මේ රජයට වැඩියෙන් ගහන්නේ කුඩු, එතනෝල් ගෙන්වන අයයි. එවැනි ජරා වැඩ කරන එක්කෙනෙක් දෙන්නෙක් අපෙත් ඉන්නවා. ඔවුන් නිසා අපිත් අපහසුතාවට පත්වෙලා. රට හා සමාජය විනාශ කරලා ලැබෙන මුදල්වලින් වැඩක් නෑ. සමහර අය බුද්ධ ධර්මය විකෘති කරන වැඩ කරනවා.
මුදල් තිබුණ පළියට හොඳ බෞද්ධයෙක් වෙන්න බෑ. හොඳ බෞද්ධයකු විය හැක්කේ බෞද්ධ වත් පිළිවෙත් අනුගමනය කිරීමෙන්
ජීවත්වන කෙනකුට පමණයි. යැයි මධ්‍යම පළාත් සභාවේ ක්‍රීඩා, යෞවන, වනිතා කටයුතු, ග්‍රාම සංවර්ධන සහ තරුණ සේවා අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවැසීය.
ඒ මහතා එසේ පැවැසුවේ ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මැදබැද්ද පුරාණ ශ්‍රී බෝධිමළු විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකිරීමට යෝජිත පිවිසුම් වාහල්කඩ ෙදාරටුවට මුල්ගල තැබීමෙන් අනතුරුව විහාරස්ථ මළුවේ පසුගියදා පැවැති රැස්වීමකදීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.
අපේ ළමා කාලය ගෙවී ගියේ උතුරේ හා දකුණේ පැවැති භීෂණ යුගය සමඟයි. ඒ කාලයේ තැන් තැන්වල බෝම්බ පිපිරුණා. ලේ ගංගා ගලා ගියා. ටයර් සෑයවල්, මළමිනී පිලිස්සුණා, මේ වගේ දර්ශන නිසා සමාජය දරදඬු වෙනවා. මිනිස්කම බින්දුවට බැස්සා. කැරලි කෝලාහල තිබූ රටවලට අත්වී ඇති ඉරණම අපට පේනවා. නමුත් ශ්‍රී ලාංකික සමාජය තුළ අපේ මිනිස්කම ගිලිහී ගියේ නෑ.
ඒ සියල්ල රැක බලාගෙන ආරක්ෂා කරගන්නේ අපේ පන්සල හා මහා සංඝරත්නයයි. අපි කොපමණ සංවර්ධන වැඩ කළත් වැඩක් නෑ ගුණධර්මවලින් හෙබි සමාජයක් බිහි කරගැනීමට නොහැකිනම්. ඒ නිසා අපි අපේ දරුවන් යහමඟ යැවීමේ කටයුත්තට ප්‍රධාන තැන දිය යුතුයි යැයි පැවැසීය.
මෙහිදී විහාරාධිපති පූජ්‍ය රොටවැව පියදස්සි, පූජ්‍ය මහඔයේ නන්දිස්ස යන හිමිවරු අනුශාසනා පැවැත්වූහ. මධ්‍යම පළාත් සභා මන්ත්‍රි එල්.ඩී. නිමලසිරි (එජනිස) මහතා ඇතුළු තවත් කීප දෙනෙක් කතා කළහ.

0 comments:
Post a Comment