ඊයේ පහරදුන් අය නොඇල්ලූවොත් ඡන්දය ගණින්නේ නෑ: මැකෝ වර්ජනයක---
ඊයේ මාතර සහකාර මැතිවරණ කොමසාරිස් අරුණ සෞම්‍ය ප්‍රනාන්දු මහතාට පහර දී මරණ තර්ජනය කිරීමට සම්බන්ධ ප්‍රධාන සැකකරුවා වූ මහ ඇමැති අපේක්ෂක චන්දිම රාසපුත්‍රගේ නම සහ පහරදුන්නා යැයි යන්න සඟවා ඊයේ ක්‍රියා කළ මැතිවරණ කොමසාරිස් වරයාට අද ඒ පාපය ගෙවන්නට සිදුව තිබේ. ඔහු ඊයේ මාධ්‍යයට කියා සිටියේ සිදුවීම පොලිසියට බාර දුන්
බවත් වැඩි දුර ප්‍රකාශයක් මැතිවරණයෙන් පසුව සිදුකරන බවත්ය.
අද මේ වන විටත් පොලිසිය කිසිදු සැකකරුවෙක් අත් අඩංගුවට ගෙන නැත. ඒ අනුව මැතිවරණ කොමසාරිස් වරයා නිල වශයෙන් දන්වා ඇත්තේ ඔවුන් අත් අඩංගුවට නොගන්නේ නම් ඡන්දය ගැනීම අත් හිටුවන බවයි.
මෙම සැකකරුවන් වරින් වර පැමිණ හැකිනම් අත් අඩංගුවට ගන්නැයි පවසන බවත් මෙකී තත්ත්වය මරණ තර්ජන එල්ල කිරීමටත් වඩා දරුණු බවත් පවසන මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුව අද දහවල් 12 ට පෙර අත් අඩංගුවට ගත් බව සනාථ නොකළහොත් ඡන්දය ගණන් කිරීම අත් අහිටුවීමට සිදුවන බව නියෝජ්‍ය පොලිස්පති පරිපාලන වෙත ලිඛිතව දන්වා ඇත.
එම ලිපිය මෙහි පහත දැක්වේ.

0 comments:
Post a Comment