අකැමැතිම සින්දුවක්
'සිරි සඟ බෝධි' රැප් කරලා මොකක්ද ඒ කළේ?
රැප් කරලා පරණ සින්දු කන වැඩේට නම් මං චුට්ටක්වත් කැමැති නෑ. 'සිරි සඟ බෝධි' සින්දුවට රැප් දාලා කරපු වැඩේට මං කැමැති නෑ. මොකද ඒක රැප් කරන්න ඕන සින්දුවක් නෙවෙයි. ඒ සින්දුවේ වචන ටික හරියට තේරුම් ගත්තා නම් ඒක රැප් කරන්නේ නෑ.
අකැමැතිම ගායකයෙක්?
කොහොම කියන්නද කටක් ඇරලා...
මගේම ක්‍ෂේත්‍රයේ කෙනෙක් නිසා කියන්නත් බෑ. ඒත් නොකියාත් බෑ. ඇත්තම කියනවා නම් සමහර ෂෝස්වලදී එයා එක්ක බහින් බස් වෙලා මං හැරිලා ගිහිල්ලාත් තියෙනවා.
අකැමැතිම චිත්‍රපටයත්?
'ඉචඹ' ආපහු නම් බලන්න ඕනම නෑ.
වර්ගීකරණය කළොත් ත්‍රාසජනක (ඩ්ධපපධප) ෆිල්ම්ස් බලන්න මං කොහොමත් කැමැති නෑ. 'ඉචඹ' කියලා චිත්‍රපටයක් ආවා. ඒකෙ හැමවෙලේම තිබුණේ කපනවා කොටනවා. ගොඩක් සාර්ථක වුණා. පාර්ට්ස් හයක් විතර ආවා. ඒත් මං නම් අකැමැතිම චිත්‍රපටයක්.
අකැමැතිම දේශපාලන චරිතය,
ඔබාමා.. ජනප්‍රියත් එයා ජන අප්‍රියත් එයා
ලංකාවේ නම් එක චරිතයක් නෙවෙයි ගොඩක් ඉන්නවා. පොදුවේ ගත්තොත් මං අකැමැතිම දේශපාලන චරිතයක් තමයි ඔබාමා. කේක් කෑල්ල කන්නත් ඕන. තියාගන්නත් ඕන වගේ චරිතයක්. මට නම් හිතෙන්නේ මේ වෙනකොට ගොඩක්ම ජනප්‍රිය චරිතයත් එයා. ජන අප්‍රිය චරිතයත් එයා.
අකැමැතිම නිළිය?
නයන්තාරා.. එයාගෙන් සැමියන් බේරාගන්න බෑ.. ඒකයි.
නයන්තාරා කියන නිළියට මං චුට්ටක්වත් කැමැති නෑ. ටැමිල් ෆිල්ම්ස්වල ඉන්න කෙනෙක්. තමන්ගේ හස්බන්ඩ් එක්ක නයන්තාරා රඟපානවාට ගොඩක් නළුවන්ගේ බිරින්දෑවරු කැමැති
නෑ. ඒ නිසා මගේ හිතෙත් එයා ගැන ලොකු පැහැදීමක් නෑ.
අකැමැතිම නළුවා? සල්මන්ට ලොකු කැමැත්තක් නෑ
එක වෙලාවකට සල්මන්ට කැමැතිම නෑ. සල්මන්ගේ චිත්‍රපටයක් වුණොත් බලන්න වැඩි කැමැත්තක් නෑ.
අකැමැතිම කැත පුරුද්දක්? කටින් එකක් කියලා හිතේ තව එක්ක තිබීම
ලොකුම කැත පුරුද්ද තමයි ප්‍රතිපත්තියක් නැතිකම. කටින් එකයි හිතේ තව එකකුයි තියාගෙන ඉන්නවට මං කැමැති නෑ.
ඔයාට කවුරු හරි කරනවට අකැමැතිම විහිළුවත්,
මං සීරියස් නෑ කියලා හිතන එක නම් මට පේන්න බෑ..
මගේ පෙනුම විහිළුවට ගන්නවට කැමැති නෑ. මං ගැන ඒ ගොල්ලො හදාගෙන ඉන්න ප්‍රතිරූපය තමයි මං කිසිම සීරියස් නැති කෙනෙක් කියලා. මගේ බාහිර පෙනුම ගැන හිතලා එහෙම විහිළු කරන එක නම් මට අල්ලන්නෙම නෑ. ආණ්ඩුවත් මට කළේ එහෙම දෙයක් නේ.
අකැමැතිම ක්‍රීඩාව?
ෆුට්බෝල් තමයි
ෆුට්බෝල්. ගෝල් එකක් වදින්න හෙණ වෙලාවක් යනවා. ඒකයි.
යන්න අකැමැතිම රටක්? ලංකාවේ මිනිස්සුන්ට බල්ලන්ට වගේ සලකන නිසා මැදපෙරදිග ඕනම නෑ
මම අත්දැකලා තියෙන දෙයක් තමයි එයාර්පෝර්ට් එකේ ඉඳලම ඒ ගොල්ලො ශ්‍රී ලාංකිකයන්ට සලකන්නේ කැත විදියට. මුළු ආසියාවෙම මිනිස්සුන්ට සලකන්නෙ බල්ලො ගාණට.
පිරිමි කෙනකුගේ දකින්න අකැමැතිම ගුණයක්? '
මං පොර' පිරිමින්ට කැමැති නෑ
තමන් ගැන ඕනවට වඩා ලොකුවට හිතන් ඉන්න පිරිමින්ට මං චුට්ටක්වත් කැමැති නෑ. විශේෂයෙන්ම 'මම තමයි පොර' කියලා හිතන් ඉන්න පිරිමින්ට මං කැමැතිම නෑ.
ජීවිතේට ආව අකැමැතිම දුරකතන ඇමැතුම
දුමින්ද සිල්වාගෙන් ආව ඇමැතුම තමයි..
මේ ඡන්දෙට ඉදිරිපත් වෙනවද කියලා. දුමින්ද සිල්වා මන්ත්‍රිතුමාගෙන් ආව දුරකතන ඇමැතුමට චුට්ටක්වත් කැමැති නෑ. මොකද ඒ නිසානේ පසුගිය කාලේ වෙච්ච සේරම දේවල් වුණේ.
සුභාෂිණී ගුණරත්න

0 comments:
Post a Comment