facebook like

ක්ලබ් එකේදි මොකද වුණේ?........හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කියයි

ජනතාවට පේන්නට ආණ්ඩුවත් විපක්ෂයත් මරා ගන්නේය. වේදිකා දෙවනත් කරන හැටි, එකිනෙකාගේ වැරැදි කියාගන්නා හැටි දකින ජනතාව හිතන්නේ 'මේ දැන් ගහගනියි' කියාය. එහෙම හිතන ජනතාව හැමදාම විපක්ෂයේ පාක්ෂිකයන්ට ගහති. තමන් වගේම දහදිය-මහන්සියෙන් ඔවුන් හදාගත් ගෙවල් කුඩු කරති. විපක්ෂයට ආණ්ඩු බලය ලැබුණු දාටත් කරන්නේ
ඒකමය.

ඒත් ආණ්ඩුවේත් - විපක්ෂයේත් ලොකු - ලොකු ඇත්තන් එහෙම කරන්නේ නැත. ඔවුහු ජනතාවට 'ආතල්'දී ක්ලබ්වලදී මුණගැසෙති. සුහද කතාබහ, රාත්‍රි ආහාර ගැනීම්, ප්‍රිය සම්භාෂණවල කෙළවරක් නැත.
මේ ඒ ජාතියේ අලුත්ම උදාහරණයකි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු මහතා පසුගිය දිනෙක කොළඹ එස්ඩෝර් සමාජ ශාලාවේ පැය කිහිපයක් ගත කිරීම දැඩි කතාබහට ලක්වූ කරුණක් විය.

හිරුණිකා එක්ක විතරක් නෙවෙයි නාමල් එක්කත් හැමදාම කතා කරනවා - හරීන් ප්‍රනාන්දු

• හිරුණිකා එක්ක ක්ලබ් එකේ හිටියද, නැද්ද...?
හිටියා.
• එහෙනම් සමහර මාධ්‍යවලට කියලා තිබුණේ එහෙම හම්බවුණේ නෑ කියලා...?
මම කිව්වේ නයිට් ක්ලබ් එකක හිටියේ නෑ කියලා. ඒක නයිට් ක්ලබ් එකක් නෙවෙයි. ක්ලබ් එකක්.
• හරි එස්ඩෝරා එකට ඔබ ගියේ තනියෙන්ද...?
මම තව යාළුවො තුන්දෙනෙක් එක්ක ගියේ.
• කවුද ඔය යාළුවෝ...?
මගේ යාළුවෙකුයි, එයාගේ බිරියයි, තව මගේ සහෝදරයෙකුයි.
• ඩිනර් එකට....?
ඔව්.
• හැමදාම ඔතැන්ට යනවද...?
සමහර වෙලාවට යනවා.
• හිරුණිකාව මීට කලිනුත් ඔතැනදි හම්බවෙලා තියෙනවද...?
නෑ. මෙතැන අපි යනකොට හිටියා. කතා නොකර ඉන්න පුළුවන්ද? බෑනෙ.
•හොඳටම ළං වෙලාලු නේද කතා කර-කර හිටියේ...?
එතැන බෑන්ඩ් එකක් ගැහුවා. සද්දෙ. ඒක නිසා ළංවෙලා තමයි කතා කර-කර හිටියේ. අනෙක අපි අතර සමීප යාළුකමක් තියෙනවනෙ. දැක්කහම කතා බහ කරනවා. ඡන්දෙ ඉල්ලන්න කලින් ඉඳලයි මම එයාව දන්නෙ. මේක කාන්තා පාර්ශ්වයක් වෙච්ච එකනෙ ප්‍රශ්නෙ. පිරිමිත් එක්ක අපි කර උඩ නැගෙන ඉන්නේ.
• ඕක ගොඩාක් පරණ යාළුකමක්ද...?
අවුරුදු එකහමාරක් විතර ඇති.
• කොහොමද ඕක හැදුණේ....?
එතුමියගේ පියාගේ ඝාතනය ගැන මම මොනව හරි ප්‍රකාශයක් කළා. ඒකෙන් පස්සේ තමයි අපි දෙන්නා කතා කරන්න පටන් ගත්තේ.
• මොනවද එතැන කතා කළේ? හිරුණිකා කියලා තිබුණෙ ඒවා කියන්න බෑ කියලා...
එහෙම විශේෂ දෙයක් නම් නෑ. එතුමියගෙ තාත්තාගෙ නඩු තීන්දුව එදානෙ දුන්නෙ. මහාධිකරණයට නඩුව දානවද- නැද්ද කියන එක. දේශපාලනය ගැනත් කතා කළා. එච්චරයි. එතැන කිසි විශේෂයක් නෑ. එහෙනම් මම නාමල් එක්කත් හැමදාම කතා කරනවනෙ.

සද්දෙට සින්දු තිබුණ හින්දා ළඟට වෙලා කතා කළා - හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

• හිරුණිකා සතියකට දවසක් කීයක් විතර ක්ලබ් යනවද...?
මගේ ජීවිතේට ගිහිල්ල නෑ.
• එතකොට එස්ඩෝර් ක්ලබ් එකේ...?
ඒක තමයි මං කියන්න හැදුවෙ. පළමුවැනි වතාවට එතැනට ගියේ. එතැනදි තමයි හරීන් හම්බ වුණේ.
• ඒ කියන්නේ මීට කලින් ජීවිතේටම හිරුණිකා ක්ලබ් ගිහින් නෑ....?
ලංකාවෙ ඕනෙම කෙනෙක්ගෙන් අහන්න.
හරි. මේ සිද්ධිය ගැන කතා කරමුකෝ එහෙනම්...?
අපි ඔය ක්ලබ් එකට කන්න ගියේ. එතැන්ට මන්ත්‍රිතුමා ආවා. අපි හොඳ යාළුවොනෙ. කතා කර-කර හිටියා. එච්චරයි.
• එතැන දෙන්නා හැසිරුණු විදිය ගැන වටේ හිටපු අය කට ඇරන් බලන් හිටියා කියලත් ආරංචියි.....?
ඒක නම් මම දන්නේ නෑ. එතැන සද්දෙට සින්දු තිබුණා. ඒක නිසා ළඟට වෙලා කතා කර - කර හිටියා. එයා විපක්ෂයෙ හිටියට අපි දෙන්නා හොඳ මිතුරො.
• ඒක හුඟක් පරණ යාළුකමක්ද....?
නෑ. මගේ තාත්තා නැතිවෙච්ච දවසෙ ඉඳන් හරීන් ඒ අසාධාරණය වෙනුවෙන් කතා කළා.
• බස්නාහිර පළාත් සභාවෙ වැඩිම මනාප ගත්ත හිරුණිකායි, උෟව පළාත් සභා ඡන්දෙට එන්න හදන හරීනුයි නිකම්ම කතා කළා වෙන්නත් බෑනේ...?
එහෙනම් මම විපක්ෂෙ කොච්ච අයත් එක්ක යාළු මිත්‍රකම් පවත්වනවද. උදාර රත්නායක, කවින්ද ජයවර්ධන මගෙ හොඳ යාළුවො. අපි එකට හැදුණෙ-වැඩුණෙ. පොඩි කාලෙ ඉඳන් එකට ඉස්කෝලෙ ගියේ.
• ඊට එහා මොකුත්ම කතා කළේ නෑ...?
අපෝ නෑ. එයා හොඳ යාළුවෙක්.
• සාමාන්‍යයෙන් හිරුණිකා මත්පැන් පානය කරනවද...?
නෑ. නෑ. මම බොන්නෙ නෑ.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive