facebook like

කුමාර් ගුණරත්නම්ගේ දඩය පෙරටුගාමී පක්‍ෂය ගෙවයි

වීසා නොමැතිව රැඳී සිටීමේ චෝදනාව මත මීට වසර දෙකහමාරකට පෙර ඔස්‌ට්‍රේලියාවට පිටුවහල් කළ පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ නායක කුමාර් ගුණරත්නම් හෙවත් නොයෙල් මුදලිගේ මහතා වෙනුවෙන් එදා පැනවූ දඩය එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් දෙදෙනකු අද (09 දා) ආගමන විගමන දෙපාර්තමේන්තුවට ගෙවීමට තීරණය කර ඇත.එම දඩ මුදල ගෙවූ පසුව, ඔස්‌ට්‍රේලියානු පුරවැසියකු වන කුමාර් ගුණරත්නම් මහතාට යළි ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා වීසා අයදුම් කළ හැකිවනු ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජාගොඩ මහතා කීවේය.

පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ මහලේකම් සේනාධීර ගුණතිලක හෙවත් ඕපාත මහත්තයා සහ මධ්‍යම කාරක සභික ජූඩ් ක්‍රිෂාන්ත සිල්වපුල්ලේ යන මහත්වරුන් පෙරේදා (07 දා) මෙම දඩය ගෙවීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ගොස්‌ නැවත හැරී පැමිණ ඇත. රුපියල් 39,100 ක්‌ වන මෙම දඩය ගෙවීම සඳහා ලියවිලි සූදනම් කර ගැනීමට දෙපාර්තමේන්තු නිලධාරීන්ට කාලය අවශ්‍ය නිසා එදින යළි පැමිණි බව පුබුදු ජාගොඩ මහතා ප්‍රකාශ කළේය.

කුමාර් ගුණරත්නම් මහතා ඔස්‌ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක්‌ මගින් 2011 සැප්තැම්බර් 4 දා නොයෙල් මුදලිගේ නමින් ශ්‍රී ලංකාවට පැමිණි අතර ඒ වනවිට ඔහු ජනතා විමුක්‌ති පෙරමුණේ සැඟවුණු නායකයකු ලෙස කටයුතු කළේය.

ශ්‍රී ලංකාවට පැමිණ කිරිබත්ගොඩ නිවසක රැඳී සිටි කුමාර් ගුණරත්නම් හෙවත් නොයෙල් මුදලිගේ 2012 අප්‍රේල් 06 වැනිදා පැහැරගෙන ගොස්‌ පසුව 09 වැනිදා අලුයම දෙමටගොඩ පිහිටි කොළඹ අපරාධ කොට්‌ඨාස ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට දමාගොස්‌ තිබිණි. ඉන් පසු ගුණරත්නම් මහතා පොලිසියට භාර වූ අතර එම අවස්‌ථාවේ දී මෙරට ඔස්‌ට්‍රේලියානු මහ කොමසාරිස්‌ කාර්යාලයේ නිලධාරිනියක්‌ පැමිණ නොයෙල් මුදලිගේ නම සඳහන් ගුණරත්නම් මහතාගේ විදේශ ගමන් බලපත්‍රය පොලිසියට ඉදිරිපත් කළාය. ඔස්‌ට්‍රේලියානු පුරවැසියකු වන ඔහු නිදහස්‌ කර ගැනීමට අවශ්‍ය බව ඈ ප්‍රකාශ කර තිබේ. ඒ අනුව වීසා නොමැතිව මෙරට රැඳී සිටිමේ චෝදනාව මත කුමාර් ගුණරත්නම් මහතාට දඩ මුදලක්‌ නියම කර ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කළේය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive