facebook like

කාන්තාවෝ තිදෙනෙක්‌ පාරේ ගිය කාන්තාවක පැහැරගෙන ගිහින්

තෙලිඡ්ජවිල මාර්ගයේ දංකනත්ත නමැති ස්‌ථානයේදී මාර්ගයේ ගමන් කරමින් සිටි 41 හැවිරිදි කාන්තාවක්‌ වෑන් රථයකින් පැමිණි බවට කියන කාන්තාවන් තිදෙනකු විසින් රථයට දමාගෙන පැහැරගෙන ගිය බවට කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් අකුරැස්‌ස පොලිසිය විසින් සැකපිට කාන්තාවක්‌ අත්අඩංගුවට ගෙන ඇත. පැහැරගෙන යැමට ලක්‌ වූ කාන්තාව තෙලිඡ්ජවිල පදිංචිකාරියකි. ඇය මේ සම්බන්ධයෙන් කොටුව පොලිසියට ප්‍රකාශයක්‌ ලබා දී ඇත. සිද්ධිය මෙසේය.

පැහැර ගැනීමට ලක්‌ වූ කාන්තාව පුද්ගලයකු සමඟ අනියම් සම්බන්ධතාවක්‌ පවත්වා ඇති බවත් වසර 6 ක පමණ කාලයක්‌ ඔහු සමඟ එකට ජීවත් වී ඇති බව ද මෙම පුද්ගලයාගේ බිරිඳ මියගොස්‌ ඇති බවට පවසා ඇති අතර පසුව දැනගැනීමට ලැබී ඇත්තේ ඔහුගේ බිරිඳ මියගොස්‌ නැති බවය.

පසුව ඔහුගේ බිරිඳ පැහැර ගැනීමට ලක්‌වූ කාන්තාවට බැනවැදී ඇති අතර මේ නිසා එම කාන්තාව විසින් අනියම් සම්බන්ධතාව පැවැත්වූ පුද්ගලයා අත්හැරීමට උත්සාහ කළත් ඔහු එයට අකමැති වී ඇත.

පසුගිය 03 දින පැහැරගැනීමට ලක්‌ වූ කාන්තාව නිවසේ සිට අවශ්‍යතාවකට යන අවස්‌ථාවේදී ඇය පිටුපසින් පැමිණි වෑන් රථයක්‌ නවතා එහි සිටි කාන්තාවන් තිදෙනකු විසින් ඇය බලහත්කාරයෙන් වාහනයට දමාගෙන ඇති අතර එහි රියෑදුරා ඇයට පිස්‌තෝලයක්‌ වැනි දෙයක්‌ පෙන්වා පසුව ඇගේ දෑස්‌ බැඳ රැගෙන ගොස්‌ පසුව ඇය කාමරයකට දමා සිට ඇති අතර එහි දින දෙකක්‌ පමණ සිටි බවත් පසුව ඇයට ක්‌ලාන්තයක්‌ සෑදීම හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට රැගෙන ගොස්‌ ඇති අතර එහිදී ඇය බේරී පැනගොස්‌ ත්‍රිරෝද රථයක නැගී කොටුව පොලිසියට පැමිණ මෙසේ පැමිණිලි කොට තිබිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාතර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස්‌ මත අකුරැස්‌ස පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive