facebook like

ලක්ෂ 2700ක මැණික් තොගයක් පැහැරගත් ලංකාවේ ලොකුම කොල්ලය සැලසුම් කර තිබූ අයුරු

මේ වන විට රටේ වේගයෙන්ම වර්ධනය වන අපරාධ රැල්ල බවට පත්ව ඇත්තේ මංකොල්ලකෑම්ය. ගෙවී ගිය මාස කිහිපය තුළ පමණක් බැංකු සහ මූල්‍ය ආයතන විස්සකට ආසන්න ප්‍රමාණයක් කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්ව තිබිණ. එහිදී කොල්ලකෑ මුදල්  ප්‍රමාණය රුපියල් කෝටි තුන හතරකට වැඩි මිස අඩු නැත.
එකී කොල්ලකෑම් ගොන්නට අලුතින්ම එකතු වන කොල්ලය සිදුවන්නේ  කොළඹ- නුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාවේ සුප්‍රකට ගල විදපු
ස්ථානය ආසන්නයේ ඇති හෝටලයකය. ඒ ඉකුත් 28 වෙනිදා මහා දවාලයේය. එහිදී කොල්ලකනු ලබන්නේ වටිනා මැණික් ගල් නවයකි. වාර්තා වන ආකාරයට අනුව එම මැණික් ගල්වල වටිනාකම රුපියල් ලක්ෂ 2,700කට හෙවත් කෝටි 27කට ආසන්නය. ‍පොලිස් තොරතුරුවලට අනුව මෙරට ඉතිහාසයේ  මතෛක් සිදුවුණු ලොකුම වටිනාකම ඇති කොල්ලය වන්නේ එයය.
දැනට කෙරී ඇති ‍පොලිස් විමර්ශනවලට අනුව එම මැණික් කොල්ලය සිදුව ඇත්තේ  දැවැන්ත සැලසුමක ප්‍රතිඵලයක් ලෙසිනි. තවත් විශේෂත්වයක් වන්නේ ඊට ප්‍රභූ ආරක්ෂක අංශයක සාමාජිකයෙකුගේද සම්බන්ධයක් ඇති බව පෙනී ගොස් තිබිමය. මේ වන විට එම ප්‍රභූ ආරක්ෂකයා සිටින්නේද ‍පොලිස් භාරයේය.
අනාවරණය වී ඇති ආකාරයට අනුව මේසා විශාල වටිනාකමක් ඇති මැණික් තොගයක් කොල්ලකන්නට පාර කැපෙන්නේ මහනුවර ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරික ආයතනයක හිමිකරුවෙකු තමන් සතුව තිබුණු එම මැණික් ගල් තොගය අරාබියේ ධනකුවේරයෙකුට විකිණීමට ඉහත කී හෝටලයට රැගෙන විත් තිබිම නිසාය. මැණික් ගල් තොගය කොල්ලකන්නේ එම ධනකුවේරයා හෝටලයට රැගෙන පැමිණි බ්‍රෝකර්වරයා විසිනි. ඒ අර ධනකුවේරයා සමගම එකතු වෙලාය.
‍පොලීසිය හෙළිකරගෙන ඇති තොරතුරුවලට අනුව මැණික් කොල්ලයේ බ්‍රෝකර්වරයා රංගය. ඔහු පදිංචි ස්ථානයක් නිශ්චිත ලෙස සොයා ගන්නට තවමත් නැත. මීගමුව පැත්තෙත්, අරණායක පැත්තෙත් ඔහු නිතර කැරකෙන බව නම් දුරකථන ජාල පරීක්ෂාවකදී අනාවරණය වී හමාරය.
මෙම මැණික් කොල්ලයට  රංග නැමැති එම බ්‍රෝකර්වරයා ධනකුවේරයා සමග පැමිණෙන්නේ තවත් බ්‍රෝකර්වරයෙකු සමගය. එම බ්‍රෝකර්වරයා මැණික් තොගයේ හිමිකාර ව්‍යාපාරික ආයතනය පාර්ශ්වයෙන් මැණික් ගල් තොගය විකිණීමට මැදිහත් වූවෙකි. මැණික් ගනුදෙනුව සඳහා මැණික් තොගයේ හිමිකරුට එම බ්‍රෝකර්වරයා විසින් මුණ ගස්සවන ලද පළමු ‘ගැනුුම්කරුවා’ එම ධනකුවේරයා පමණක් නොවේ. මාස කිහිපයක් තිස්සේම ගනුදෙනුකරුවන් රැසක්ම ඔහු ඒ ආකාරයෙන්  මුණ ගස්සවා තිබුණේය.
‍පොලිස් විමර්ශන තොරතුරුවලට අනුව එම බ්‍රෝකර්වරයාට රංග නමැති බ්‍රෝකර්වරයාව මුණ  ගස්සවනුයේ ඉහත කී ප්‍රභූ ආරක්ෂක අංශ නිලධාරියාය. අරාබියේ    ධන කුවේරයෙකු බව සඳහන් පුද්ගලයෙකු එම බ්‍රෝකර්වරයාට මුණගස්වන්නේ රංග නමැති බ්‍රෝකර්වරයාය. ඒ ගණුදෙනුවෙන් ලැබෙන බ්‍රෝකර්  ගාස්තුද කතා බස් කර ගැනීමෙන් අනතුරුවය. අරාබි ඇඳුමින්  සිටි ධනකුවේරයා සැබෑ ලෙසම අරාබි  ජාතික ධනවතෙක්ද එසේත් නැතිනම් ඔහු මෙම කොල්ලයේ  පෙනී සිටි  එක් චරිතයක් පමණක් දැයි මතෛක් අනාවරණය වී නැත. එහෙත් රංග නැමැති බ්‍රෝකර්වරයා මෙම ගනුදෙනුව ගැන කතා බහ කරන්නට අනෙක් බ්‍රෝකර්වරයාට ධනකුවේරයා  මුණ ගස්සවනුයේ  කොළඹ තරු පන්තියේ  හෝටලයකදීය. ධනකුවේරයා එහි එන්නේ සුඛෝපභෝගී මෝටර් රථයක නැගීය.
පහළ කඩුගන්නාවේ හෝටලයට තම බ්‍රෝකර් රංග සමග ධනකුවේරයා 28 වෙනිදා  යන්නේ තරුපන්තියේ හෝටලයේ දී ඇති වූ එකඟතාවකට අනුව මැණික් ගල් තොගය පරීක්ෂා කර මිලදී ගැනීමටය. එම හෝටලය මැණික් ව්‍යාපාරික හිමිකරුට අයත් හෝටල් සමූහයකින් එකකි. මැණික් ව්‍යාපාරිකයාගේ  පාර්ශ්වයෙන්  මෙම ගනුදෙනුවේ අතරමැදියෙකු වූ බ්‍රෝකර්වරයා එහි එන්නේ කල්වේලා ඇතිවය. ඒ එම ගනුදෙනුව ගැන වැඩි යමක් මැණික් ව්‍යාපාරික හිමිකරු සමග කතාබහ කර සූදානම් වීමටය.
කථිකා කරගත් පරිදි ධනකුවේරයාද  සමග රංග නැමැති බ්‍රෝකර්වරයා සුඛෝපභෝගී මෝටර් රථයකින් හෝටලයට පැමිණියත් ධනවතා මෝටර් රථයෙන් බිමට අඩියක් වත්  තැබුවේ නැත. ඒ එම හෝටලය පිහිටි පරිසරය එම ගනුදෙනුව සිදු කිරීමට එතරම්  සුදුසු නැති බව සඳහන් කරමිනි. ඒ බව රංග මැණික් ව්‍යාපාරිකයාට පවසමින් වෙනත් ස්ථානයක ගනුදෙනුව කතා කරමු යැයි කියන්නට වූයේය. ඒ මැණික් ව්‍යාපාරිකයා රැඳී සිටි හෝටලයේ කාර්යාල කාමරයට ගොසිනි.
ඒ වන විට මැණික් ගල් පාර්සලය වූයේ ව්‍යාපාරිකයා අතය. ඒ එම ගල් පරීක්ෂා කිරීමට ලබාදීමේ සූදානමිනි. එකින් එක ගල්කැට පරීක්ෂා කරන්නට අතට දෙනතුරු එහිදී  රංග බලාසිටියේ නැත. මැණික් ගල් පාර්සලය එකවරම උදුරාගෙන හෝටලයෙන් පිටතට දිවයන්නට විය. ඒ වන විට මෝටර් රථය තිබුණේ ඇන්ජිම පණ ගැන්වෙමිනි. එහි ඉදිරිපස දොර විවර කරගෙන ඊට රංග ගොඩවූවා පමණි. මෝටර් රථය වේගයෙන් මාවනැල්ල දෙසට ධාවනය වන්නට විය. ඒ මැණික් ව්‍යාපාරික හිමිකරුට කිසිවක් සිතා ගන්නටවත් ඉඩක් නොතබමිනි.
ඒ ගැන ‍පොලීසියට දැනුම් දීමෙන් පසු මුලින්ම සැක පිට ‍පොලිස් අත්අඩංගුවට පත්වන්නේ  මැණික් ව්‍යාපාරිකයාගේ පාර්ශ්වයේ බ්‍රෝකර්වරයාය. ඒ ඔහු එම මැණික් කොල්ලයට සම්බන්ධ බව හෙළි වීම නිසා නොව යම් සැකයක් හේතු කොටගෙනය.
මතෛක් සිදුවුණු ලොකුම මංකොල්ලයක් ලෙස ඉතිහාසයට එක්ව ඇති මෙම මැණික් කොල්ලය ගැන පරීක්ෂණ පවත්වන්නේ කෑගල්ල කොට්ඨාසය භාර  ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරි පියලාල් දිසානායක මහතාගේ උපදෙසින් සහ සහකාර  ‍පොලිස් අධිකාරී ප්‍රදීප් කළුආරච්චි මහතාගේ මෙහෙයැවීමෙන් ක්‍රියාත්මක විශේෂ ‍පොලිස් කණ්ඩායමක් විසිනි. ඒ අය දැනටමත් රංග සහ ධනකුවේරයා සම්බන්ධයෙන් යම් යම් හෝඩුවාවන් සොයාගෙන හමාරය. එහිදී ලද තොරතුරුද සමගින් විද්‍යාත්මක සාක්ෂි එක් රැස් කරමින් ‍පොලීසිය දැඩි වෙහෙසක මේ වන විට නිරතව සිටින්නේ වැඩි කල් නොගොස් කොල්ලකරුවන් කොටුකර ගන්නටය. අරාබි ජාතික ධනකුවේරයා සැබෑ ලෙසම එවැනි අයෙකුද, නැතිනම් අරාබි ජාතික ධනවතෙකු  ලෙස වෙස්ගැන් වූ අයෙකුද යන්න නිශ්චිතවම දැනගන්නට හැකි වනු ඇත්තේද එවිටය.

ගයාන් කුමාර වීරසිංහ

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive