හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ දියණිය වන දුලාංජලී ජයකොඩි මහත්මියට රුපියල් විසි ලක්‍ෂයකට අධික වටිනාකම් ඇති හොර නෝට්ටු තොගය ලබා දුන් හික්කඩුව ආරච්චිගේ පිශාන්ත රෝලීන් පෙරේරා (48) නැමැත්තා බදාදා (26) කොළඹ අංක 01 මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පමුණුවා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසීය.
බදාදා (26) පෙරවරුවේ පොලිස් මූලස්ථානයේ පැවැති පුවත්පත් සාකච්ඡාවක දී අජිත්
රෝහණ මහතා මේ බව අනාවරණය කළේය.
දුලාංජලී ජයකොඩි මහත්මිය රුපියල් විසි ලක්‍ෂයකට අධික හොර නෝට්ටු තොගයක් කුරුඳුවත්ත ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බැංකුවක තැන්පත් කරන්නට අඟහරුවාදා (25) දහවල් 2.17 ට බැංකුව වෙත පැමිණියාය. ඇගේ පැමිණීම සම්බන්ධ සාක්කිය බැංකුවේ CCTV කැමරාවල ඉතා පැහැදිළිව සටහන් වී තිබේ.
රුපියල් විසි ලක්‍ෂයකට අධික මුදල් නෝට්ටු තොගය මිටි දෙකක් වන සේ සකසා තිබී ඇත. එක් මිටියක රුපියල් දස ලක්‍ෂයක්ද, අනෙක් මිටියේ රුපියල් දශ ලක්‍ෂ පහළොස්
දහසක්ද අඩංගු වී තිබිණ. මේවා කවර දෙකක බහා තිබී ඇත.
දුලාංජලී ජයකොඩි මහත්මිය මුදල් අඩංගු කවර දෙක බැංකුවේ අයකැමිවරිය අත තබා ඒවා නිවාස සමාගමකට අයත් ගිණුමක තැන්පත් කරන ලෙසත්, රුපියල් විසි ලක්‍ෂයක් කවර දෙකේ පවතින බවත් පවසා තිබේ.
ජයකොඩි මහත්මිය ඉහත කී නිවාස සමාගමින් නිවසක් මිලට ගෙන තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. එම නිවස වෙනුවෙන් මාසිකව තැන්පත් කළ යුතු වාරික කීපයක් ගෙවීමට ඇයට නොහැකි වී තිබේ. අදාළ වාරික කොටස් ගෙවා දැමීම සඳහා මෙම මුදල් තොගය දුලාංජලී ජයකොඩි මහත්මියට ලබා දී ඇත්තේ බත්තරමුල්ල ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක විධායක අධ්‍යක්ෂ වරයකු යැයි කියන මේ වනවිට අත්අඩංගුවේ පසුවන හික්කඩුව ආරච්චිගේ පිශාන්ත රොලීන් පෙරේරා විසින්ය.
පිශාන්ත රොලීන් නැමැත්තා විසින් පවත්වා ගෙන ගිය ඇඟලුම් කම්හලක නිෂ්පාදන කටයුතු වෙනුවෙන් දුලාංජලී ජයකොඩි මහත්මිය විසින් යම් මුදලක් යොදවා තිබේ. එම මුදලට අදාළ ලාභ කොටස් වශයෙන් මෙම රුපියල් ලක්‍ෂ විස්සට අධික මුදල තමන්ට පිශාන්ත විසින් ලබා දුන් බව දුලාංජලී ජයකොඩි මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂකවරුන්ට පවසා තිබේ. ඒ මෙම සිද්ධිය වූ 25 වැනිදා පෙරවරුවේය. මුදල් රැගෙන දුලාංජලී ජයකොඩි බැංකුවට පැමිණියේ ඉන් අනතුරුවය.
මුදල් තොගය අතට ගත් බැංකුවේ අයකැමිවරිය එය මුදල් ගණනය කරන යන්ත්‍රයට දැමීමත් සමග මුදල් ගණනය ප්‍රතික්ෂේප වී තිබේ. එයින් කලබලයට පත් වූ අයකැමිවරිය බැංකු කළමනාකාරීත්වය දැනුවත් කළාය. මුදල් තොගය පරීක්ෂා කළ බැංකු කළමණාකාරීත්වයට මේවා සියල්ල රුපියල් පන්දහසේ හොර නෝට්ටු බව හඳුනා ගන්නට සැනෙකින් හැකි විය. ඒ අනුව දුලාංජලී ජයකොඩි මහත්මිය දැනුවත් කරමින් ඇය බැංකු භාරයේ රඳවා ගෙන සිද්ධිය වහා පොලිස් මූලස්ථානයට දැනුම් දුන්නේය.
පොලිස් මූලස්ථානයේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් නෝට්ටු අංශයේ ප්‍රධාන සහකාර පොලිස් අධිකාරි පී.අම්පාවිල මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එසැනින් කුරුඳුවත්තේ පිහිටි බැංකුව බලා පිටත් වූහ.
මේ අතරේ දුලාංජලී ජයකොඩි තමන්ට රුපියල් විසි ලක්‍ෂයක මුදල ලබා දුන් රෝලීන් පෙරේරාට සිය ජංගම දුරකතනයෙන් අමතා සල්ලි තොගය හොර සල්ලි බවට පත් වී තිබෙන බව දැනුම් දී ඇතැයි පොලිසිය පවසයි. ඒ අනුව තවත් රුපියල් ලක්‍ෂ විස්සකට චෙක්පතක් ලියූ රෝලීන් පෙරේරා නැමැත්තා එයද රැගෙන බැංකුව වෙත පැමිණ ඇත. ඔහුගේ පැමිණීම ද බැංකුවේ CCTV කැමරාවල සටහන් වී ඇතැයි පොලිසිය කියයි.
බැංකුවෙන් ලද තොරතුරු අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මිනිත්තු දහයක් ඇතුළත බැංකුව වෙත පැමිණ දුලාංජලී ජයකොඩි මහත්මිය අත්අඩංගුවට ගත්හ. තවත් මොහොතකින් එම ස්ථානයට පැමිණි රෝලීන් පෙරේරා නැමැත්තාද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.ඔහු සතුව තිබී ඉහත සඳහන් චෙක්පත හමු වී තිබේ.
හොර නෝට්ටු සමග තමන් බැංකුවට අසු වූ බව දුලාංජලී ජයකොඩි මහත්මිය විසින් ඇයට එම මුදල් ලබා දුන් රෝලීන් පෙරේරා නැමැත්තාට පැවසූ පසු රුපියල් ලක්‍ෂ විස්සකට චෙක්පතක් ලියා ගෙන එම පුද්ගලයා බැංකුව වෙත පැමිණේවි යැයි විශ්වාස කිරීම තරමක් අසීරුය.
පිශාන්ත රෝලීන් පෙරේරා සහ දුලාංජලී ජයකොඩි මහත්මිය අතරේ කාලයක පටන් දැන හැඳුනුම්කමක් පැවැති බව පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී තිබේ. සැකකරුවා 1996 සිට 2000 වසර දක්වා එංගලන්තයේ අධ්‍යාපනය හදාරා තිබේ. කළමනාකරණ පාඨමාලාවක් හදාරා ඩිප්ලෝමාවක් දිනා ඇත.පරිඝනක විද්‍යාව පිළිබඳව ද ඔහු දැනුවත් ය. ඔහුගේ සහෝදර සහෝදරියන්ද ජීවත් වන්නේ විදේශවලය. 2000 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණ මොහු ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වී තිබේ.
සැකකරු අත්අඩංගුවට ගත් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස ද පරීක්ෂාවට ලක් කර ඇත. එහිදී නිවසේ තිබී මුද්‍රණය කළ රුපියල් පන්දහසේ හොර නෝට්ටු 424 ක් සොයා ගෙන තිබේ. ඒවායේ වටිනාකම රුපියල් විසිඑක් ලක්‍ෂ විසිදහසකි. අඩක් අවසන් කළ රුපියල් පන්දහසේ තවත් නෝට්ටු තොගයක්ද සොයා ගැණුනි. ඊට අමතරව ප්‍රින්ටරයක්, ඩොංගලයක්, A-4 කඩදාසි, මුද්‍රණය කළ නෝට්ටු අඩංගු ෂීට් කපන යන්ත්‍රයක්, ලැප්ටොප් සමග තවත් භාණ්ඩ රැසක් අත්අඩංගුවට ගැණුනි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් දුලාංජලී ජයකොඩි මහත්මිය සහ පිශාන්ත රෝලීන් නැමැත්තා පොලිස් මූලස්ථානය වෙත රැගෙන ගොස් ප්‍රශ්න කිරීම ආරම්භ කළහ. දෙදෙනා දෙතැනක තබා ප්‍රශ්න කිරීම් ඇරඹුණ අතර දුලාංජලී ජයකොඩි මහත්මියගෙන් පැය දොළහකට ආසන්න කාලයක් පුරා ප්‍රශ්න කරමින් ප්‍රකාශ සටහන් කරනු ලැබීය.
පිශාන්ත රෝලීන් නැමැත්තා තමන්ට රුපියල් විසි ලක්‍ෂයක් දුන් බව දුලාංජලී ජයකොඩි මහත්මිය පවසා තිබේ. රෝලීන් පෙරේරා පැවසුවේ දුලාංජලී මහත්මියට රුපියල් විසි ලක්‍ෂයක් අඟහරුවාදා (25) උදේ ලබා දුන් බවත් එම මුදල් ව්‍යාජ ඒවා බවත්ය. තමන්ගේ හොඳම මිතුරියකට හොර සල්ලි ලබා දෙන්නට මෙම පුද්ගලයා හිත හදා ගත්තේ කෙසේදැයි යන ප්‍රශ්නය මෙහිදී පැන නැගේ.
ප්‍රශ්න කිරීම් සිදුකර ගෙන යන අවස්ථාවේ හොර නෝට්ටු ජාවාරමට දුලාංජලී ජයකොඩි මහත්මියගේ සම්බන්ධයක් නැති බව අපරාධ පරීක්ෂණ නිලධාරින්ට පෙනී ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසුවේය. ඇය බැංකුවට මුදල් අඩංගු කවර දෙක ලබා දී පවසා ඇත්තේ ඒවායේ රුපියල් ලක්‍ෂ විස්සක් අඩංගු බවයි. නමුත් ගණනය කිරීමේ දී එහි රුපියල් විසි ලක්‍ෂ පහළොස් දහසක් තිබී ඇත. එයින් පෙනී යන්නේ මෙම මුදල් ඇය විසින් බැංකුවට පැමිණීමට පෙර ගණනය කර නොමැති බව යැයි අජිත් රෝහණ මහතා පවසයි. ඒ වගේම දුලාංජලී ජයකොඩි මහත්මිය හොර නෝට්ටු මුද්‍රණයට සම්බන්ධ වී නැති බව පරීක්ෂණවලදී පෙනී ගොස් ඇතැයි ඒ මහතා කියයි. කෙසේ වෙතත් දුලාංජලී ජයකොඩි මහත්මියගේ සහ පිශාන්ත රෝලීන් පෙරේරා ලබා දුන් ප්‍රකාශ දැඩි ලෙස විමර්ෂණයට ලක් කරන බව අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
දීර්ඝ ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසු දුලාංජලී ජයකොඩි මහත්මියට අපරාධ විමර්ෂණ දොපර්තමේන්තුවෙන් පිටවී යන්නට අවසර ලැබී ඇත.
හොර නෝට්ටු සමග අසු වූ දුලාංජලී ජයකොඩි මහත්මිය උසාවිය හමුවට ඉදිරිපත් නොකර යන්නට හැරීම සාධාරණ නීතියදැයි මෙහිදී රැස් වී සිටි ජනමාධ්‍යවේදීන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් දිගින් දිගටම ප්‍රශ්න කළහ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ දුලාංජලී ජයකොඩි මහත්මිය ව්‍යාජ මුදල් නෝට්ටු රැගෙන බැංකුව වෙත පැමිණ ඇත්තේ චේතාන්විත අපරාධයක් සිදු කිරීමේ අරමුණකින් නොවන බවයි. පරීක්ෂණවලදී ඒ බව අනාවරණය වීම නිසා ඇයට පොලිසියෙන් පිට වී යන්නට අවසර දුන් බව අජිත් රෝහණ මහතා කීවේය.
කෙසේ වෙතත් දුලාංජලී ජයකොඩි මහත්මිය හා පිශාන්ත රෝලීන් පෙරේරා ලබා දුන් ප්‍රකාශවල සඳහන් වෙනත් පුද්ගලයන්, ස්ථාන දැඩි පරීක්ෂාවට ලක් කර ඒවායේ සත්‍ය අසත්‍යතාව සොයා බලන්නට අපරාධ පරීක්ෂණ දොපර්තමේන්තුව කටයුතු කරනු ලැබේ. දුලාංජලී ජයකොඩි මහත්මිය රජයේ සාක්කිකරුවෙක් වේද නැත්නම් අත්අඩංගුවට පත්වේද යන්න එවිට තීරණය වන බව අජිත් රෝහණ මහතා පැවසීය.
කෙසේ වෙතත් මේවන විට පොලිස් අත්අඩංගුවේ පසුවන ප්‍රිශාන්ත පෙරේරා යන අය විසින් මුද්‍රණය කරන ලද රු.5000 හොර නෝට්ටුවලට අදාළව අනුක්‍රමික අංක මෙසේය. ඒවා නිවසේදී හමුවූ සහ බැංකුවේදී හමුවූ ලෙස වර්ගීකරණය කර ඇත.
නිවසේදී
අංක R/8-763216
අංක R/2-563286
අංක R/11-126904
අංක R/6-915796
අංක R/4-173787
අංක R/16-502107
අංක R/11-653764
අංක R/16-223695
අංක R/15-274760
අංක R/11-327321
අංක R/4-056918
අංක R/15-569025
අංක R/4-730176
අංක R/7-919782
අංක R/2-846160
අංක R/13-048119
අංක R/16-454759
අංක R/16-076694
අංක R/5-037145
අංක R/16-247362
අංක R/11-470930
අංක R/9-724345
අංක R/6-780615
අංක R/8-075518
අංක R/14-667233
බැංකුවේදී
අංක R/15-274760
අංක R/11-470930
අංක R/16-247362
අංක R/5-037145
අංක R/16-076694
ඒ අනුව ඉහත අනුක්‍රමික අංක සහිත රු.5000 මුදල් නෝට්ටු භාවිතාවන්නේද යන්න මහජනයා ප්‍රවේශම් සහගත විය යුතුය.

0 comments:
Post a Comment