facebook like

මංකොල්ලේ සැකකරු රොයිස් ප්‍රනාන්දු දිනුම්........ රතුපස්වල නියමුවෝ ජන්දෙන් පැරදෙති

ලොව පුරා ආන්දෝලනයක් ඇති කළ රතුපස්වල පානීය ජල ප්‍රශ්ණය ඉදිරියට ගෙන ගිය සුප්‍රසිද්ධ චරිත වන මහර ප්‍රාදේශිය සභා මන්ත්‍රි හා සියනෑ ජල සුරැකුම් සංවිධානයේ කැඳවුම්කරු වූ ප්‍රමිත හෙට්ටිආරච්චි සහ නීතිඥ උපුල් දේශප්‍රිය යන මහත්වරුන් පළාත් සභා මැතිවරණයෙන් පරාජයට පත් වී තිබේ. ඒ වගේම පසුගිය කාලයේ විවිධවිරෝධතා ඉදිරිපත් කරමින් කැපී පෙනුන පළාත් සභා මන්ත්‍රි මේජර් අජිත් ප්‍රසන්න (ගාල්ල) මෙන්ම කපිතාන් ප්‍රදීප් පෙරේරා යන මහත්වරුන්ටද මෙම ජන්දයේ දී අන්ත පරාජයකට මුහුණ දෙන්නට
සිදු වී ඇත.
මෙවර පළාත් සභා මැතිවරණය දෙස බැලීමේ දී පසුගිය කාලයේ සමාජයේ කැපී පෙනුන එවැනි ප්‍රසිද්ධ චරිත රැසක් අත්පත් කර ගෙන ඇත්තේ පරාජය බව පෙනේ.දකුණු පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක සිරි විජේවික්‍රම මහතාට මාතර එජාප ලැයිස්තුවේ හිමි වී ඇත්තේ හය වැනි තැනයි. එජාපය මෙවර මාතරින් දිනා ඇත්තේ ආසන හතරකි. ඒ වගේම මාතර හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි   එච්.ආර්.විමලසිරි මහතා ද පරාජයට පත් වී තිබේ.
ආණ්ඩුවේ පාර්ශවකරුවන් ලෙස කටයුතු කරන කොමියුනිස්ට්, සමසමාජ, ජාතික හෙළ උරුමය මෙන්ම ජාතික නිදහස් පෙරමුණේ අපේක්ෂකයන් රැසකට මෙවර ජන්දයේ දී පරාජය අත් වීය.හෙළ උරුමයේ තෙබුRoisවන පියනන්ද හිමි (කළුතර) ඇතුළු ගායක මධුමාධව අරවින්ද (ගම්පහ) විමල් වීරවංශ ඇමැතිවරයාගේ නායකත්වයෙන් යුක්ත ජාතික නිදහස් පෙරමුණේ ඉන්ද්‍රජිත් විජේවර්ධන (ගාල්ල) ලලන්ත ගුණසේකර (ගම්පහ) දර්ශන මල්ලව (ගම්පහ),ප්‍රියන්ත බෙල්ලන(කලුතර)පරාජයට පත් වූ ආණ්ඩුවේ පාර්ශවකරුවන් කීප දෙනෙකි.
පළාත් සභාව විසි පස් වසරක් නියෝජනය කළ කොමියුනිස්ට් පක්ෂයේ ගා.දේනෙත්ති (ගාල්ල) ශ්‍රිලනිප ගම්පහ දිස්ත්‍රික් සංවිධායක රෙහෙනසිරි වරාගොඩ, කැළණිය එජාප සංවිධායක බෙවන් පෙරේරා,කිත්සිරි මංචනායක, අත්තනගල්ල එජාප සංවිධායක චන්ද්‍රසෝම සරණලාල්, එජාපයේ උපුල්දේව වනවාසල යන ජනප්‍රිය චරිත මෙවර ජන්දයේ දී පරජයට පත්වීම විශේෂ සිද්ධියක් වී තිබේ.
රුපියල් දෙකෝටියේ මුදල් මංකොල්ලයක් සම්බන්ධයෙන් මේ වනවිට රැඳවුම් භාරයේ පසුවන මීගමුව එජාප සංවිධායක සහ මීගමුව නගර සභාවේ විපක්ෂ නායක රොයිස් ප්‍රනාන්දු මහතා ජන්දයේ දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් තේරී පත් වීම විශේෂ සිද්ධියකි.

මිහිරි ෆොන්සේකා

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive