්ථානයක් බවද දක්වා ඇත’

සනත් ජයසූරිය ගේ දෙවන විවාහක බිරිඳ මේ වන විට කොළඹ දිසාඅධිකරණය ඉදිරියේ පවරා ඇති දික්කසාද නඩුවේ සනත් ජයසූරිය ගෙන් වෙන්වීම සඳහා ඉදිරිපත් කර ඇති පෙත්සමේ දක්වා ඇත්තේ සනත් ජයසූරිය ‘විකෘති කාමාශාවලින් පෙලෙන පුද්ගලයෙකු’ බවයි’ ඇයට සනත් ජයසූරිය වෛහාක වරදක් වනි අනුමිත ද්වේශ සහගත අතහැර යාමකට’ (Mutual Malicious Desertion) හේතු වී ඇත්තේ සනත් ජයසූරි ගේ මෙම ඉවසා දරාගත නොහැකි විකෘති කාමාශාව බව දික්කසාද පෙත්සමේ ප‍්‍රකාශිතව දක්වා තිබේ’ මෙසේ සනත් ජයසූරිය විකෘති කාමාශාවලින් පෙලෙන මානසික අසහනකාරයෙකු බව ඔහුගේ හිටපු විවාහක බිරිඳ අධිකරණයට පවා පවසා සිටියදී තම බිරිඳ වන රධීෂා පෙරේරා තමන්ගේ කුඩා දියණියන් දෙදෙනා සමග සනත් ජයසූරිය වාසයට සහ සංවාසයට යාමෙන් තම දියණියන් දෙදෙනාගේ ජීවිත විශාල අනතුරකට හා අවධානමකට හෙලා ඇති බව රධීෂා පෙරේරාගේ සැමියා පොලීසියට පැමිණිලි කර ඇත’

මෙම පළමු පැමිණිල්ල වන මැයි 10 දින පැමිණිල්ල විභාග කිරීම සඳහා රධීෂා පෙරේරාට මරදාන පොලිස් ස්ථානයට පැමිණෙන ලෙස පොලිස් කොස්තාපල්වරයෙකු (P.C. 33963) දැනුම් දී ඇත’ නමුත් ඊට අවනත නොවී ඇති රධීෂා ඉහත කී කොස්තාපල්වරයාව තමාට තර්ජනය කළ බව කියමින් නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය ලවා පොලිස් රෝහල වෙත මාරු කර යවා ඇත’ නැවතත් රධීෂාගේ සැමියා වන කසුන් ධනුෂ්ක වේලාරත්න ජුලි මස 01 වන දින මරදාන පොලීසියට වැඩි දුර ප‍්‍රකාශයක් කරමින් වහාම තම දියණියන් දෙදෙනාගේ භාරය තමන්ට ලබාදෙන ලෙස ඉල්ලීමක් කොට ඇත’

මෙම පොලිස් පැමිණිල්ලට සනත් ජයසූරිය නැවතත් තම අමාත්‍ය බලතල අයුතු ලෙස යොදා ගනිමින් මරදාන පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් පැමිණිලි පොත සමග නියෝජ්‍ය පොලිස්පති ගාමිණී මතුරට මහතාගේ කාර්යාලයට ගෙන්වාගෙන රධීෂා පෙරේරාගෙන් කටෞත්තරයක් ලබා ගන්නා ලෙස නියෝග කර ඇත’ සනත් ජයසූරිය ගේ විධානය එපරිදිම ක‍්‍රියාත්මක වී ඇත’ සනත් ජයසූරිය ගේ ඇමති බලතලවලට යටත් නොවී ඇති රධීෂාගේ සැමියා වන කසුන් ඉන්පසු මරදාන පොලීසියෙන් පලක් නොමැති බව දැනගෙන නුගේගොඩ පොලිස් කාන්තා හා ළමා කාර්යංශයට පැමිණිලි කර ඇත’ සිදුවී ඇති අසාධාරණය පිළිබඳව අවබෝධ කර ගෙන ඇති පොලිස් කාන්තා හා ළමා කාර්යංශයේ නිලධාරීන් සනත් ජයසූරිය ගේ අයුතු බලපෑම්වලට යටත් නොවී රධීෂා පෙරේරාව පැමිණිල්ල විභාග කිරීම සඳහා ඊයේ :18* එකී කාර්යංශයට ගෙන්වා ගෙන තිබේ’

ඇය එහිදී පවසා ඇත්තේ සනත් ජයසූරිය හා තමා අතර තම සැමියා පවසන ආකාරයේ කිසිදු අනිසි සබදතාවයක් නැති බවයි’ එසේ වුවද තමා තම සැමියාගෙන් වෙන්වීම සඳහා දික්කසාද නඩුවක් පවරන බව ප‍්‍රකාශ කොට තිබේ‘ එහිදී එම පැමිණිල්ල කරන ලද කේ’ඞී’වේලාරත්න නැමැති අය පවසා ඇත්තේ දරුවන්ට යම්කිසි අනතුරක් හෝ අපදාවක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම රධීෂා භාරගත යුතු බවයි’  පොලිස් කාන්තා හා ළමා කාර්යංශයේ නිලධාරීන් පැමිණිලිකරුට උපදෙස් දී ඇත්තේ දරුවන්ගේ භාරකාරත්වය සඳහා වෙනමම නඩුවක් වහා පවරන ලෙස’

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive