facebook like

රෙනොර් ගේ කුඩු සල්ලි ගැන විශේෂ පරීක්ෂණයක්

ABC මාධ්‍ය ජාලයේ හිමිකරු වන රෙනොර් ද සිල්වා පිලිබඳ විශේෂ පරීක්ෂණයක් ආරක්ෂක අංශ විසින් ආරම්භකොට ඇතැයි වාර්තා වේ. ලංකාවේ කුඩු ව්‍යාප්තියේ ප්‍රභල ස්ථානයක් හිමිකරගෙන සිටින දෙමටගොඩ චමින්ද පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ ලඟම ගෝලයෙකු බව ප්‍රසිද්ධ රහසකි.

දුමින්ද සමග එකට ගමන් බිමන් පවා යන දෙමටගොඩ චමින්ද භාරත ඝාතනයේ ප්‍රධාන සැකකරුවාද වේ. දෙමටගොඩ චමින්දගේ සොහොයුරා වන කුඩු රුවන් පසුගිය මස 21 වනදා අත්අඩංගුවට පත්වූ අතර ඔහුගෙන් සිදුකළ ප්‍රශ්ණ කිරීම් හමුවේ මහා පරිමාණයන් සිදුකරන කුඩු ජාවාරමේ මුදල් ආයෝජනය කරන ස්ථානය හඳුනාගැනීමට සමත්ව තිබේ.

ඒ අනුව හෙළිවී ඇත්තේ කුඩු සල්ලි බොහොමයක් ඒ.බී.සී මාධ්‍යය ජාලයට එහි හිමිකරු වන රෙනොර්ගේ උපදෙස් මත යොදවන බවයි. කුඩු රුවන් ආරක්ෂක අංශ වලට කොටුවුයේ මත්කුඩු ජාවාරම් සම්බන්ධයෙන් ඇතිවූ ගැටුමක් මත මත්කුඩු ඒජන්තවරුන් ඝාතනය කරමින් සිටින අවදියකය.

මේ අනුව ඔහුගේ සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ රෙනොර් ද සිල්වා, දුමින්ද සිල්වා ඇතුළු ඔහුගේ ඥාතින්ගේ කුඩු වලට ඇති සම්බන්ධය හෙළිකොට තිබේ.

ඉතිහාසය
කලක් මහරජා ආයතනයේ වෙළද අංශයේ සුළු සේවකයෙක් වශයෙන් සේවය කල රෙනොර් සිල්වා, පසුව රොනී පීරිස්, චීන ජාතික දොස්තර ලිට් සහ හිටපු ජනපති චන්ද්‍රික කුමරනතුංග සමග එක්ව ABC මාධ්‍ය ආයතනය ඇරඹූ අතර. පසුකලකදී රෙනොර් සිල්වා ABC මාධ්‍ය ජාලය මිලදී ගෙන තිබේ.

රෙනොර් මේ සෑම මිලදීගැනීමක්ම කරනු ලැබුවේ දුමින්ද සිල්වා දේශපාලනයට පැමිණි පසුවය. එතෙක්, රොනී පීරිස්, චීන ජාතික දොස්තර ලිට් සහ හිටපු ජනපති චන්ද්‍රික කුමරනතුංග සමග එක්ව ආ මාධ්‍ය ආයතනය කරමින් එහි CEO ලෙස රෙනොර් සිල්වා තම රැකියාව කරමින් සිටි අයෙකි.

වසර 12 කට පෙර බත්තරමුල්ල පැලවත්තේ රෑ කෑම කඩයක් කරමින් සිටි පවුලකට මෙතරම් මුදල් ලැබුනේ කෙසේද ? මීට වසර කීපයකට පෙර පෙර වසා තිබු fm චැනලයකට වසර 2-3 කට පසුව රූපවාහිනී නාලිකාවක් අරම්භ කිරීමට තරම් මුදල් ලැබෙන්නේ කෙසේද ? යන්න තවමත් නොවිසදුනු ගැටළු වේ

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive