facebook like

විදුලි බිල අඩුකර ගැනීමට කැප වෙනවා.. පෙන්වා දුන්නාට ස්තූතියි.. – විමල් වීරවංශ (video)

කවර අරමුණෙන් තම නිල නිවසේ විදුලි බිල පිළිබඳව පෙන්වා දුන්නද එය යහපත් අරමුණෙන් භාර ගෙන එම විදුලි බිල හැකි පමණ අඩුකර ගැනීමට කැප වන බවත් නිල නිවසේ විදුලි බිල පිළිබඳව පෙන්වා දුන් අයට තම ස්තූතිය පුද කරන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ඒ මහතා මෙසේ පැවසුවේ පසුගියදා ජානිපෙ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී තම නිල නිවසේ විදුලි බිල පිළිබඳව පළව තිබූ පුවතක් සම්බන්ධයෙන් මාධ්‍යවේදී මහතකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදී වැඩිදුරටත් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.

‘ඒ විදුලි බිල මගේ නිල නිවසේ විදුලි බිල. ඒ නිල නිවසේ තිබෙනවා, දැවැන්ත
ආරක්‍ෂක විදුලි පහන්. ඒ වගේම නිල නිවස දෙපස තිබෙනවා තවත් කුඩා නිවාස දෙකක්. ඒ එක නිවසක රියදුරු මහතුන් සහ අනෙකේ ආරක්‍ෂක නිලධාරීන් සිටිනවා. මේ නිවාස තුනේම විදුලි බිල තමයි නිල නිවසේ විදුලි බිල ලෙස ලැබෙන්නේ. මීට පෙර මෙම නිල නිවසේ විදුලි බිල ඔය තරම් ඉහළ ගණනක් නොවූවත් ඒකක ගණන හැකි පමණ අඩුකර ගත්තත් විදුලි ගාස්තු ඉහළ යාමත් සමගම විදුලි බිල මෙවැනි අගයක් ගත්තා. ඔබ දන්නවා, යම් ඒකක ගණනක් ඉක්ම වූවාට පසු ගෘහස්ථ පාරිභෝගිකයන්ගේ විදුලි ගාස්තු වාණිජ කටයුතුවලට එම ඒකක ගණනට අය කරන ගාස්තුවටත් වඩා වැඩි වෙනවා. නව විදුලි ගාස්තු සංශෝධනය සමග යම් ඒකක ගණනක් ඉක්ම වූවාට පසු ගෘහස්ථ පාරිභෝගිකයන්ගේ විදුලි ගාස්තු විශාල ලෙස වැඩි වෙනවා. ඒ අනුව තමයි ඔය එක්ලක්‍ෂ ගණනක විදුලි බිලක් ලැබී තිබුණේ.

මම ‘කරන්ට්’ එකෙන් වැඩ කරන කෙනෙක් නොවෙයිනේ. අපේ ගෙදර විදුලි අවන් පාවිච්චි කරන්නේ නැහැ. නිල නිවසේ කලින් සිටම තිබුණු ආකාරයට අමුත්තන් සඳහා වූ කාමර 02ක් වායසමනය කර තිබෙනවා. මම වෙනත් නිවසක සිටියා නම් ඉහත කී ආරක්‍ෂක විදුලි පහන් පාවිච්චි වෙන්නේ නැහැ. ඒවා නිමා දමන්න මට බැහැ, ඒ එම ස්ථානය පැවතිය යුතු විදියක් තිබෙන නිසා.

විදුලි බිල සම්බන්ධයෙන් කීමේ වරදක් නැහැ. අපි සම්බන්ධයෙන් ඔවැනි දෙයක් තමයි කීමට ඇත්තේ. ඒකෙන්ම පෙනෙනවා අපට ගහන්න චෝදනා නැහැ කියලා. කොහොම වුණත් එවැනි දෙයක් හෝ පෙන්වා දීම ගැන මම ඒ අයට ස්තූතිවන්ත වෙනවා. මම කෙසේ හෝ උත්සාහ කරනවා මීට වඩා අඩු මට්ටමකට ඔය විදුලි බිල අඩු කර ගැනීමට. ඒකෙ ගෞරවය මට එය පෙන්වා දුන් අයටත් ලබා දෙනවා.’

ඔබගේ නිල නිවස සම්පූර්ණයෙන්ම වායුසමනය කරලාද තියෙන්නේ? යනුවෙන් එම මාධ්‍යවේදියා යළිත් ප‍්‍රශ්න කළ අතර, ඊට පිළිතුරු දුන් ඇමතිවරයා,

‘මම ඔබ සියලූ දෙනාම ඒ නිල නිවස බලන්න එක්ක යන්නම්. ඇවිල්ලා බලන්න. කලින් තිබුණු ආකාරයට අමුත්තන් සඳහා වෙන් වූ කාමර 02ක් පමණක් වායුසමනය කර තිබෙනවා. මම බොහොම සන්තෝෂ වෙනවා විදුලි බිල ගැන පෙන්වා දීම ගැන. එය හැකි පමණ අඩුකර ගැනීමට මම බලාපොරොත්තු වෙනවා. විදුලි බිල කියන්නේ අපේ තත්ත්වය ඉහළ යන සාධකයක් නොවෙයිනේ. නිල නිවසේ විදුලි බිල ගැන කියූ අය එසේ කියනු ලැබුවේ කවර අරමුණෙන් වුවත් එය මම යහපත් අරමුණෙන් භාර ගන්නවා. එය පුළුවන් තරමින් අඩුකර ගැනීමට කැපවෙනවා’
                                                                                                         

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive