facebook like

නිල කාලය පුරාම වැරදි තීන්දු දුන් සරත් සිල්වාගේ සමාව ඉල්ලීම ප්‍රමාණවත් නැහැ

විනිසකරුවෙක් අධිකරණය තුළ ක්‍රියාත්මක වෙන අතරවාරයේ තමන් විසින් සිදු කරන ලද ක්‍රියාවක් වරදක් හැටියට පිළිගැනීම ඉතා බරපතළ කාරණයක් වන බව ආසියානු මානව හිමිකම් කොමිසමේ විධායක අධ්‍යක්ෂ නීතිඥ බැසිල් ප්‍රනාන්දු පවසයි.
ඔහු එම අදහස පළ කළේ බීබීසී සන්දේශය සමඟ පවත්වන ලද සාකච්ඡාවක දී.
සරත් නන්ද සිල්වා අගවිනිසුරු පදවියේ සිටිය දී ‘හෙල්පින් හම්බන්තොට’ නඩුවේ දී පමණක් නොව ඔහුගේ නිල කාලය පුරාම වැරදි තීන්දු දුන් බව සමස්ත ශ්‍රී ලංකාවම දන්නා කරුණක් වන බවයි නීතිඥ බැසිල් ප්‍රනාන්දු පෙන්වා දෙන්නේ.
හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා පමණක් නොව ඉන් පසුව එම පදවියට පත් කෙරුණ පුද්ගලයන් ද දේශපාලන අරමුණු වෙනුවෙන් අධිකරණය පාවිච්චි කරනු ලැබීම අද වන විට ගැඹුරු ප්‍රශ්නයක් වී ඇති බවයි, ආසියානු මානව හිමිකම් කොමිසමේ විධායක අධ්‍යක්ෂවරයා කියා සිටින්නේ.
අධිකරණයේ ගරුත්වය

සරත් නන්ද සිල්වා
උද්ගතව පවතින මෙම වාතාවරණය නීතියේ ආධිපත්‍යය පවත්වා ගැනීම මෙන්ම අධිකරණයේ ගරුත්වය ආරක්ෂා කර ගැනීම අතින් ද අභියෝගයක් වී ඇති බව ආසියානු මානව හිමිකම් කොමිසමේ විධායක අධ්‍යක්ෂ බැසිල් ප්‍රනාන්දු ගේ අදහසයි.
‘ඇති කරන ලද ප්‍රශ්න වල මට්ටම ගත් විට හිටපු අගවිනිසුරුවරයා සමාව ඉල්ලා සිටීම පමණක් මදි. ඔහු ඒ සම්බන්ධයෙන් මහජනතාවට ඊට එහා ගිය පැමිණිලි කිරීමකුත්, ඇත්ත වශයෙන්ම එවැනි කනගාටු වීමක් පවතිනවාද යන්නත් වඩාත් හොඳින් පැහැදිලි කළ යුතුයි’ නීතිඥ බැසිල් ප්‍රනාන්දු කියා සිටියි.
ජනාධිපතිවරයා බලයේ සිටින්නේ තමා නිසා බවට කරන ප්‍රකාශයේ හරයක් නැතැයි පවසන නීතිඥ බැසිල් ප්‍රනාන්දු,අග විනිසුරුවරයකු පදවියේ සිටිය දී සිදු කළ පැහැර හැරීම් ලැජ්ජාවකින් තොරව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ හැකි තත්වයකට රට ඇද වැටී ඇති බවත් පවසයි.
වගකිව යුත්තෝ
අතීතයේ මහජනතාව තුළ දේශපාලනය කෙරේ කෙසේ වුවත්, අධිකරණය කෙරෙහි විශ්වාසයක් සහ ගෞරවයක් තිබුණ බව සිහිපත් කරන ආසියානු මානව හිමිකම් කොමිසමේ විධායක අධ්‍යක්ෂ නීතිඥ බැසිල් ප්‍රනාන්දු, දේශපාලනඥයන්ගේ සහ ඇතැම් විනිසකරුවන්ගේ ක්‍රියාවන් නිසා අද වන විට එම තත්වය විනාශ වී ඇති බවපෙන්වා දෙයි.
පාලකයන් විසින් හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක පදවියෙන් දොට්ට දැම්මේ ‘කම්කරුවකු රැකියාවෙන් ඉවත් කරනවාටත් වඩා පහළ මට්ටමකින්’ බවත් ඔහු පෙන්වා දෙයි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive