facebook like

එක්තරා පත්තරයක කර්තෘගේ දරුවන් ජනාධිපති අරමුදලෙන් ඇමෙරිකාවට යැව්වා

රටේ මාධ්‍ය ආයතන බිය ගන්වා, මුදලට මාධ්‍ය ආයතන මිලදී අරගෙන ඇතැම් මාධ්‍ය ආයතනවලට වරදාන ලබාදී මහින්ද රාජපක්‍ෂ මහතා රටේ මාධ්‍ය නිහඬ කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා චෝදනා කරයි.

ලංකාවේ ප්‍රධාන ජාතික පුවත්පතක කර්තෘවරයාගේ දරුවන් ජනාධිපති අරමුදලෙන් විදෙස් රටවලට යවා ඉගෙන ගැනීමට ඉඩ ලබාදී ඇති තත්ත්වයක් යටතේ එවැනි පුවත්පතක සත්‍ය වාර්තා වන්නේ
කෙසේදැයි හෙතෙම ප්‍රශ්න කරයි.
ආණ්ඩුවේ බැංකුවල චෙක්පත් එම මාධ්‍ය ආයතනයේ මුද්‍රණාලයේ මුද්‍රණය කෙරෙන කොන්ත්‍රාත්තුව යටතේ රටේ සිදුවන කිසිදු දෙයක් එවැනි මාධ්‍ය හරහා පළ නොවන බවද අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

ආණ්ඩුව විසින් මාධ්‍ය ආයතන නිහඬ කර ඇති බව පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම මෙසේද කීය.
අද ආණ්ඩුව සියලුම මාධ්‍ය ආයතනවලට සබ්බුව දීලා තියෙන්නේ. අද ආණ්ඩුවේ ස්තෝත්‍ර ගායනා කරනවා ඇරෙන්න ජනාධිපතිවරයාගේ නම කියලා එක කොටසක්වත් මාධ්‍යවල යන්නේ නැහැ.

සමහර මාධ්‍ය මහත්වරු අපි ළඟට ඇවිල්ලා කියනවා මහින්ද රාජපක්‍ෂ කියන නම නැතිව එක කොටසක්, දෙකක් හරි කියන්න කියලා. කතාව ඉවර වුණාම කියනවා අද නම් මොකක්වත් දානගන්න වෙන්නේ නැහැ. හැම තැනම ජනාධිපතිවරයාගේ නම තියෙනවා කියලා. ඇයි ඒ අද රටේ ඇත්ත මේ මාධ්‍යවලින් වාර්තා කරන්නේ නැහැ. හේතුව ආණ්ඩුව සියල්ලට කලින් මාධ්‍යවලට පහරදීලා තමයි වැඩේ පටන් ගත්තේ.
සිරස රූපවාහිනියට දෙපාරක් බෝම්බ ගැහුවා, ගිනි තිබ්බා. කවුරුවත් අත්අඩංගුවට ගන්න බැරි වුණා. පොලිසිය අදක්‍ෂද? නැහැ. රටේ ආන්දෝලනයට තුඩු දීපු සෑම ඝාතනයක්ම, අපරාධයක්ම ඉතා කෙටි කාලයක් ඇතුළතදී ඒවායේ සැකකරුවන් හොඳ ඉවකින් පොලිස් දෙපාර්තමේන්තුව අත්අඩංගුවට අරන් තිබෙනවා. සිරසට පහර දෙද්දී ඇයි කිසිවෙක් අත්අඩංගුවට ගත්තේ නැත්තේ. ඒක කළේ ආණ්ඩුව නිසා.

සියත රූපවාහිනියට බෝම්බ ගැහුවා, ඉරුදින පුවත්පතේ කාර්යාලයට ගිනි තිබ්බා, මුද්‍රණාලයට ගිනි තිබ්බා. කවුරුවත් අත්අඩංගුවට ගන්න බැරිවුණා. පොලිසිය අදක්‍ෂද? නැහැ. ඒවා කළේ ආණ්ඩුව. ලසන්ත වික්‍රමතුංග ඇතුළු මාධ්‍යවේදීන් 11 දෙනෙක් ඝාතනය කළා. කවුරුවත් අත්අඩංගුවට ගන්න බැරිවුණා. ඇයි පොලිසිය අදක්‍ෂද? නැහැ. ඒවා කළේ ආණ්ඩුව. මාධ්‍යවේදීන් විසි ගණනකගේ අත් කකුල් කැඩුවා. ආණ්ඩුව මේවා කරලා මාධ්‍ය නිහඬ කළා.

සමහර මාධ්‍ය ආයතන සල්ලිවලට ගත්තා. ලංකාවේ දැනට පළ වන ප්‍රධාන ජාතික පුවත්පතක් සිංහල සහ ඉංගී්‍රසි ඒ දෙකම මහින්ද මහත්තයාගේ ගෝලයෙක් සල්ලි දීලා ගත්තා. ලංකාවේ පසුගිය කාලයේ ආණ්ඩුව විරුද්ධව ලියපු සිංහල සහ ඉංගී්‍රසි පුවත්පතක් සල්ලි දීලා ගත්තා බැසිල් රාජපක්‍ෂ මහත්තයාගේ යාළුවෙක්.
සමහර මාධ්‍ය ආයතනවලට වරදාන දුන්නා. ලංකාවේ ප්‍රධාන ජාතික පුවත්පතක කර්තෘවරයාගේ දරුවන් දෙදෙනාම ඇමෙරිකාවට ඇරියා ජනාධිපති අරමුදලෙන් සල්ලි දීලා, ඉගෙන ගන්න. ආයි ඒ පත්තරේ ලියයිද? අපි කියන දේවල් පත්තරේ දායිද?

ලංකාවේ ප්‍රධාන ජාතික පුවත්පතක මුද්‍රණාලයක තමයි ආණ්ඩුවේ බැංකුවල චෙක්පත් මුද්‍රණය කෙරෙන්නෙ. ඒ කොන්ත්‍රාත්තුව දුන්නෙ මාධ්‍ය ආයතන බය කරලා. සල්ලි දීලා අරගෙන, මාධ්‍ය ආයතනවලට වරදාන දීලා අද රටේ සිදුවන කිසි දෙයක් නිවැරැදිව වාර්තා වෙන්නේ නැහැ. ඒ නිසා අද රටේ සිදුවන දේවල් රූපවාහිනියේ, රේඩියෝවේ, පත්තරේ දකින්නේ, ඇහෙන්නේ, ලියැවෙන්නේ නැහැ.
නමුත් සියල්ල නිහඬ කරමින් නිහඬ කරන්න බැරි හඬක් තියනවා. ඒ තමයි ජනතා විමුක්ති පෙරමුණේ හඬ. අද ගම් දනව් ගාණේ නගර ගාණේ ගිහිල්ලා රටට සිදුවෙලා තියෙන නස්පැත්තියේ විපත්තිය අපි කියන්න ලෑස්තියි.

ආණ්ඩුවේ තව නාළිකාවක් තිබෙනවා අයි.ටී.එන්. කියලා. ඔය නාළිකාවට උදේ හතට ඇමැතිවරු එන්නේ. අපි මූණ හෝදලා කට හෝදද්දී ඇමැතියා රූපවාහිනියේ. ඇවිල්ලා කියනවා ආර්ථිකය නැඟලා, දළ ජාතික නිෂ්පාදනය වැඩිවෙලාය, ගෙවුම් ශේෂය තුලනය වෙලාය, උණ්ඩුක පුච්චය සුව වෙලාය, බහිස්‍රාවී කටයුතු පහසු වෙලාය කියලා. බරපතළ වචන දාලා කියනවා ආර්ථිකය නැඟලලු හැටට හැටේ කියලා.

ආර්ථිකය නැඟලා නම් ඒවායේ ප්‍රතිඵලය ජනතාවට තියෙන්න ඕන. ආණ්ඩුව කියනවා ආර්ථිකය නැඟලාලු. නමුත් වෙළෙඳසල්වල ව්‍යාපාරිකයෝ කියනවා බිස්නස් නැහැලු. ඉස්පිරිතාලේ බෙහෙත් නැහැ. සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ මුදල් කපලා. අධ්‍යාපනයේ මුදල් හරි අඩකට වඩා කපලා.
මඟුල් මුද්ද, චේන් එක උකස් කඩේ. ආණ්ඩුව ආර්ථිකය නැඟලාලු. අද ලංකා ඉතිහාසයේ මතුවෙලා තියෙන දැවැන්තම ආර්ථික කඩා වැටීමට අපේ රට පත්වෙලා තිබෙනවා.

ඇමැති ඩලස් සමඟ ලංකාදීප කර්තෘ ආණ්ඩුවේ සංවර්ධන වැඩ නිරීක්ෂණ චාරිකාවක

ලංකාදීප කර්තෘ සිරි රණසිංහ මහතාගේ ඉල්ලීම පරිදි දෙයියන්දර ජාතික පාසල වැඩිදියුණු කිරීමේ කටයුතු සොයා බැලීම සඳහා යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පසුගියදා එම විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
සිරි රණසිංහ මහතා අධ්‍යාපනය ලැබූ මෙම පාසල වැඩිදියුණු කිරීම, ඒ මහතාද නියෝජනය කරන ආදි ශිෂ්‍ය සංගමයේ ඉල්ලීමක්ද වේ.

ක්‍රීඩා අමාත්‍ය, මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේද මැදිහත් වීම මත ක්‍රීඩා අමාත්‍යංශයේ ප්‍රතිපාදන යටතේ මෙම විදුහලේ ක්‍රීඩා පිටිය වැඩිදියුණු කිරීමට නියමිතය.
අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ක්‍රීඩා පිටිය වැඩිදියුණු කිරීමේ කටයුතු සිදුවිය යුතු ආකාරය පිළිබඳ සාකච්ඡාවක නිරත වන අයුරු ඉහත ඡායාරූපයේ දැක්වේ. තිහගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති, සුනිල් ඇල්ලදෙණියගේ, ලංකාදීප කර්තෘ සිරි රණසිංහ, ලංකාදීප නියෝජ්‍ය ප්‍රවෘත්ති කර්තෘ අජන්ත කුමාර අගලකඩ, විදුහල්පති ඩබ්.ඒ. අමරසිංහ යන මහත්වරුද ඡායාරූපයේ සිටිති.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive