facebook like

මියගිය පසුත් සිහි කල්පනාව තිබෙන බව හෙළිවේ..

මියගිය පසුත් සිහි කල්පනාව තිබෙන බවට පර්යේෂණයක් මගින් සාක්ෂි හෙළිකර ඇතැයි වාර්තා වේ.

මියගොස් යළි ජීවිතයට ගෙන ඒමේදී දැනුවත් බව ලෙස නම් කර ඇති මෙම පර්යේෂණය බි‍්‍රතාන්‍යයේ සවුත්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය පදනම් කරගත් පර්යේෂක කණ්ඩායමක් විසින් සිදුකර තිබේ.

ස්ටෝනි බෲක්හි නිව්යෝක් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සෑම් පාර්නියා විසින් මෙහි නායකත්වය ගෙන ඇති අතර ඔහු වසර 4ක් මුළුල්ලේ ඇමරිකාව, බි‍්‍රතාන්‍යය සහ ඔස්ටි‍්‍රයාවේ රෝහල් 15ක හෘදයාබාධ රෝගීන් 2060ක් සමග කටයුතු කළ පුද්ගලයෙකි.

පර්යේෂණය සඳහා හදවත නැවතී යළි පණගන්වනු ලැබූ රෝගීන් 330ක් සහභාගී කරගෙන ඇති අතර මරණයට පත්වීම හෝ වෙහෙසකාරී නිසා අත්හැර දැමූ රෝගීන්ගෙන් පසු සිය අත්දැකීම් සාකච්ඡ කර ඇත්තේ 140 දෙනෙක් පමණි.

ඉන් එක් රෝගියකු තමාගේ හදවත පණගැන්වීමට වෙහෙසවුණු නිල් පැහැති හිස් වැස්මක් ලාගත් පුද්ගලයෙකු දෙස පසුපසින් බලා සිටි බව පවසා ඇති අතර එවැනි පුද්ගලයෙකු සැබැවින්ම ඒ අවස්ථාවේ සිටි බව පසුව අනාවරණය වී ඇත.

තවත් රෝගියකු පවසා ඇත්තේ තමන්ට විනාඩි 3ක කාල ප‍්‍රාන්තරයකින් කම්පනයන් ලබාදීමට උපදෙස් දෙනු අසා සිටි බවයි.

පර්යේෂණයට එක්වූ පිරිසෙන් 61%ක් කිසිවක් මතක නැති බව පවසා ඇති අතර මතක තිබූ 40%කින් 46%ක් වෙතම පැහැදිලි මතකයන් තිබූ අතර 2%කට සියල්ල මතක තිබී ඇත.

වෛද්‍ය පාර්නියා පවසන්නේ හදවත නැවතී තත්පර 20-30කින් පසු මොළය අකර්මණ්‍ය වෙතැයි සැලකුණද මෙම ප‍්‍රතිඵල සමග අදාළ ක්‍ෂේත‍්‍රය පිළිබඳ වැඩිදුර අධ්‍යනයක අවශ්‍යතාවය තදින් දැනෙන බවයි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive