ගිරිබාව පොලිස් වසමට අයත් සාලිය අසෝකපුර ඔරුගලවත්ත ප්‍රදේශයේ 16 හැවිරිදි කාවින්දි සදුසානි ප්‍රනාන්දු පාසල් සිසුවිය පසුගිය16 වැනිදා සවස 4.00 ට පමණ ඈ සමග ප්‍රේම සම්බන්ධයක් පැවැත්වූ බව කියන ශ්‍රී ලංකා යුද හමුදාවේ සිවිල් සේවයේ යෙදෙන තරුණයකු විසින් පිහියකින් ඇන මරා දමා තිබේ.
සිසුවිය ඝාතනය කළ 22 හැවිරිදි තරුණයා අසල අඹ ගසකට නැග කඹයකින් ගෙල වැලලා ගැනීමට උත්සාහ කරද්දී එම කඹය ද කඩාගෙන වැටී ඇති අතර පසුව සැකකරු පලායද්දී අත්අඩංගුවට ගත් පත්විය.
පොලිසිය කළ ප්‍රශ්ණ කිරීම් හමුවේ එම තරුණයා සිදුකළ පාපොච්චාරණය මෙසේය.
" අවුරුදු හතරහමාරක් තිස්‌සේ කාවින්දිගෙයි මගෙයි අතරේ ප්‍රේම සම්බන්ධතාවක් තිබුණා. ඒත් අන්තිමේදී එයා මට පිටු පෑවා. එයා මගේ ආදරේට පයින් ගහලා වෙන කොල්ලෙක් එක්‌ක යාළු වුණා.
කාවින්දිගේ ආදරේ නැතිව මට ජීවත් වෙන්න බැහැ. ඒ නිසයි මම කාවින්දිවත් මරලා සිය දිවි හානි කර ගන්න හැදුවේ...
කාවින්දි මස්‌සිනා එක්‌කත් සම්බන්ධයක් තියෙනවා කියල ආරංචි වුණා. ඒත් මස්‌සිනා මා එක්‌ක කිව්වේ කාවින්දි නංගි මගෙත් එක්‌ක සම්බන්ධයක් නැහැ වෙනත් කොල්ලෙක් එක්‌ක යාළුයි කියලා...."
ඝාතනයට ලක්‌වූ ශිෂ්‍යාවගේ මස්‌සිනා කෙනෙකු ද නිවසට පැමිණ සිටීම නිසා සැකකරු ඔහු පිළිබඳ සැකයකින් පසුවී ඒ පිලිබඳ කෝපයෙන් මෙම ඝාතනය සිදුකොට ඇතිබව පොලිස් පරීක්ෂණ වලදී හෙළිවී තිබේ.

0 comments:
Post a Comment