facebook like

රන්ජන් රාමනායක වගේ කෙනෙක්ව කවුද මරන්න යන්නේ - ජොන්ස්ටන්

හිරු නාලිකාවේ බලය දේශපාලන සංවාදමය වැඩසටහනේදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට අදහස් පළ කිරීමට බාධා කරමින් ප්‍රකෝපකාරී ලෙසින් හැසිරීම පිළිබඳව කිසිදු කණගාටුවක් නැති බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.
අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ එම වැඩසටහනේදී තමන්ට පහර දී ඝාතනය කිරීමේ සංවිධානාත්මක වැඩපිළිවෙලක් දියත් කළ බවට රාමනායක මන්ත්‍රීවරයා ආණ්ඩුවට එල්ල කරන චෝදනාව පිළිබඳව සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක් වෙමින්.
"වැදගත්කම, මනුස්සකම නොතේරෙන විපක්ෂයේ දේශපාලනඥයන්ට කතා කිරීමට සුදුසුම ක්‍රමය," එය බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
"ඔහු කියනවානම් රට බේරා ගත් නායකයා ඒකාධිපතියෙක් කියලා නිශ්ශබ්දව ඉන්න මිනිහෙක් නෙමෙයි ජොන්ස්ටන් ප්‍රනාන්දු කියන්නේ," යනුවෙන්ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මාස තුන හතරක් මුළුල්ලේ සාක්ෂි කිසිත් නැතිව මඩ ගැසීමේ ව්‍යාපාරයක් පමණක් ගෙන යන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
'මඩ ගහනවා'
Play Music - Upload Audio Files - johnston_141019_johnston_ran... සංවාදමය වැඩසටහන අවස්ථාවේ වුවමනාවෙන්ම ගැටුමක් ඇති කොට තමාට පහර දීමේ හෝ එය පදනම් කර ගනිමින් මරා දැමීමේ උත්සාහයක් තිබුණු බවට රන්ජන් රාමනායක එල්ල කරන චෝදනාව අමාත්‍යවරයා තරයේ ප්‍රතික්ෂේප කරයි.
'මට විරුද්ධව දියත් වුනේ භාරත ඝාතනයේ අංක දෙක': රන්ජන් රාමනායක
"රන්ජන් රාමනායක වගේ කෙනෙක්ව කවුද මරන්න යන්නේ. රට බේරා ගත් නායකයාට හොරා හොරා කියලා මඩ ගහනවා. කරුණු ඉදිරිපත් කරන්න කියලා අපි අභියෝග කළේ. එහෙම මිනිස්සු මරන්න පුළුවන්ද අනේ විවාදවලට ඇවිල්ලා," යන්න ඒ චෝදනාවට අමාත්‍යවරයාගේ ප්‍රතිචාරයයි.
එසේ හිතාමතා ගැටුමක් ඇතිකරගන්නා මෙන් තමන්ට කිසිවෙකුගෙන් හෝ උපදෙසක් නොලැබුන බවත් අමාත්‍ය ප්‍රනාන්දු පවසයි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පවුලේ සාමාජිකයන් විවේචනය කරන ආකාරය දැක අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් අරලියගහ මන්දිරයේ සිට හිරු රූපවාහිනී මැදිරි ගොඩනැගිල්ලට දුව ආ බවට සිළුමිණ පුවත්පතේ පළ වූ වාර්තාව සත්‍ය බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පිළිගත්තේය.
"රන්ජන් රාමනායක ජනාධිපතිතුමාටත් දරුවන්ටත් මඩ ගහනවා කිසිම කරුණක් නැතිව. බොරු චෝදනා කරලා ඔහු පැටලුණ නිසා සමහර විට මීට පෙර ඇති වූ ප්‍රශ්න නිසා අරුන්දික මන්ත්‍රීතුමා එන්න ඇති බලන්න. එහෙම නැතුව මෙයාව ඝාතනය කරන්න නෙමෙයි," යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Embed Music Files - Listen Audio Files - johnston_141019_johnston_ran...

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive