facebook like

මට විරුද්ධව භාරත ඝාතනයේ අංක දෙක - රන්ජන්

පසුගිය සතියේ හිරු නාලිකාවේ බලය දේශපාලන සංවාදමය වැඩ සටහනේදී තමන්ට පහර දී ඝාතනය කිරීමේ සංවිධානාත්මක වැඩපිළිවෙලක් දියත් කළ බවට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ආණ්ඩුවට චෝදනා කරයි.
එම වැඩසටහනේ කථිකයන් හදිසියේම වෙනස් කිරීමත්, වැඩසටහනේදී ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ රෝහිත අබේගුණවර්ධන ඇමතිවරුන් හැසිරුණු ආකාරය මෙන්ම සාකච්ඡාව අතරවාරයේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් නාලිකාවට කඩා වැදීම මගින් සිය චෝදනාව හොඳින්ම තහවුරු වන බවත් ඔහු බීබීසී සංදේශයට පැවසීය.
"මේක මම හඳුන්වන්නේ නිකම් භාරත ලක්ෂ්මන් ඝාතන අංක දෙක කියල," යනුවෙන් ඔහු සඳහන් කළේ සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.
'බලය' සංවාදයට බන්ධුල ගුණවර්ධන ඇමතිවරයා සහභාගි වන බව හිරු නාලිකාවේ නිෂ්පාදකවරයා මුලින් සඳහන් කළ නමුත් 'බඩේ අමාරුවක්' බව පවසමින් ගුණවර්ධන ඇමතිවරයා සහභාගි නොවුන අවස්ථාවේ එයට පූර්ව සූදානමක් නොතිබුන බැවින් සංවාදයට සහභාගි වීම තමන් ප්‍රතික්ෂේප කළ බවත් මන්ත්‍රීවරයා පවසයි.
'අපි සෙට් කරලා ඉවරයි'
Download Music - Listen Audio Files - ranjan ramanayake කෙසේ නමුත් නාලිකාවේ ඉල්ලීම මත රෝහිත අබේගුණවර්ධන සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරුන් සමඟ වාදයට එක් වූ මුල් අවස්ථාවේ පටන්ම ඇමතිවරුන් දෙදෙනා ඉතා ආවේගශීලීව තමන්ට අදහස් දැක්වීමට අවස්ථාවක් ලබා නොදෙමින් දිගින් දිගටම බාධා කළ බවත් ඒ සමඟම අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා, ආනන්ද සරත් කුමාර ඇතුළු පිරිසක් නාලිකාවේ පහල මාලයට ඇතුළු වූ බව දැනගන්නට ලැබුන බවත් ඔහු පවසයි.
"මට එස්එම්එස් සහ අපිටත් බුද්ධි අංශයක් ඉන්නවා. මට ආරංචියක් ආව, යම්කිසි ස්ථානයක එළියම ටීවී දාගෙන නායකයන් පිරිසක් 'අද රන්ජන්ට ගහනවා. අපි සෙට් කරලා ඉවරයි සේරම' කියල එතන බන්ධුල ගුණවර්ධන ඇමැතිතුමාත් ඉඳල තියෙනව. බඩේ අමාරුවක් හැදිලත් නෑ," යනුවෙන්ද ඔහු කියා සිටියේය.
ඉන් අනතුරුව සංවාදයේදී ඇමතිවරුන් දෙදෙනා දිගින් දිගටම තමන්ට 'සටනට ඇරයුම් කළ' ආකාරය අනුව ඔවුන් පැමිණ සිටියේ වාදයකට නොව පහරදීමකට බව වැටහුණු බවයි, රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පවසන්නේ.
එහිදී පක්ෂයේ නායකයන්ගෙන් කෙටි පණිවුඩ මාර්ගයෙන් ලද උපදෙස් මත වාදයට ක්‍රියාශීලීව සහභාගි නොවී පසුබෑමට ඔහුට සිදු වී තිබේ.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive