w3lanka
පිවිතුරු හෙටක් ජාතික ව්‍යාපාරය හරහා අතුරලියේ රතන හිමියන් අල්ලන්නට යන අඩව්ව තරමක් සැක සහිත ය.
අධික වියදමක් දරමින් කොළඹ බංඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වුණු සම්මන්ත්‍රණයකදී ඔහු පැවසුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් නො කර ජනාධිපතිවරණයකට ඉදිරිපත් වන්නේ නම්, ඔහු පැරදවීමට සියලු දේ කරන බවයි.
රතන හිමියන්ගේ මූලිකත්වයෙන් සරත් නන්ද සිල්වා විසින් සම්පාදනය කර තිබෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ද මෙම සම්මන්ත්‍රණයේදී ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
ස්වාධීන කොමිෂන් සභා අහෝසි කරමින්, ජනාධිපතිවරයකුට නැවත තේරී පත් විය හැකි වාර සංඛ්‍යාව පිළිබඳ සීමාවන් ද ඉවත් කළ 18වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට තම පක්ෂය සහාය දීම වැරදි බව ද රතන හිමියන්ට දැන් තේරී තිබේ.
කොහොම වුණත්, රතන හිමියන් ඉදිරිපත් කරන කරුණුවල යම් වැදගත්කමක් තිබේ. ව්‍යවස්ථා විප්ලවයක් කරන්නට තරම් මහජන පෙළගැස්මක් මේ රටේ ඇති බවක් අපට නො පෙනේ. අනෙක් පැත්තෙන්, පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා අවශ්‍ය මහජන සංවාදය සඳහා සුදුසු ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් ද දැනට මේ රටේ නැත. යම්, යම් ප්‍රායෝගික ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ ඔස්සේ යළි ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට පියවර ගැනීම කෙරෙහි ප්‍රමුඛතාව දිය යුතු ය.
නිදසුනක් ලෙස, රතන හිමියන් විසින් ම වරින් වර දක්වන ලද අදහස් අනුව ඉදිරිපත් කර තිබෙන විධායක ජනාධිපතිට දැරිය හැකි ඇමති තනතුරු ගණන ආරක්ෂක අමාත්‍යාංශයට පමණක් සීමා කිරීම, ජනාධිපතිවරයාට නැවත පත් විය හැකි වාර ගණන උපරිම දෙකකට සීමා කිරීම, ස්වාධීන මැතිවරණ, පොලිස්, රාජ්‍ය සේවා, අධිකරණ ආදී කොමිෂන් සභා නැවත පිහිටුවීම හා මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම වැනි ක්‍රියාමාර්ග මේ අදියරේදී ප්‍රමාණවත් ය.
දැන් මේවාට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මෙන් ම ජනාධිපති මහින්ද රාජපක්ෂ ද එකඟ බව පෙන්වති. මහින්ද රාපක්ෂ නම්, දෙවරක් ම විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන බවට දුන් පොරොන්දු කඩ කළ අයෙකි.
මෙම දේශපාලකයන් සේ ම, මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ කුමන්ත්‍රණකාරී දේශපාලකයකු වන රතන හිමි ද විශ්වාස කළ නො හැකි ය. රතන හිමිගේ සම්මන්ත්‍රණය පිටුපස බැසිල් රාජපක්ෂ සිටි බවට තොරතුරු තිබේ. එසේම, මොහු වැනි අයට තිබෙන්නේ මහින්ද රාජපක්ෂ සමග පෞද්ගලික ආරාවුල් ය. ඒ තමන්ගේ උන්නතිකාමී ව්‍යාපෘතිවලට නො ලැබුණු සහාය නිසා ය. තමන් හැර දමා තමන්ගේ ම පක්ෂයේ තරගකරුවන් වන උදය ගම්මන්පිල වැනි අය පෙරට ගැනීම වැනි ගැටලු ය.
ඔහුට ව්‍යවස්ථා සංශෝධන හදා දෙන සරත් නන්ද සිල්වා යනු මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වැනසීමට ක්‍රියා කළ, මහින්ද රාජපක්ෂ සමග ඇති වෛරය විසින් මෙහෙයවනු ලබන පුද්ගලයෙකි.
මේ රටේ මහජනතාවට අවශ්‍ය මහින්ද රාජපක්ෂ සමග වෛරය පිරිමසා ගැනීමට නොව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අවශ්‍ය පියවර ගැනීමට ය.
එහෙත්, අතුරලියේ රතන හිමි නම් දේශපාලකයා ප්‍රවර්ධනය නො කර, ඔහුගේ ක්‍රියාවලිය ප්‍රවර්ධනය කිරීම හොඳ දෙයකැයි අපි සිතමු.
w3lanka.com

0 comments:
Post a Comment