මීගමුව මහ රෝහල වෙත පැමිණි අවිවාහක රූමත් ඇඟලුම් සේවිකාවක අමානුෂික ලෙස දූෂණය කර ඇය රෝහලේ 6 වැනි මහලෙන් තල්ලු කොට කෲර ලෙස ඝාතනය කිරීම සම්බන්ධව වැරදිකරු වූ මීගමුව මහ රෝහලේ සේවය කළ මරදන්කඩවල ඉන්දික සුදර්ශන බාලගේ නමැති 34 හැවිරිදි වෛද්‍යවරයාට මීගමුව මහාධිකරණ විනිසුරු එම්. එම්. ඒ. ගෆූර් මහතා විසින් ඊයේ (03 වැනිදා) මරණීය දණ්‌ඩනය නියම කරන ලදි.
ඊට අමතරව ඇඟලුම් සේවිකාව දූෂණය කිරීමේ වරද සම්බන්ධව වසර 15 ක බරපතල වැඩ සහිත සිරදඬුවම් සහ රුපියල් දස දහසක දඩ මුදලක් ගෙවීමට ද වෛද්‍යවරයාට නියම විය.
මෙම දොස්‌තර රාගම මහරෝහලේ හෙද සේවිකාවක සමඟ විවාහ වී සිටි එක් දරු පියෙකි. 2007 නොවැම්බර් මස 12 වැනි දින මීගමුව මහ රෝහලට වෛද්‍ය සායනයකට සහභාගි වීම සඳහා පැමිණසිටි අවිවාහක ඇඟලුම් සේවිකාවක වූ චමිලා දිසානායක නමැති 22 හැවිරිදි සුරූපී තරුණිය රෝහල් පරිශ්‍රය තුළදී දූෂණය කර පසුව ඇය රෝහලේ සයවන මහලෙන් බිමට තල්ලු කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් එම වෛද්‍යවරයාට එරෙහි නීතිපතිවරයා මීගමුව මහාධිකරණය හමුවේ නඩු පවරා තිබිණි. ඝාතනයට ලක්‌වූ චමිලා දිසානායක මෙනවිය එවකට කටුනායක ආයතනයක ඇඟලුම් සේවිකාවක් වූ අතර ඇය මොනරාගල දඹුලුගල ගම්මානයේ පදිංචිකාරියකි.
ඇය සේවය කරන අතරතුර ඇගේ පියයුරක ඇති වූ ආබාධයකට පියයුරු සැත්කමක් කොට තිබිණි. එම සැත්කමෙන් අනතුරුව ඇය වෛද්‍ය සායනයකට සහභාගි වීම සඳහා මීගමුව දිස්‌ත්‍රික් මහ රෝහලට පැමිණි අවස්‌ථාවේ මෙම කුරිරු ඉරණමට ලක් විය.
නඩු විභාගයේදී ඉදිරිපත් වූ සාක්‍ෂි අනුව චමිලා දිසානායක මෙනවිය වෛද්‍ය සායනයට සහභාගිවීම සඳහා පැමිණි අවස්‌ථාවේ එදින වෛද්‍ය සායනය පවත්වා ඇත්තේ මීගමුව දිස්‌ත්‍රික් මහරෝහලේ එවකට සහාය ශල්‍ය වෛද්‍යවරයකු මෙන්ම සහායක නිර්වින්දන වෛද්‍යවරයකු ලෙස සේවය කරන මෙම විත්තිකරු විසිනි.
වෛද්‍ය සායනයට සහභාගි වූ චමිලා දිසානායක මෙනවියගේ වෛද්‍ය සායනයට අදාළ පොත වෛද්‍ය සායනයේ තිබී අස්‌ථානගත වී ඇති අතර එම පොත සෙවීම සඳහා යෑයි විත්තිකරු චමිලා දිසානායක මෙනවිය කැඳවාගෙන විදුලි සෝපානය (ලිෆ්ට්) මගින් ඉහළ මහලයකට ගොස් ඇත. ඒ බව සාක්‍ෂි ඉදිරිපත් කිරීමේදී හෙළි විය.
එසේ විත්තිකරු විසින් ඉහළ මාලයකට කැඳවාගෙන ගිය චමිලා දිසානායක මෙනවිය ඊට හෝරාවකට පමණ පසුව රෝහලේ සය (6) වන මහලින් බිමට වැටී බරපතල තුවාල ලබා මියගොස් ඇත. පසුව මෙම සැක කටයුතු මරණය පිළිබඳව මීගමුව පොලිසිය මගින් සිදු කළ පුළුල් පොලිස් විමර්ශනවලදී විත්තිකරු විසින් කිසිවකු කාඩ්බෝඩයක දමා ඇදගෙන යන අයුරු එහි පිරිසිදු කිරීමේ නියුතුව සිටි බියට්‍රිස් නමැති සේවිකාවක් දැක තිබේ. ඉන් අනතුරුව පොලිසිය සිදු කළ පුළුල් විමර්ශනවලදී විත්තිකරු සහ ඔහුගේ බිරිඳ නේවාසිකව විසූ කාමරයට ඉදිරි පාළු කාමරයක සඟවා තිබූ සිද්ධියෙන් මියගිය චමිලා දිසානායක මෙනවියගේ රුධිරය තැවරුණු යට ඇඳුම් දෙකත්, ඇගේ ගමන් බෑගය, කුඩය, වෛද්‍ය සායන පොත සහ ඇගේ ජාතික හැඳුනුම්පත හමුවී ඇත.
එම වෛද්‍ය සායන පොතෙහි එදින වෛද්‍ය නිර්දේශ සටහන් කර ඇත්තේ විත්තිකරුගේ අත්අකුරින් බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වීය. විත්තිකරු විසින් චමිලා දිසානායක මෙනවිය තම නේවාසිකාගාරයේ කාමරය තුළ දූෂණය කරනු ලැබූ අවස්‌ථාවේ විත්තිකරුගේ බිරිඳ වූ රාගම මහරෝහලේ හෙදිය එහි සිට නැත.
නඩු තීන්දුව ප්‍රකාශ කරමින් මහාධිකරණ විනිසුරු එම්. එම්. ඒ. ගෆූර් මහතා අධිකරණය අමතමින් මෙසේ කීය.

"මෙම නඩුව පරිවේශනීය සාක්‍ෂි මත සාධාරණ සැකයෙන් ඔබ්බට ගොස් ඔප්පු වූ නඩුවක්. මෙම නඩු තීන්දුව දීමට පෙර අධිකරණයෙන් තීන්දු ලබා දුන් පරිවේශන සාක්‍ෂි මත ඔප්පු වූ නඩු ගණනාවක් මා අධ්‍යයනය කළා. අවධානය යොමු කළා. අධිකරණය නිත්‍යානුකූලව නඩු විසඳිය යුතුයි. අධිකරණය දෙන තීන්දු දෙස මහජනයා ඕනෑකමින් බලා සිටිනවා. සමස්‌ත සාක්‍ෂි විශ්ලේෂණය කිරීමේදී විත්තිකරුට එල්ල වූ සියලු චෝදනා සැකයෙන් තොරව ඔප්පු වී ඇත."
මෙහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ශ්‍රී ලාල් ප්‍රනාන්දු මහතා -
විත්තිකරු මරදන්කඩවල වැනි ග්‍රාමීය පරිසරයක උපත ලබා නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් වෛද්‍ය උපාධිය ලබා වෛද්‍යවරයකු වුණා. විත්තිකරු හැමදාම පෙනී සිටියේ මිනිස් ජීවිත බේරන්න මිස මිනිස් ජීවිත නැති කරන්න නොවෙයි. මොහු කුඩා දැරියකගේ පියෙක්. මව විශ්‍රාමික ගුරුවරියක්. එහෙත් කුරිරු ඉරණම විසින් විත්තිකරු මෙවැනි අවාසනාවන්ත ඉරණමකට පත් කළා. මොහු නිර්දෝෂයි. මෙම විත්තිකරු පසුවන්නේ තරුණ වයසෙයි. ඔහුට එරෙහිව පවතින නඩු හෝ පෙරවැරදි නැහැ. විත්තිකරුට දඬුවම් නියම කිරීමේදී එම තත්ත්වය සැලකිල්ලට ගෙන ලිහිල් දඬුවමක් පමණුවන ලෙසට ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
මෙහිදී රජයේ අධි නීතිඥ ක්‍රිසංගා ප්‍රනාන්දු මෙනවියගේ සහය ඇතිව පැමිණිල්ල මෙහෙය වූ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ නවරත්න මාරසිංහ මහතා මෙසේ කීය.
"වෛද්‍යවරයාගේ ප්‍රධාන කාර්ය විය යුත්තේ ජනතාව ජීවත් කරවීමයි. මෙම විත්තිකරු අතින් ඝාතනයට ලක් වූයේ 22 හැවිරිදි අවිවාහක තරුණියකි. ඇය මොනරාගල තම්පලාව දඹුලුගල සිට කටුනායකට පැමිණෙන්නේ තම පවුල නඩත්තු කිරීම සඳහා යමක් හරි හම්බ කිරීමටයි. වෛද්‍යවරයකු මෙවැනි තත්ත්වයකට පත්වේ නම් අසනීප වූ ලෙඩෙක් ප්‍රතිකාර ලබා ගන්න යන්නේ කොහාටද? ඇය කටුනායක ආයතනයක සේවය කළේ ඇඟලුම් සේවිකාවක් ලෙසයි. ඇය රෝහලට ආවේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ජීවත් වෙන්නයි. එහෙත් සිදු වුණේ ඊට හාත්පසින් වෙනස් දෙයක්. මෙම තරුණිය දූෂණයට ලක්‌ව තිබුණා. ඝාතනය කිරීමට පෙර ඇගේ ගෙල මිරිකා තිබුණා. මියගිය තරුණියගේ බාහිර තුවාල 60 ක් තිබුණා. මෙම මරණයේදී සිදුවූ බරපතල භාවය නිසා රටේ විශාල මහජන කැළඹීමක් සිදුවන්න ඉඩ තිබුණා. මෙම නඩු තීන්දුව පිළිබඳව අවට සමාජය බලා සිටිනවා. අවුරුදු 22 ක අවිවාහක තරුණියකට සිදු කළ මෙම අමානුෂික ක්‍රියාවට අධිකරණයෙන් උපරිම දඬුවම් ලබා දෙන්න"
මෙම සිද්ධියේදී මියගිය චමිලා දිසානායක මෙනවියගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ තුසිත මැලැව්වේතන්ත්‍රී මහතා සමග පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රසන්න ලාල් ද අල්විස් මහතා -
"මෙම සිද්ධියේදී කෲර වධ බන්ධනවලට ලක්‌ව මියගිය චමිලා දිසානායක මෙනවිය මොනරාගල දඹුලුගල සිට කටුනායකට පැමිණියේ රැකියාවක් කර යමක් හරි හම්බ කර ගැනීමේ අහිංසක චේතනාවෙන්. රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි අවස්‌ථාවේ ඇගේ කන්‍යාභාවයත් නැතිවී ජීවිතය පවා පුදන්න වුණා. චමිලා දිසානායක මෙනවිය මෙම කුරිරු ඉරණමට ලක් කළ විත්තිකරු ට නීතියේ නාමයෙන් උපරිම දඬුවම් ලබාදෙන ලෙසට අයෑද සිටිනවා".
මරණීය දඬුවම් නියමවීමට පෙර අධිකරණය හමුවේ ප්‍රකාශයක් කරමින් ඉන්දික සුදර්ශන බාලගේ නම් වෛද්‍යවරයා මෙසේ පැවසීය.
"උතුමාණනි, මම ඉපදුණේ මනුෂ්‍යයන් ජීවත් කරන්න මිස මිනිසුන් ඝාතනය කිරීමට නෙවෙයි. මට විරද්ධව පොලිසිය බොරු සාක්‍ෂි ගෙතුවා. වසර 7 ක් මම දුක් වින්දා. මෙම සිද්ධියට අදාළ ඝාතකයන් දැනටමත් මීගමුව රෝහල තුළ සිටිනවා.
මරණ දඬුවම් නියම වූ වෛද්‍යවරයා බන්ධනාගාර ගතව සිටියදී අවස්‌ථා දෙකකදී ගෙල වැලලාගෙන දිවි හානි කර ගැනීමට තැත් කර තිබිණි.
ඊට අමතරව ඇඟලුම් සේවිකාව දූෂණය කිරීමේ වරද සම්බන්ධව වසර 15 ක බරපතල වැඩ සහිත සිරදඬුවම් සහ රුපියල් දස දහසක දඩ මුදලක් ගෙවීමට ද වෛද්‍යවරයාට නියම විය.
මෙම දොස්‌තර රාගම මහරෝහලේ හෙද සේවිකාවක සමඟ විවාහ වී සිටි එක් දරු පියෙකි. 2007 නොවැම්බර් මස 12 වැනි දින මීගමුව මහ රෝහලට වෛද්‍ය සායනයකට සහභාගි වීම සඳහා පැමිණසිටි අවිවාහක ඇඟලුම් සේවිකාවක වූ චමිලා දිසානායක නමැති 22 හැවිරිදි සුරූපී තරුණිය රෝහල් පරිශ්‍රය තුළදී දූෂණය කර පසුව ඇය රෝහලේ සයවන මහලෙන් බිමට තල්ලු කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් එම වෛද්‍යවරයාට එරෙහි නීතිපතිවරයා මීගමුව මහාධිකරණය හමුවේ නඩු පවරා තිබිණි. ඝාතනයට ලක්‌වූ චමිලා දිසානායක මෙනවිය එවකට කටුනායක ආයතනයක ඇඟලුම් සේවිකාවක් වූ අතර ඇය මොනරාගල දඹුලුගල ගම්මානයේ පදිංචිකාරියකි.
ඇය සේවය කරන අතරතුර ඇගේ පියයුරක ඇති වූ ආබාධයකට පියයුරු සැත්කමක් කොට තිබිණි. එම සැත්කමෙන් අනතුරුව ඇය වෛද්‍ය සායනයකට සහභාගි වීම සඳහා මීගමුව දිස්‌ත්‍රික් මහ රෝහලට පැමිණි අවස්‌ථාවේ මෙම කුරිරු ඉරණමට ලක් විය.
නඩු විභාගයේදී ඉදිරිපත් වූ සාක්‍ෂි අනුව චමිලා දිසානායක මෙනවිය වෛද්‍ය සායනයට සහභාගිවීම සඳහා පැමිණි අවස්‌ථාවේ එදින වෛද්‍ය සායනය පවත්වා ඇත්තේ මීගමුව දිස්‌ත්‍රික් මහරෝහලේ එවකට සහාය ශල්‍ය වෛද්‍යවරයකු මෙන්ම සහායක නිර්වින්දන වෛද්‍යවරයකු ලෙස සේවය කරන මෙම විත්තිකරු විසිනි.
වෛද්‍ය සායනයට සහභාගි වූ චමිලා දිසානායක මෙනවියගේ වෛද්‍ය සායනයට අදාළ පොත වෛද්‍ය සායනයේ තිබී අස්‌ථානගත වී ඇති අතර එම පොත සෙවීම සඳහා යෑයි විත්තිකරු චමිලා දිසානායක මෙනවිය කැඳවාගෙන විදුලි සෝපානය (ලිෆ්ට්) මගින් ඉහළ මහලයකට ගොස් ඇත. ඒ බව සාක්‍ෂි ඉදිරිපත් කිරීමේදී හෙළි විය.
එසේ විත්තිකරු විසින් ඉහළ මාලයකට කැඳවාගෙන ගිය චමිලා දිසානායක මෙනවිය ඊට හෝරාවකට පමණ පසුව රෝහලේ සය (6) වන මහලින් බිමට වැටී බරපතල තුවාල ලබා මියගොස් ඇත. පසුව මෙම සැක කටයුතු මරණය පිළිබඳව මීගමුව පොලිසිය මගින් සිදු කළ පුළුල් පොලිස් විමර්ශනවලදී විත්තිකරු විසින් කිසිවකු කාඩ්බෝඩයක දමා ඇදගෙන යන අයුරු එහි පිරිසිදු කිරීමේ නියුතුව සිටි බියට්‍රිස් නමැති සේවිකාවක් දැක තිබේ. ඉන් අනතුරුව පොලිසිය සිදු කළ පුළුල් විමර්ශනවලදී විත්තිකරු සහ ඔහුගේ බිරිඳ නේවාසිකව විසූ කාමරයට ඉදිරි පාළු කාමරයක සඟවා තිබූ සිද්ධියෙන් මියගිය චමිලා දිසානායක මෙනවියගේ රුධිරය තැවරුණු යට ඇඳුම් දෙකත්, ඇගේ ගමන් බෑගය, කුඩය, වෛද්‍ය සායන පොත සහ ඇගේ ජාතික හැඳුනුම්පත හමුවී ඇත.
එම වෛද්‍ය සායන පොතෙහි එදින වෛද්‍ය නිර්දේශ සටහන් කර ඇත්තේ විත්තිකරුගේ අත්අකුරින් බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වීය. විත්තිකරු විසින් චමිලා දිසානායක මෙනවිය තම නේවාසිකාගාරයේ කාමරය තුළ දූෂණය කරනු ලැබූ අවස්‌ථාවේ විත්තිකරුගේ බිරිඳ වූ රාගම මහරෝහලේ හෙදිය එහි සිට නැත.
නඩු තීන්දුව ප්‍රකාශ කරමින් මහාධිකරණ විනිසුරු එම්. එම්. ඒ. ගෆූර් මහතා අධිකරණය අමතමින් මෙසේ කීය.

"මෙම නඩුව පරිවේශනීය සාක්‍ෂි මත සාධාරණ සැකයෙන් ඔබ්බට ගොස් ඔප්පු වූ නඩුවක්. මෙම නඩු තීන්දුව දීමට පෙර අධිකරණයෙන් තීන්දු ලබා දුන් පරිවේශන සාක්‍ෂි මත ඔප්පු වූ නඩු ගණනාවක් මා අධ්‍යයනය කළා. අවධානය යොමු කළා. අධිකරණය නිත්‍යානුකූලව නඩු විසඳිය යුතුයි. අධිකරණය දෙන තීන්දු දෙස මහජනයා ඕනෑකමින් බලා සිටිනවා. සමස්‌ත සාක්‍ෂි විශ්ලේෂණය කිරීමේදී විත්තිකරුට එල්ල වූ සියලු චෝදනා සැකයෙන් තොරව ඔප්පු වී ඇත."
මෙහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ශ්‍රී ලාල් ප්‍රනාන්දු මහතා -
විත්තිකරු මරදන්කඩවල වැනි ග්‍රාමීය පරිසරයක උපත ලබා නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් වෛද්‍ය උපාධිය ලබා වෛද්‍යවරයකු වුණා. විත්තිකරු හැමදාම පෙනී සිටියේ මිනිස් ජීවිත බේරන්න මිස මිනිස් ජීවිත නැති කරන්න නොවෙයි. මොහු කුඩා දැරියකගේ පියෙක්. මව විශ්‍රාමික ගුරුවරියක්. එහෙත් කුරිරු ඉරණම විසින් විත්තිකරු මෙවැනි අවාසනාවන්ත ඉරණමකට පත් කළා. මොහු නිර්දෝෂයි. මෙම විත්තිකරු පසුවන්නේ තරුණ වයසෙයි. ඔහුට එරෙහිව පවතින නඩු හෝ පෙරවැරදි නැහැ. විත්තිකරුට දඬුවම් නියම කිරීමේදී එම තත්ත්වය සැලකිල්ලට ගෙන ලිහිල් දඬුවමක් පමණුවන ලෙසට ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
මෙහිදී රජයේ අධි නීතිඥ ක්‍රිසංගා ප්‍රනාන්දු මෙනවියගේ සහය ඇතිව පැමිණිල්ල මෙහෙය වූ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ නවරත්න මාරසිංහ මහතා මෙසේ කීය."වෛද්‍යවරයාගේ ප්‍රධාන කාර්ය විය යුත්තේ ජනතාව ජීවත් කරවීමයි. මෙම විත්තිකරු අතින් ඝාතනයට ලක් වූයේ 22 හැවිරිදි අවිවාහක තරුණියකි. ඇය මොනරාගල තම්පලාව දඹුලුගල සිට කටුනායකට පැමිණෙන්නේ තම පවුල නඩත්තු කිරීම සඳහා යමක් හරි හම්බ කිරීමටයි. වෛද්‍යවරයකු මෙවැනි තත්ත්වයකට පත්වේ නම් අසනීප වූ ලෙඩෙක් ප්‍රතිකාර ලබා ගන්න යන්නේ කොහාටද? ඇය කටුනායක ආයතනයක සේවය කළේ ඇඟලුම් සේවිකාවක් ලෙසයි. ඇය රෝහලට ආවේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ජීවත් වෙන්නයි. එහෙත් සිදු වුණේ ඊට හාත්පසින් වෙනස් දෙයක්. මෙම තරුණිය දූෂණයට ලක්‌ව තිබුණා. ඝාතනය කිරීමට පෙර ඇගේ ගෙල මිරිකා තිබුණා. මියගිය තරුණියගේ බාහිර තුවාල 60 ක් තිබුණා. මෙම මරණයේදී සිදුවූ බරපතල භාවය නිසා රටේ විශාල මහජන කැළඹීමක් සිදුවන්න ඉඩ තිබුණා. මෙම නඩු තීන්දුව පිළිබඳව අවට සමාජය බලා සිටිනවා. අවුරුදු 22 ක අවිවාහක තරුණියකට සිදු කළ මෙම අමානුෂික ක්‍රියාවට අධිකරණයෙන් උපරිම දඬුවම් ලබා දෙන්න"
මෙම සිද්ධියේදී මියගිය චමිලා දිසානායක මෙනවියගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ තුසිත මැලැව්වේතන්ත්‍රී මහතා සමග පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රසන්න ලාල් ද අල්විස් මහතා -
"මෙම සිද්ධියේදී කෲර වධ බන්ධනවලට ලක්‌ව මියගිය චමිලා දිසානායක මෙනවිය මොනරාගල දඹුලුගල සිට කටුනායකට පැමිණියේ රැකියාවක් කර යමක් හරි හම්බ කර ගැනීමේ අහිංසක චේතනාවෙන්. රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි අවස්‌ථාවේ ඇගේ කන්‍යාභාවයත් නැතිවී ජීවිතය පවා පුදන්න වුණා. චමිලා දිසානායක මෙනවිය මෙම කුරිරු ඉරණමට ලක් කළ විත්තිකරු ට නීතියේ නාමයෙන් උපරිම දඬුවම් ලබාදෙන ලෙසට අයෑද සිටිනවා".
මරණීය දඬුවම් නියමවීමට පෙර අධිකරණය හමුවේ ප්‍රකාශයක් කරමින් ඉන්දික සුදර්ශන බාලගේ නම් වෛද්‍යවරයා මෙසේ පැවසීය.
"උතුමාණනි, මම ඉපදුණේ මනුෂ්‍යයන් ජීවත් කරන්න මිස මිනිසුන් ඝාතනය කිරීමට නෙවෙයි. මට විරද්ධව පොලිසිය බොරු සාක්‍ෂි ගෙතුවා. වසර 7 ක් මම දුක් වින්දා. මෙම සිද්ධියට අදාළ ඝාතකයන් දැනටමත් මීගමුව රෝහල තුළ සිටිනවා.
මරණ දඬුවම් නියම වූ වෛද්‍යවරයා බන්ධනාගාර ගතව සිටියදී අවස්‌ථා දෙකකදී ගෙල වැලලාගෙන දිවි හානි කර ගැනීමට තැත් කර තිබිණි.

0 comments:
Post a Comment