facebook like

පොදු අපේක්‌ෂකයෝ හය දෙනෙක්‌ පෝලිමේ

මීළඟ ජනාධිපතිවරණයට විපක්‍ෂයෙන් ඉදිරිපත් කරන පොදු අපේක්‍ෂක ධුරය සඳහා ආණ්‌ඩුවේ ප්‍රබල ක්‍රියාකාරිකයකුගේ නම ඇතුළු නම් 6 මේ වන විට යෝජනා වී ඇත.

එක්‌සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග, නාගවිහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමි, හිටපු අගවිනිසුරු ශිරාණි බණ්‌ඩාරනායක, උතුරේ මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් හා ආණ්‌ඩුවේ ප්‍රබල
ඇමැතිවරයෙක්‌ ඒ අතර වන බව වාර්තා වේ.

පොදු අපේක්‍ෂක ධුරය සඳහා ඉදිරිපත් වීමට අපේක්‍ෂා කරන ඇමැතිවරයා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ද ඉහළ තනතුරක්‌ හොබවන අතර ඔහු මේ වන විට විපක්‍ෂය සමග රහස්‌ සාකච්ඡා වට කිහිපයක්‌ පවත්වා ඇති බව ඉහත ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂක ධුරය විපක්‍ෂයේ ප්‍රධාන පක්‍ෂය වන එක්‌සත් ජාතික පක්‍ෂයට හිමිවිය යුතු බවට ද යෝජනාවක්‌ ඉදිරිපත්ව තිබෙන අතර මේ සම්බන්ධව අවසන් තීරණය දැනට විදේශගතව සිටින එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතා ලංකාවට පැමිණීමෙන් පසුව ගැනීමට නියමිතව ඇත.

ජනාධිපතිවරණය සඳහා ආණ්‌ඩුව මේ වන විට සැලසුම් සහගත වැඩපිළිවෙළක්‌ දියත් කර තිබෙන අතර ඊට සමගාමීව විපක්‍ෂය ද මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයන්ගේ සහයෝගය ද ලබා ගනිමින් පොදු අපේක්‍ෂකයා තේරීම හා අනෙකුත් කටයුතු සැලසුම් කරමින් ඇත.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive