ලොව බලවත් ම රාජ්‍යයේ නායකයාගේ නිහතමානීත්වය විදහා දැක්වෙන අපූරු සිද්ධියක් අමෙරිකාවේ චිකාගෝ නගරයෙන් වාර්තා විය.
මෙම සිද්ධිය වාර්තා වූයේ, අමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා චිකාගෝහි මාර්ටින් ලූතර් කිං සමරු ශාලාවේ පැවති ඡන්ද විමසීමකදී ය.
ඔහු ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවේ ඔහුගේ ඡන්ද යන්ත්‍රයට එහායින් Aia Cooper නමැති තරුණියක් ඡන්දය ප්‍රකාශ කරමින් සිටියා ය.
ඒ අතර, වෙනත් යන්ත්‍රයක සිටි ඇයගේ පෙම්වතා වන මයික් නමැත්තෙකු එක්වර ම පැවසුවේ, “ජනාධිපතිතුමනි මගේ පෙම්වතියව අල්ලන්න එපා” යනුවෙනි.
එකෙණෙහි ම වික්ෂිප්ත වූ ජනාධිපති බරැක් ඔබාමා ඡන්දය ප්‍රකාශ කරමින් ම මයික්ගෙන් ඇසුවේ, “එය කීවේ ඇත්තට ම ද?” යනුවෙනි.
පසුව එය විහිළුවක් බව දැනගත් ඔබාමා සිනාසෙමින් ප්‍රකාශ කළේ, “මං හිතුවෙ මට නින්දාවක් කළා කියලා. ඒත්, වාසනාවට ජනාධිපති ඒක ගැන තරහ ගත්තෙ නැහැ. දැන් අවුලක් නැහැ” යනුවෙනි.
මෙම සිදුවීම විදෙස් මාධ්‍ය ආයතන රැසක විකාශය කර ඇති අතර ඉන්ටර්නෙට් ඔස්සේ ද ලොව පුරා ව්‍යාප්ත වී තිබේ.

0 comments:
Post a Comment