පුස්සැල්ලාව පොලීසිය පසුගිය දවසක අපුරු ආකාරයේ නැන්දම්මා කෙනෙක් සහ බැණා කෙනෙක් අත්අඩංගුවට ගත්තා.
නැන්දම්මාගේ නම නිලන්ති. වයස 39යි. පදිංචිවෙලා හිටියේ කටුපත තොරණගෙදර. බෑණා රිනවුස්. වයස 22යි. නිලන්තිගේ දියණියක් තමයි ඔහු විවාහ කරගෙන සිටියේ. රිනවුස්ගේ පදිංචිය නාරම්මල.
රිනවුස් වෘත්තියෙන් ති‍්‍රරෝද රථ රියැදුරෙක් වුණත් ඊට අමතරව නැන්දම්මත් එක්ක එකතුවෙලා පාට් ටයිම් වැඩකුත් කළා. ඒ තමයි කොල්ලකන එක.
නැන්දම්මාගේ මෙහෙයවීමෙන් රිනවුස් කළ කොල්ලකෑම් ගැන හෙළි වෙන්නේ
පසුගිය දිනක ගම්පොළ පැත්තේ පුද්ගලයෙක් පොලීසියට කරන ලද පැමිණිල්ලකින් පසුවයි. ගම්පොළ මාපොල ප‍්‍රදේශයේ නිවසකින් මුදල් හා ජංගම දුරකථනයක් සොරකම් කිරීම තමයි ඒ පැමිණිල්ල. පුස්සැල්ලාව පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති එම්.එම්.එච්.එන් යාලේගම මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඒ ගැන පරීක්ෂණ ඇරඹුවා. අදාළ දුරකථනයේ දත්ත පදනම් කර ගනිමින් පරීක්ෂණ ආරම්භ කළා.
නාරම්මල පැත්තේ තරුණයෙක් ළඟ තිබිලා ඊට අදාළ ජංගම දුරකථනයක් සොයා ගත්තා. අත්අඩංගුවට පත් තරුණයා පැවසුවේ තමාට ජංගම දුරකථනය ලබාදුන්නේ නිලන්ති බවයි. ඊට පස්සේ නැන්දම්මත් පොලිස් අත්අඩංගුවට ගැනුණා. ඇයගෙන් කරන ලද ප‍්‍රශ්න කිරීම්වලදී අනාවරණ වුණේ මෙම සොරකමට සඳහා තම බෑණාද සම්බන්ධ බවයි. ඒ අනුව ඔහුද අත්අඩංගුවට ගැනුණා.
පොලීසිය කරන ලද මූලික පරීක්ෂණවලදී අනාවරණ වුණේ මේ නැන්දම්මා තම බෑණා සමග එක්ව කොල්ලකෑම් සහ ගෙවල් බිඳුම් 13ක් පමණ සිදු කර ඇති බවයි. නිලන්ති මෙලෙස අත්අඩංගුවට ගැනීමට පෙරදීත් ඇපමත නිදහස ලබා සිටිය තැනැත්තියක්.
මෙම නැන්දම්මා සහ බෑණා එක්ව දිවයිනේ විවිධ ප‍්‍රදේශවල සිදු කරන ලද ගෙවල් බිඳුම් හා කොල්ලකෑම් රැසක් පිළිබඳ තොරතුරු රැසක් අනාවරණ වෙමින් පවතින බව පොලීසිය පවසනවා.

0 comments:
Post a Comment