තමන්ගේ සියදේ අතහරිමින් ISIS සටන්කාමීන්හා එකතු වීමට ගිය ඕස්ට්‍රියානු සිසුවියන් දෙදෙනෙක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය අප්‍රේල් මාසයේ තමන් isis ගරිල්ලන් හා එක්වීමට යන බව ලියා තබා නිවෙස් වලින් පැන ගොස් ඇති මොවුන් දෙදෙනා වයස 17 හා 15 වැනි වියේ පසුවෙයි.
මෙසේ පැණගිය තරුණියන් දෙදෙනා පසුව ISIS ගරිල්ලන් හා විවාහ වී ඇති බවටද වාර්තා වේ. ඔවුන් දෙදෙනාව යොදාගෙන ISIS ගරිල්ලන් ඔවුන්ගේ බල ඇණිය ශක්තිමත් කර ගැනීම සදහා පෝස්ටර් පෙළක් පවා නිර්මාණය කොට තිබේ.
බොස්නියානු සම්භවයක් සහිත මෙම සිසුවියන් දෙදෙනා සඳහන් කර තිබුනේ තමන් අල්ලා දෙවියන් වෙනුවෙන් මියයාමට යන බවයි.
එසේ පැසුවත් මේ වන විට ඔවුන් දෙදෙනාට යළි සිය නිවෙස් වෙත පැමිණිමට අවශ්‍ය වී ඇති බවට සඳහන් වෙයි. මෙම සිසුවියන් දෙදෙනාගෙන් එක් අයෙක් ගැබ්බර වී ඇති බවට තොරතුරු වාර්තාවන අතර දෙදෙනා පැනයාමෙන් පසු ඔවුන්ගේ ෆේස්බුක් ගිණුම් පිළිබදව ආරක්ෂක අංශ අවධානයෙන් සිට ඇත. ඒ තුලින් අදාලා තොරතුරු හෙළිකරගැනීමට ආරක්ෂක අංශවෙත හැකිවී ඇත.
මොවුන් දෙදෙනා පිළිබඳව විවිධ වාර්තාවන් පලවන අතර තවත් වාර්තාවක සඳහන් වන්නේ මෙම දෙදෙනාගෙන් එක් අයෙක් මීට මසකට පමණ පෙර මරා දමා ඇති බවයි.






0 comments:
Post a Comment