facebook like

පිටිදූවේ සිරිධම්ම හිමි දිනුම්!

පිටිදූවේ සිරි ධම්ම හිමි ආන්දෝලනාත්මක භික්‍ෂු චරිතයකි. "මම රහත් මි" උන්වහන්සේ කළ ප්‍රකාශයක්‌ මෑත භාගයේ සංඝ සමාජය තුළ මහත් වියවුලක්‌ ඇති කළේය. කෙනෙකු රහත් භාවයට පත්ව ඇත්ද නැත්දැයි සොයන්නට ක්‍රමවේදයක්‌ ලොවෙහි නැත. සාමාන්‍ය බෞද්ධ පිළිගැනීම නම් රහතුන් වහන්සේ නම ඒ බව ප්‍රකාශ නොකරන බවයි. එහෙත් සිරිධම්ම හිමි තමා රහත් යෑයි ප්‍රකාශ කරයි. එය නැතැයි අසත්‍යයකැයි අප කියන්නේ කෙසේද? එබැවින් තාර්කිකව බැලුවහොත් සිරිධම්ම හිමි දිනුම්ය.

මස්‌ මාංශ අනුභවය අකැප නොවේදැයි පුවත්පත් කලාවේදිනියක්‌ සිරිධම්ම හිමි
ගෙන් අසා තිබුණි. ඊට පිළිතුරු දෙමින් එහිස්මි කියා තිබුණේ තමා විසින් සතුන් මරා අනුභව කරන්නේ නම් එය වරදක්‌ බවත්, එසේ නොවී ලැබෙන මස්‌ මාංශ අනුභව කිරීම වරදක්‌ නොවන බවත්ය. මස්‌ කෙසේ වෙතත් මාළු අනුභව නොකරන භික්‌ෂුන් වහන්සේලා සංඝ සමාජයේ සිටින්නේ අතළොස්‌සක්‌ පමණි. ඉදින් සිරිධම්ම හිමි වැරැදි යෑයි චෝදනා කරන්නට අපේ භික්‌ෂු සමාජයට ශක්‌තියක්‌ තිබේද? දානයට මොණර මස්‌ වැළ» භික්‌ෂුන් වහන්සේලා ගැන කතාන්දර බෞද්ධ සාහිත්‍යයේ එමට තිබේ. එසේ නම් මස්‌ මාංශ වැළඳීම අපට නරක ඇයි දැයි ප්‍රශ්න කිරීමේ වරදක්‌ නැත.

සිරිධම්ම හිමියෝ උපන් දිනය දා විශාල පුණ්‍ය කටයුත්තක්‌ කොට තිබුණි. නමින් මහා සංඝරත්නය ඇතුළු ජනකායට එම දානය පිරිනමා තිබුණි. එහිමිගේ උපන්දින කේක්‌ ගෙඩිය තනා තිබුණේ වටාපතක හැඩයටය.

ප්‍රධාන දායක දායිකාවන් ලෙස පැමිණ තිබෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා සහ සෝමා එදිරිසිංහ මහත්මියයි. ඒ දෙදෙනා කැඳවූයේ මන්දැයි පුවත්පත් කලාවේදිනිය ප්‍රශ්න කළ විට සිරිධම්ම හිමි අසා ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන දායක දායිකාවන් වී ඇත්තේ අනේ පිඬු සිටුවරයා සහ විශාඛා සිටුවරිය නම් තමා මේ දෙදෙනාට ආරාධනා කිරීමේ වරද කුමක්‌ද කියායි.

අප අදහන භෞතික ධර්මය අනුව නම් සිටුවර සිටුවරියන් ආකස්‌මිකව පහළ වන්නෝ නොවෙති. පොදු සමාජයට බෙදී යා යුතු ධනය එකෙකු අතට පත්වීමෙනි. ධනවතුන් බිහි වන්නේ මාක්‌ස්‌වාදය අනුව නම් සූරාකෑම නිසාය. ධනය එක්‌රැස්‌ කළ හැක්‌කේ දූෂණ හෝ හොරකමින් මිස සාධාරණ වූ සාධු සම්මතව නොවේ. බුදුරදුන්ගේ කාලයටද මේ න්‍යාය වලංගුය. එබැවින් අනේ පිඬු විශාඛා සිටුවර සිටුවරියන් වුවද සර්ව සාධාරණ පොහොසතුන් නොවේ.

එසේ වුවද බුදුරජුන්ගේද ප්‍ර්‍රධාන දායක දායිකාවන් වූයේ එවැනි අති ධනවතුන් නම් පිටිදූවේ සිරිධම්ම හිමිගේ දායක දායිකාවන්ගේ ධනවත්කම හෝ තරාතිරම ගැන ප්‍රශ්න කිරීමටද අපට අයිතියක්‌ නැත.

නමුත් තර්කය යනු හැම විටම සත්‍යය නොවේ. උසාවියේදී මිනීමරුවන් දූෂකයන් නිදහස්‌ වන්නේ නීතිඥයන්ගේ තර්කවල ඇති ශක්‌තිය නිසා මිස යුක්‌ති ධර්මයේ හෝ සත්‍යයේ වරදක්‌ නිසා නොවේ. සත්‍යය සත්‍ය ලෙස ලොව සැමදාම පවතී. තර්කයට සත්‍යයට තරම් පැවැත්මක්‌ නැත.

මෙරට භික්‌ෂු සමාජයේ සංඝනායක තනතුරු අතර අධිකරණ සංඝනායක නම් පදවියක්‌ද තිබේ. නිරන්තරව භික්‌ෂුන් වහන්සේලාට අසුවල් දිසාවේ අසුවල් දෙදිසාවේ සංඝනායක පදවි දෙනු පුවත්පත්වලින්ද, රූපවාහිනී ප්‍රවෘත්ති තුළින්ද අපි නිතර දකින්නෙමු. සිරිධම්ම හිමි මතු කරන ගැටලු විසඳිය යුත්තේ අධිකරණ සංඝනායක හිමිවරු විසිනි. අධිකරණ සංඝනායක කම් යනු බෙල්ලේ එල්ලා ගෙන සිටින තඹ දොයිතුවක වටිනාකමක්‌ නැති ආභරණ විනා අත් කිසිත් නොවන බව පෙනේ. අධිකරණ සංඝ සභා රට පුරා තිබියදී මිනීමැරුම් මංකොල්ලකෑම් චොදනාලත් භික්‍ෂූන් තවමත් චීවරධාරීව සිටිති.

මම රහත්මියි වදාළ පිටිදූවේ සිරිධම්ම හිමිට වඳින පුදන දායක දායිකාවන්ට ඉක්‌මනින් ධර්ම මාර්ගයට පිවිස අරහත් මඟටද පිවිසිය හැකි වනු ඇත. ඔවුන්ට අවසානයේ අමාමහ නිවන් සුව අත්පත් වේවායි අපිදු ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවේ පිනින් අපටද නිර්වාණ සම්පත්තිය ලැබේවා යෑයි අපිද අපටම ප්‍රාර්ථනා කර ගන්නෙමු.

චන්ද්‍රසිරි දොඩන්ගොඩ

1 comment: Leave Your Comments

  1. Meka liyapu ekatanam niwan labanna wenne naha. Meya mithya dushtikayek. Makswadiyek. Makswadaye kiwwa paliyata ane pidu situ saha vishaka upasikawa kohomada bola asadarana danapathiyo wenne. Moda tharka danna epa.
    Pitiduwe himige katha mama pilliganneth naha. Habai bududahamama boruwak newe. Meya kiyanne okkoma boru wagene. Umbata niwan dakinna baha yako......

    ReplyDelete

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive