මේ රටේ මුලින්ම අරක්කු විකිණීමට පටන් ගෙන බාර් සංස්කෘතිය රටට හඳුන්වා දුන් විජයවර්ධන පරම්පරාව මේ වනවිට ඉන් නොනැවතී රටේ කීර්තිමත් පුද්ගලයන්ගේ චරිත ඝාතනය කරමින් මඩ පත්තර මාලාවක්ද රටට හඳුන්වාදී ඇති බව මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා සඳහන් කරයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ පසුගියදා කැලණිය රජමහා විහාරයේ පැවැති දානමය පින්කමකින් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මර්වින් සිල්වා අමාත්‍යවරයා මෙසේද කීය.
'රංජිත් විජයවර්ධනලාට අයත් පත්තර කඩමාලු මිනිසුන්ගේ චරිත ඝාතන කරන්න පටන් ගත්තේ අද ඊයේ නෙවෙයි. ඒ කාලේ ඉඳන්ම විජයවර්ධනලාට අයත්වෙලා තිබ්බ පත්තර මේ රටේ කීර්තිමත් මිනිසුන්ට පහර ගැහුවා. ඒ මිනිසුන්ගේ චරිතය ඝාතනය කළා. කොටින්ම කියනවා නම් ඒ මිනිසුන්ව විනාශ කළා. දැන් විජයවර්ධනලා මේ සියල්ලම ලංකාදීප පත්තරයෙනුත් පටන් අරන්. හැබැයි අපි ලෑස්තියි ඒ ගැහිල්ලට මුහුණ දෙන්න.
මම විතරක් නෙවෙයි විජයවර්ධනලාගේ පත්තර කඩමාලු අනගාරික ධර්මපාලතුමාටත් ගැහුවා. මේ රටේ සිංහල බෞද්ධ ප්‍රබෝධය ඉහළ නංවන්න ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ අනගාරික ධර්මපාලතුමා වැන්නකුට විජයවර්ධනලාගේ පත්තර කඩමාලු ගැහුවේ පොට්ටනිකාරයා කියලා. එහෙම ගහලා ගහලා අන්තිමට එතුමාට රටේ ඉන්න බැරි තත්ත්වයක් ඇති කළා. එතුමා රට අතහැරලා ගියේ විජයවර්ධනලාගේ පත්තර කඩමාලු කරපු ඒ චරිත ඝාතනය නිසයි. ඊගාවට විජයවර්ධනලාගේ මේ පත්තර කඩමාලු ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ පතාක යෝධයන් වෙච්ච එන්. එම්. පෙරේරා, ෙදාස්තර එස්. ඒ. වික්‍රමසිංහ වගේ මහත්වරුන්ටත් ගැහුවා. එන්. එම්.ට ගිරිදර මෝල පටලවලා එතුමාගේ චරිතය විනාශ කළා. එස්. ඒ. වික්‍රමසිංහ මහත්තයාට හොර බෙහෙත්කාරයා කියලා ගහලා එතුමාගේ චරිතය විනාශ කළා.
ඊගාවට මේ රටේ නිදහස වෙනුවෙන් පුරෝගාමී මෙහෙවරක් කරපු සර්. ඩී. බී. ජයතිලක මහත්තයාට රටින් යනකම්ම මේ විජයවර්ධනලාගේ පත්තර කඩමාලු පහර දුන්නා. එතුමාගේ චරිතය ඝාතනය කළා.
වැඩිය ඕන නැහැ. මේ රටට නිදහස් අධ්‍යාපනය හඳුන්වලා දීපු සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහත්තයාටත් විජයවර්ධනලාගේ පත්තර කඩමාලු වටකරගෙන පහර දුන්නා.
ඉතින් එහෙම ඉතිහාසයක් තියෙන විජයවර්ධනලාගෙ ලංකාදීප පත්තරය දැන් අපේ චරිතයත් ඝාතනය කරන්න පටන් අරන්. දැන් මට ලංකාදීපයත් මඩ ගහනව. හැබැයි මම විජයවර්ධනලාට එකක් කියන්නම්, ඔබතුමන්ලාගේ පත්තර කඩමාලුවලින් ගහද්දි බයවෙලා අනෙක් අය රට ගියා වගේ මාව රට යවන්න නම් හිතන්න එපා.
අපි ගිරුවාපත්තුවෙන් දේශපාලනය පටන් ගත්තු උදවිය. සටන් කරන එක අපේ ලේ වලම තියෙනවා. හොඳයි විජයවර්ධන මහත්තයෝ එහෙනම් ඔබතුමා ලංකාදීපයෙන් මට ගහන්නකෝ... අපි හැප්පිලා බලමු. මම මීට ඉස්සෙල්ලා කිව්වා විජයවර්ධනලා තමයි මේ රටට ඉස්සෙල්ලාම බාර් ඇරියෙ කියලා. දැන් මේ අය පත්තරත් අයිති කර ගන්නයි යන්නේ. වෙන කිසිම පත්තරයකට ඔළුව උස්සන්න දෙන්නෙ නැතිව මේ අය හදන්නේ ලංකාදීපය විතරක් උඩින් තියා ගන්න. හොඳයි අපි බලමුකෝ...' යනුවෙන්ද ඇමැතිවරයා කීය.

0 comments:
Post a Comment