මම මිනීමැරුවේ නැහැ. නිර්දෝෂි පුද්ගලයෙක් වන මට මේ කර ඇති චෝදනා නිසා මගේ මුළු ජීවිතයම විනාශ වී ඇතැයි මීගමුව රෝහලේදී තරුණියක් දූෂණය කර 6 වෙනි මහලෙන් බිමට තල්ලු කර මරා දමන ලදැයි කියන සිද්ධියේ සැකකාර වෛද්‍යවරයා 26 දා පැවැති නඩු විභාගයේදී විවෘත අධිකරණයේදී පැවැසීය. මීගමුව මහාධිකරණ විනිසුරු එම්.එම්.ඒ. ගපූර් මහතා ඉදිරියේ නඩු විභාගය පැවැත්වුණි.
මීගමුව මහ රෝහලේ ශල්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරයකු වශයෙන් සිටි මරදන්කඩවල ප්‍රදේශයේ පදිංචි ඉන්දික සුදර්ශනබාලගේ නමැති වෛද්‍යවරයා මෙම සිද්ධියට චෝදනා ලබා සිටියේය.
දඹගල්ල කටුකරුමණ්ඩිය පදිංචිව සිටි දිසානායක මුදියන්සේලාගේ
චමිලා දිසානායක නම් (එවකට) 22 වියේ පසු වූ ඇඟලුම් සේවිකාවක් බලහත්කාරයෙන් දූෂණය කර මීගමුව රෝහලින් බිමට තල්ලු කර මරා දමන ලදැයි සැකකාර වෛද්‍යවරයාට එරෙහිව ගොනු කර තිබූ පැමිණිල්‍ලේ සඳහන්ය.
සැකකාර වෛද්‍යවරයා විවෘත අධිකරණයේදි තවදුරටත් මෙසේ පැවැසීය.
මම පදිංචි මරදන්කඩවල. අම්මා විශ්‍රාමික ගුරුවරියක් පියා රියැදුරු මහතෙක් මම 5 වෙනි වසරේ ශිෂ්‍යත්ව විභාගයෙන් පාස්වෙලා නුවර ධර්මරාජ විද්‍යාලයට ඇතුළු වුණා. කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධිත රාගම වෛද්‍ය පීඨයට ඇතුළු වී එම්.බි.බි.එස්. වෛද්‍ය උපාධිය ලබා ගත්තා. 2006.10.23 දා මීගමුව රෝහලේ සීමාවාසික වෛද්‍යවරයෙක් ලෙස වැඩ භාර ගත්තා.
මීගමුව රෝහලේ 6 වෙනි මහලේ කාමරයක මම බිරිඳත් සමග නේවාසිකව සිටියා. බිරිඳ හෙදියක් ලෙස රාගම රෝහලේ රාජකාරි කළා. ඇය මීගමුව සිට රාගම රෝහලට රාජකාරියට ගියා. මගේ කාමරය අසල දුරකථන ක්‍රියාකරුගේ කාමරයත් තිබුණා.
පෙ.ව. 8.20ට පමණ වෛද්‍ය ඉන්දික ආව. 9.30ට පමණ මම 6 වෙනි මහලේ කාමරයේ වැසිකිළියට ගියා. බිරිඳ කාමරයේ සිටියා. මට කෝපි දෙන්ඩද කියලා බිරිඳ ඇසුවා. මම එපා කිව්වා. මම නැවත 10.30ට පමණ සායනයට ගොස් වෛද්‍ය ධම්මිකට උදව් කළා. මේ අවස්ථාවේ වෛද්‍ය ශිෂ්‍යයෙක් සිතාරා කියන ගෑනු ළමයෙක්ව සායනයට පරීක්ෂණය සඳහා කැඳවාගෙන ආවා. මම කිව්වා රතු නොම්බරයක් ගන්න කියලා ඊට පසු මම එම රෝගියාව පරික්ෂා කළා. ඇය හයිපතයිරොයිඩ් රෝගයෙන් පෙළෙන අයෙක් බව පෙනුණා. ඇය මේ සඳහා මීට පෙර බෙහෙත් අරගෙන නවත්වන ලද අයෙක්. නැවත එම රෝග මතුවෙලා. මම ඒ ගැන ඇගේ සායන පොතේ සටහන් කළා. විශේෂඥ වෛද්‍යවරයාට පෙන්වන තුරු එළියේ සිටින ලෙස ඇයට මම උපදෙස් දුන්නා. ටික වේලාවකින් මම බැලුවා ඇය එතන සිටියේ නැහැ. පහළ මහලයට ගිහිල්ලා බැලුවා එහෙත් නැහැ. මම කැන්ටිමෙන් කෝපි කෝප්පයක් බිලා නැවත සායනයට ආවා. එවිට එම තරුණියව විශේෂඥ වෛද්‍යවරිය වෙත යවන ලද බව කිව්වා.
විශේෂඥ වෛද්‍යවරයා බැලූ තරුණියව ඊ4 ඊ.ඉ.ඩ්. පරීක්ෂණය කරන්නට කියලා තුණ්ඩුවේ ලියලා තිබුණා. එයා මේක කොහෙන්ද කරන්න පුළුවන් පිටින් කරන්ඩ පුළුවන්ද කියලා මගෙන් ඇසුවා. මම කිව්වා පිටින් කරනා නම් රු. 170ක් විතර යයි කියලා. තුණ්ඩුව ඒ ළමයට දුන්නා. පුළුවන් කමක් තියෙනවා නම් කරන්ඩ කියලා.
මම 6 බි වාට්ටුවට කතා කරලා අලුතෙන් ඇතුළු වීමට රෝගීන් ඉන්නවද කියලා ඇසුවා. 2.00ට පමණ මම ශල්‍ය කාමරයට එන්න කිව්වා.
මම ශල්‍යාගාරයේ සිට කාමරයට ඇවිත් නැවත 2.30ට පමණ ශල්‍යාගාරයට ගියා. එහිදී ඔළුව තුවාල වුණු කාන්තාවක් කොළඹට යැවූ බව දැන ගත්තා.
මට දත්වල ආබාධයක් තිබුණා. මම දන්ත විශේෂඥ වෛද්‍යවරයෙක් හමුවීමට ගියා. 2007.11.26 වෛද්‍ය ධම්මික මහතාට පොළොන්නරුවට යාමට මාරුවක් ලැබ තිබුණා. ඔහුට සිහිවටනයක් දීමට මම ටවුමට ගියා. නැවත කාමරයට ආවා.
කාමරය අසල පොලීසියෙන් සිටියා. ගෑනු කෙනෙක්ව වැටිලා මැරිලා කියලා පොලීසිය කිව්වා. පොලීසිය කිව්වා මගේ කාමරය පරික්ෂා කිරීමට අවශ්‍ය බව මම මේ සම්බන්ධව වෛද්‍ය අධිකාරී ඇන්ටන් තිසේරා මහතාගෙන් දුරකථනයෙන් විමසුවා. ඔහු කීවා පොලිස් පරික්ෂණවලට සහය දෙන්න කියලා. පොලීසිය කාමරය පරික්ෂා කළා. මට රෝහල් පොලීසියට එන්ඩ කිව්වා. එහිදී මාව එම කාන්තාවගේ මරණය සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගත්තා.
මට මුකුත් අදහගන්ඩ බැරි වුණා. මුළු රෝහලේම අය බලන් සිටින විට මාව ජීප් එකට දාගත්තා. මගේ බිරිඳ ජීප් එක ළඟට ඇවිත් කිව්වා ඔයා වරදක් කරලා නැහැනේ හිත හදාගෙන ඉන්න කියලා.” මාව පොලීසියට ගෙනියලා අත් දෙක බැඳලා ඇඟිලි තුඩුවලින් එල්ලලා මට ගැහැව්වා. ඇත්ත කියපන් නැත්නම් මුහුදු වෙරළට ගෙනියලා වෙඩි තියලා මරනවා කිව්වා. අලුයම 4.00 වන තුරු ප්‍රශ්න කළා. අලුයම 5.00ට පමණ සිර කූඩුවට දැම්මා.
මම පටියකින් බෙල්ල තද කරගෙන මැරෙන්න හැදුවා. මැරුණේ නැහැ. මම ඇඳගෙන සිටි ටීෂර්ට් එකෙන් ඇදගෙන ගිහිල්ලා පොලීසිය මට ගැහැව්වා. පවිත්‍රතා අංශයේ බියට්‍රිස්ද එම ස්ථානයේ සිටියා. මාව හිර ගෙදරට දැම්මා.
මම කවදාවත් මිනියක් මරලා නැහැ. නොකළ වරදකටයි මට මේ චෝදනා කරන්නේ. මම මිනිස්සුන්ගේ ජීවිතය බේරාගන්නා වෛද්‍ය වරයෙක් අනේ මගේ ජීවිතය විනාශ වීමට ඉඩ දෙන්න එපා. සැකකාර වෛද්‍ය වරයා අවසාන වශයෙන් පැවැසීය.
විත්තිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ශ්‍රී ලාල් ප්‍රනාන්දු මහතා සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා හා තනුජ හතුරුසිංහ මහත්මිය පෙනී සිටි අතර අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ ප්‍රසන්න ලාල් ද අල්විස් හා නීතිඥ තුසිර මැලෙව්වෙ තන්ත්‍රි යන මහත්වරු ඉදිරිපත් වූහ. රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සුහර්ෂී හේරත් මහත්මිය පැමිණිල්ල මෙහෙයවීය.
රේමන් අපෝන්සු මීගමුව

0 comments:
Post a Comment