facebook like

ගැහැනුන්ට පමණයි ලේඩීස් ඔන්ලි?

කුරුණෑගල ප්‍රදේශයේ සූදු ක්‍රීඩාවේ හෙවත් බූරුවා ගැසීමේ යෙදී සිටි කාන්තාවන් හත් දෙනකු පොලිසියට මාට්ටු වීමේ සිද්ධියක් වාර්තා වේ.
සාමාන්‍යයෙන් බූරුවා ගැසීමේ සූදුවට සම්බන්ධ වන්නේ පිරිමින්ය. උඹලට පුළුවන්නම් අපිට බැරි ඇයි දැයි විමසමින් මේ කාන්තාවන් මෙසේ සල්ලි ඔට්ටුවට බූරුවා ගසන්නට ඇත.

කාන්තාවන් ලෝක වාර්තා පිහිටුවන මේ සමයේ බූරු ගැසීම හෙවත් බේබි කැපිල්ලට සම්බන්ධ වන්නට ඇත්තේ ලෝක වාර්තාවක් පිහිටුවන්නටද විය හැකිය.
සූදු ක්‍රීඩාව ඉතිහාසගත කෙළියකි. ඒ කාලේ දැන් මෙන් කාඩ් පැක් තිබුණේ නැත. දාදු කැටය නමින් ලීවලින් කැපූ හතර පැත්තේ අංක සඳහන් කැටයක් තිබුණේය. සමහර රජවරුන් දාදු කෙළියට ගජ සමතුන් වූ බව ඉතිහාසයේ සඳහන් වේ.


දාදු කෙළියට ගොස් කහවණු පරාජය වීමෙන් පසු තම රාජ්‍යයද ඔට්ටු අල්ලා පැරැදුණු මෝඩ රජවරුද සිටියහ. තම අග මෙහෙසිය ඔට්ටුවට ඇල්ලූ රජවරුන් ගැන නම් වාර්තා වී නැත. ඒ ඔට්ටුකරුවන් රජ මෙහෙසියට අකැමැති නිසාදැයි පැහැදිලි නැත.
සූදුව කියන්නේ මුදල් ඕට්ටුවට කරන ක්‍රීඩාවකි. ක්‍රීඩාවක් කීවාට එය අතපය වෙහෙසා කරන ක්‍රීඩාවක් නොවේ. සූදුව ක්‍රම කිහිපයකින් කළ හැකිය. රේස් සූදුවට අශ්වයන් අවශ්‍යය.


ඒ කාලයේ දැන් මෙන් රේස් තරගයේ ප්‍රතිඵල දැන ගැනීමට සන්නිවේදනය දියුණුව නොතිබුණේය.
රේස් කොළය හන්දියේ කඩේට ලැබෙන තුරු ගොන් අයියලා මඟ බලාගෙන සිටිති. පත්තරවලටත් කලින් රේස් කොළය හන්දියේ බුකියට ලැබේ. ජීවිතේටම ඉංගී්‍රසි අකුරක් නොදත් ජේමිස් අයියලා, මාටින් අයියලා අශ්වයන්ගේ තෝම්බු දිගහරින්නේ එංගලන්තයේ සුද්දන්ටත් වඩා අපූරුවටය.
එදා සිරිපාලට රේස් ඔට්ටුවක් දැමීමට සල්ලි තිබුණේ නැත. තම බිරියගෙන් රුපියල් සියයක් ඉල්ලීමට ඔහු තීරණය කළේය.
"මේ සීතා මට බැහැයි නොකියා රුපියල් සීයක් දෙන්නකෝ, හොඳ ළමයානේ."


"මගේ ළඟ ඇති සල්ලියක් නෑ. ඔයා ඒකත් අරන් ගිහිල්ලා බුකියට පූජා කරාවි" ඇය ගස්සාගෙන යන්නට ගියාය.
ටික වේලාවකින් බිරිය ගමනක් යන බව කියා එළියට ගියාය. සිරිපාල බිරිය සල්ලි හංගන තැන දනී. ඔහු හිමින් සීරුවේ රුපියල් සියයක් රැගෙන හන්දියේ බුකියට දුව ගියේය. මගේ අම්මෝ රේස් සූදුවට බැන වදින තම බිරිය බුකියේ රේස් ඔට්ටුවක් දමමින් සිටියාය.


"මගේ රත්තරනේ ඔයාත් රේස් ඔට්ටු අල්ලනවද?" එදා සිට ජෝඩුවම රේස් ඔට්ටු දමති.
මේකත් දැන් පත්තර රස්සාව වගේය. ජොබ් එක ඇති විට ලෝකයම සලකයි. නැති විට බලු සයිස්ය.
කෙසේ වෙතත් කුරුණෑගල ගැහැනු බූරුවා ගැසීමේ ක්‍රීඩාවට යොමුවීම පිළිබඳව කොළඹ ගැහැනු කලබල විය යුතු නැත. මන්ද කොළඹ ගැහැනුන්ට ඔය මළඉළව් බූරුවා ගැසීම නැති වුණාට කරන්නට පුළුවන් සූදු කෙළ කෝටියක් තිබේ. කැසිනෝ සූදුව හතර වරිගයම නිවන් දක්කන්නට පුළුවන් පින්වත් සූදුවකි. ආවොත් හතර වරිගයම ගොඩය. ගියොත් ඉතින් ඔක්කොම ඉවරයි.


සමහර විට ගැහැනු බූරුවා ගැසීමට යන්නට ඇත්තේ ඔවුන්ගේ සැමියන්ට හරි හමන් රස්සාවක් නැති නිසා විය හැකිය. ගෙදර මිනිහා බීගෙන විත් නිදා ගන්නා විට පොඩි උන් බඩගින්නේ තියන්න පුළුවන්ද? බූරුවා ගැසීමෙන් හෝ රේස් දැමීමෙන් දියුණු වූ කෙනෙක් සොයා ගන්නට අමාරුය. ඔක්කොම අන්තිමේ නට්ටන් වෙති.
ධර්මසේන දැහැමෙන් සෙමෙන් සිය රැකියාව කරගෙන හොඳින් ජීවත්වන පුද්ගලයෙකි. ඔහුගේ බිරියද එවැනි යහපත් කාන්තාවකි.
"ඔන්න බලන්න මං කවදාවත් අඩියක් පුඩියක් ගහලා නෑ. අඩු ගණනේ සිගරැට් එකක්වත් බීලා නෑ. ඉතින් මේ අපේ පිරිමින්ට බැරිද මාව ආදර්ශයට ගන්න." ඔහු බිරියට කීවේය.


"ඒගොල්ලො අහන්නේ අඩියක් ගහන්නේ නැති, සිගරැට් එකක් උරන්නේ නැති මිනිහා පිරිමියෙක්ද කියලා."
"පිරිමියෙක් නෙවි ගැහැනියක්" අනේ මගේ කට.
ළඟදි සිට ධර්මසේනගේ පර්ස් එකෙන් රුපියල් පන්සියයක්, දහසක් අඩුවේ. ඔහුගේ ප්‍රියජනක බිරිය සැක කළ නොහැකිය. ගෙදර ඉන්න වැඩකාර කොලුවවත් ගන්නවාද?
දිනක් අල්ලපු ඉඩමේ ලොකු කලබලයකි. පොලිසියෙන් පැන සූදු පොළක් වටලා කාන්තාවන් පිරිසක් අත්අඩංගුවට අරන්ය. ධර්මසේනද ඒ බලන්නට ගියේය. ගැහැනු හත් අට දෙනෙක් සිටිති. ඒ අතර තම බිරියද සිටියාය. ධර්මසේනටත් බිරිය හොඳ මඟ යවන්නට බැරිනම් අපි කොහොම කරන්නද?

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive