උතුරු කොරියාවේ විශ්වවිද්‍යාල සිසුන්ට අමුතු ම ආකාරයේ නියෝගයක් පනවා තිබේ.
ඔවුන්ට නියෝග කර ඇත්තේ, උතුරු කොරියානු නායක කිම් ජොං උන්ගේ කොණ්ඩා මෝස්තරය අනුව සියලු සරසවි සිසුන් සිය හිස කෙස් කපා ගත යුතු බවට ය.
මෙම නව නීතිය පසුගිය සතියේදී උතුරු කොරියාවේ අගනුවර වන ප්යංයොං නගරයට හඳුන්වා දී ඇති අතර එය මේ වන විට
මුළු රට පුරා ම බලාත්මක කර තිබේ.
මේ සඳහා ඇතැම් විශ්වවිද්‍යාල සිසුන් විරෝධය පළ කර ඇති අතර ඔවුන් නිර්නාමිකව මාධ්‍ය වෙත පවසා ඇත්තේ, සෑම පුද්ගලයෙකුට ම එක ම කොණ්ඩා මෝස්තරය නොගැළපෙන බව ය.
එය සිය රටේ නායකයාට ගැළපුණ ද සියලු රට වැසියන්ට එය නොගැළපෙන බව ඔහු අවධාරණය කළේ ය.
චීනයේ වෙසෙන උතුරු කොරියානු තරුණයෙකු පවසා ඇත්තේ, සිය නායකයාගේ කොණ්ඩා මෝස්තරය චීනය තුළ හඳුන්වන්නේ ජාවාරම්කරුවන්ගේ කොණ්ඩා මෝස්තරය ලෙස බව ය.
මේ අතර, උතුරු කොරියාවේ හිස කෙස් කැපීම සඳහා ද සීමා පවතින අතර සාමාන්‍ය පිරිමින් සඳහා කොණ්ඩා මෝස්තර 10ක් සහ කාන්තාවන් සඳහා මෝස්තර 18ක් අනුමත කර තිබේ.
මේ අතර, වසර 17ක් උතුරු කොරියාව පාලනය කළ කිම් ජොං ඉල් සිය හිස කෙස් කපා ඇත්තේ, සිය උස වැඩි වී පෙනෙන ආකාරයක් දැක්වීමට බව විශ්ලේෂකයෝ පවසති.

0 comments:
Post a Comment