නිවාස ණය දෙන බව පවසා කාන්තාවන් බිලි ගන්නට කඩුවෙල ආසනය පුරා හොල්මන් සැරිසැරුවත් බුද්ධදාසලා කඩුවෙල ඉන්නතුරු හොල්මන්වලට සෙල්ලන් දාන්න ඉඩ දෙන්නේ නැති බව කඩුවෙල නගරාධිපති ජී.එච්. බුද්ධදාස මහතා කඩුවෙලදී ප්‍රකාශ කෙළේය.
කඩුවෙල ආසනයේත් එක්තරා විදියක යුද්ධයක් පවතින බව පැවැසූ නගරාධිපති බුද්ධදාස මහතා කඩුවෙල ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ කාන්තාවන් රැකගැනීමට තමන් හට යුද්ධයක් කිරීමට සිදුවී ඇතැයිද සඳහන් කෙළේය.
කඩුවෙල ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ප්‍රධාන සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිතුමා යටතේ එතුමාගේ උපදෙස් පරිදි අපි කඩුවෙල ආසනය පුරා සංවර්ධන කටයුතු මෙහෙයවනවා. කඩුවෙල මහ නගර සභාව, පළාත් සභාව, මධ්‍යම රජය එකිනෙකා අත්වැල් බැඳගනිමින් කටයුතු කරනවා. ඒක තමයි කඩුවෙල ආසනයේ දියුණුවේ රහස. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එකට එකතුවෙලා ඉන්නවා. කාන්තා සංවිධාන, තරුණ සංවිධාන ඉතා හොඳ ක්‍රියාකාරීත්වයේ පවතිනවා. මේ ශක්තිය රැකගන්න අපට එක්තරා විදියක යුද්ධයක් කරන්නත් වෙනවා. දැන් මෙතැන ප්‍රකාශ වුණා ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදී ක්‍රියා ගැන.
ප්‍රභාකරන්ගේ යුද්ධය ගැන. ප්‍රභාකරන් මුළු රටම අඳුරට ඇද දැම්මා. සංවර්ධනය කඩාකප්පල් කළා. අද කඩුවෙල ආසනයේත් එක්තරා විදියක යුද්ධයක් තිබෙනවා. කඩුවෙල ආසනයේ ශ්‍රීල.නි. පක්‍ෂයේ කාන්තාවන් රැකගන්න අපිට යුද්ධයක් කරන්න වෙලා තිබෙනවා. ප්‍රභාකරන්ටත් වඩා අති භයානක හස්තයක් අද කඩුවෙල ආසනය පුරා බලපරාක්‍රමය පතුරුවන්න උත්සාහ කරනවා. අද කඩුවෙල ආසනයේ කාන්තාවන් නිවාස ණය උගුලකට අසු කරමින් සිටිනවා. කඩුවෙල කාන්තාවන් බිලි ගන්නට කඩුවෙල ආසනය පුරා හොල්මන් සැරිසැරුවත් බුද්ධදාසලා කඩුවෙල ඉන්නකම් හොල්මන්වලට සෙල්ලං දාන්න දෙන්නේ නැති බවද පැවැසීය.

0 comments:
Post a Comment