facebook like

එජනිස මන්ත්‍රී ඇතුළු 4 ක්‌ මංකොල්ලයට දැලේ

පොළොන්නරුව, කුරුප්පු හන්දිය ප්‍රදේශයේ පිහිටි වී අලෙවි මණ්‌ඩලයේ නිල නිවාසයකට බලහත්කාරයෙන් ඇතුළුවී එහි පදිංචිකරුට බැණ තර්ජනය කොට පළවා හැර මුදලින් රුපියල් ලක්‍ෂ පහක්‌, රන් අභරණ ඇතුළු දේපළ මංකොල්ලකෑ බව කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් සැකපිට පොළොන්නරුව තමන්කඩුව ප්‍රාදේශීය සභාවේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මන්ත්‍රීවරයකු ඇතුළු පුද්ගලයින් සිව් දෙනකු පොළොන්නරුව පොලිසිය මගින් ඊයේ (28 දා) උදේ අත්අඩංගුවට ගෙන ඇත. මොවුහු පොළොන්නරුව, කුරුප්පු හන්දිය ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

සැකකාර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක්‌ පෙරේදා රාත්‍රි 10 ට පමණ වී අලෙවි මණ්‌ඩලයේ තමන් පදිංචි නිල නිවාසය වෙත කඩා වැදී බැණ තර්ජනය කොට නිල නිවාසය තුළ තිබූ මුදල් රුපියල් ලක්‍ෂ පහක්‌, රන් අභරණ ඇතුළු රුපියල් ලක්‍ෂ අටක පමණ වටිනා දේපළ පැහැර ගෙන ගිය බවට එම නිල නිවාසයේ පදිංචිකරු විසින් පොළොන්නරුව පොලිසියට පැමිණිලි කොට තිබේ.

මේ සම්බන්ධයෙන් සැකකාර මන්ත්‍රීවරයා ඇතුළු සිව් දෙනකු ඊයේ උදේ සැකපිට අත්අඩංගුවට ගත් බවත් මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්‍ෂණ සිදුකෙරෙන බවත් විමර්ශන කටයුතු සිදුකරන පොලිස්‌ නිලධාරීහු පැවැසූහ.

පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ලක්‌සිරි විඡේසේන මහතාගේ උපදෙස්‌ පරිදි පොළොන්නරුව මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ඒ. එස්‌. එම්. ජරූල් මහතාගේ මෙහෙයවීමෙන් මේ පිළිබඳව වැඩිදුර පොලිස්‌ පරීක්‍ෂණ පැවැත්වේ.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive