* සැකකාරියගේ පුතා විශේෂ කාර්ය බළකායේ
* කප්පම් ගත්තේ නැන්දයි ලේලියි
දහස් ගණන් සිසු සිසුවියන්ගේ නෙත් පෑදූ වනිතා බාලසූරිය දැන් විශ්‍රාමික ගුරු මාතාවකි. පදිංචිය වත්තල හැඳල ශාන්ත ජෝන් මාවතේය. තම සැමියා සහ එකම දියණිය සමඟින් ඇය එම නිවසේ ජීවත් වූවාය. ගුරු මාතාවක් වූ ඇයට සමාජයේද හොඳ පිළිගැනීමක් තිබිණි. හැකි අයුරින් අන් අයටද උදව් උපකාර කරමින් සාමකාමීව ජීවත් වූ මෙම පවුල සමාජයේ අන් අයටද ආදර්ශයක් විය.
මවක් තම දියණියට දක්‌වන ආදරය සෙනෙහසට වැඩි ලෙන්ගතුකමක් ඇය තම දියණියට පෑවාය. එම නිසා කුඩා කල සිටම තම දියණියට කිසිම අඩුපාඩුවක් නොකර උස් මහත් කිරීමට දෙමාපියෝ වග බලාගත්හ. තම
දියණිය දැන් භද්‍ර යෞවන වයසේ සිටින නිසා දෙමාපියන්ට ඇය ගැන වෙනදාටත් වඩා බියක් දැනුණි. ඒ වර්තමාන සමාජයෙන් අසන්නට ලැබෙන්නේද නෑසිය යුතු පුවත් නිසාය.
දිනක් උදෑසන නිවසේ දුරකථනය නාදවිය. දුරකථන ඇමතුම තම ඥතියකු හෝ හිතවතකුගෙන් යෑයි සිතු මෙම ගුරු මාතාව දුරකථන ඇමතුම ලබාගත්තාය. එහා කෙළවරින් ඇසුණේ ඇයට හුරුපුරුදු කටහඬක් නම් නොවේ. එම නිසා ඉතා සංවර ලෙස ඔබ කවුද? කියා ඇය ඇසුවාය.
දන්නවාද යකෝ මම පාතාල ලෝකයේ නායකයෙක්. මිනියක් මරනවා කියන්නේ මට කිරි කනවා වගේ වැඩක්. මම උඹලා ගැන හොයලා බැලුවා හොඳට සල්ලි අතේ තියෙන මිනිස්‌සුනේ තමුන්ලා. ඒක නිසා මට ලක්‍ෂ එකහමාරක් ඕනා. නොදුන්නොත් තමුන්ගේ දුවව පැහැරගෙන ගොස් මරා දමනවා.
ඇයට අසන්නට ලැබුණේ එවැනි කතාවකි. මෙම වචන ටික ඇසීමෙන් එම ගුරුමාතාව අන්දමන්ද වූහ. කරන්නේ කුමක්‌ද කියා සිතා ගැනීමට නොහැකි විය. ඇයට එකපාරට සිහියට ආවේ ඇස් දෙක වාගේ බලාගත් තම දියණියවයි. ඇය යටහත් පහත් ලෙස බැගෑපත්වී එම පුද්ගලයාට පැවසුවේ දුවට නම් මොකුත් කරන්න එපා මම ඒ සල්ලි ටික දෙන්නම් කියාය.
නැවතත් එම පාතාල නායකයා යෑයි කියාගත් පුද්ගලයා ඇයට තර්ජනය කර මෙසේ පැවසුවේය.
මේ ගැන පොලිසියට හරි වෙන කාටහරි කියලා තිබුණොත් දන්නවනේ කරන දේ. ඒක නිසා මේක කාටවත් කියන්න බැහැ. සල්ලි ටික ගන්න මම එවනවා. ඔයගොල්ලෝ දන්න කෙනෙක්‌ව කියා ඔහු කාන්තාවකගේ නමක් පැවසීය. එයාට සල්ලි ටික දෙනවා විතරයි කිසි දෙයක් කතා කරන්න තහනම් යෑයි ඔහු නැවතත් තර්ජනාත්මකව පැවසුවේය.
මෙම යුවළට සිටි එකම දරුවා මෙම දියණිය නිසා කිසිවකුටත් නොකියා එම මුදල දීමට ඔවුන් එකඟවිය. තම දියණියටවත් මේ බව දැන ගැනීමට ඔවුන් ඉඩ තැබුවේ නැත.
කප්පම් මුදල් ලබාගැනීමට පැමිණි කාන්තාවද විශ්‍රාමික ගුරුවරියකි. අවු( 71 ක් පමණ වයසැති ඇය නමින් බියටි්‍රස් පෙරේරාය. ඇයද පදිංචිව සිටින්නේ වත්තල හැඳල ප්‍රදේශයේය. මෙම විශ්‍රාමික ගුරුවරියන් දෙදෙනා අතර ලොකු සම්බන්ධතාවක් නොමැති වුවත් එක ප්‍රදේශයේ නිසා ඔවුනොවුන් අඳුරති.
කප්පම් මුදල ලබාගන්නා දින උදාවිය. බියටි්‍රස් නමැති විශ්‍රාමික ගුරුවරිය අදාළ නිවසට පැමිණියාය. ඒ වන විටත් එම යුවල මුදල් පාර්සලය සූදානම් කරගෙන සිටියේය. එකදු වචනයක් වත් කතා නොකර ඇය මුදල් පාර්සලය රැගෙන ගියාය.
ඔවුන් දෙදෙනා සිතුවේ ඇයටත් පාතාල නායකයා තර්ජනය කර බිය ගන්වා මෙයට සම්බන්ධ කරගෙන ඇති බවය. ඔවුන්ගේ සිතට යම් සැනසුමක් දැනුනේ සල්ලි දී අවසන් නිසා මෙම සිද්ධිය අවසන් වේවි යෑයි සිතාය. නමුත් දුව ගැන ලොකු බියක් ඔහුගේ සිත් තුළ පැලපදියම් වී තිබිණි.
ටික කාලයක් නිදහසේ සිටි මෙම යුවළට නැවත වරක් පාතාලයේ නායකයා යෑයි කියා ගත් පුද්ගලයා තර්ජනය කර පැවසුවේ නැවතත් මුදල් ලබාදෙන ලෙසය. මෙලෙස අවුරුදු තුනක කාල සීමාව තුළ විටින් විට ඔහු කතා කර දුවව මරණ බවට තර්ජනය කර මුදල් ලබාගෙන තිබිණි. ඒ සෑම අවස්‌ථාවකම මුදල් ලබාගැනීමට පැමිණ ඇත්තේ ඉහත සඳහන් කළ විශ්‍රාමික ගුරුවරියයි.
මෙම සිද්ධිය ඔවුන්ට විශාල ගැටලුවක්‌වී තිබිණි. දුවට කිසියම් අනතුරක් සිදුකරාවි යන බිය නිසාම ඔවුන් මේ ගැන පොලිසියට පැමිණිලි කිරීමෙන් වැළකී සිටියේය. මෙම පාතාල නායකයාට එම වසර තුනක කාලය තුළ ලක්‍ෂ 17 කට අධික මුදලක් මෙම යුවළ දී තිබිණි. අන්තිමට මෙම යුවළ මුදල්දීම සඳහා තම මෝටර් රථය සහ ඉඩමක්‌ද විකුණා තිබිණි.
මෙම ප්‍රශ්නයෙන් මිදීමට කළ යුත්තේ කුමක්‌ද කියා මෙම යුවළ නිතර දෙවේලේ කල්පනා කළේය. නමුත් ඔවුන්ට කිසි දෙයක් කිරීමට තරම් ශක්‌තියක් නොවීය. ඒ තමදුවට තිබුණ ආදරය නිසාය.
දැනට මාස කිහිපයකට උඩදී තම දියණිය තරුණයකු හා විවාහ විය. එය ඔහුන්ගේ සිතට මහත් අස්‌වැසිල්ලක් වූහ. ඒ තම දුව රැක බලා ගැනීම සඳහා දැන් පිරිමියකු තම පවුලට එකතුවීම නිසාය.
පසුගිය දිනක සුපුරුදු පරිදි පාතාල නායකයා කතා කළේය. නැවත වරක් ඔහු ලක්‍ෂ එකහමාරක මුදලක් කප්පම් වශයෙන් ඉල්ලුවේ එය ලබා නොදුන්නොත් දුවව මරණ බවට යලි පෙරපරිදිම තර්ජනය කළේය.
මෙය කවදාවත් ඉවර නොවන සෙල්ලමක් බව මෙම යුවළට තේරුණි. එම නිසා මෙයට සුදුසු පියවරක් ගත යුතු යෑයි ඔවුන් තිරණය කළේය. තම දුව විවාහවී සිටින බෑණාට සියලුම විස්‌තර මුල සිටන් මෙම යුවළ පැවසුවේය. පසුව ඔහු මෙම කප්පම් සිද්ධිය පිළිsබඳව කොළඹ බස්‌නාහිර උතුර විශේෂ අපරාධ විමර්ශන කොට්‌ඨාසයට පැමිණිලි කරනු ලැබුවාය. ඉන් පසු එම පොලිස් නිලධාරීන්ගේ උපදෙස්‌වලට අනුව ඔවුන් කටයුතු කළේය.
මුදල් මිටියක් ලෙස හැඟවෙන ලෙස කඩදාසි කැබලි කිහිපයක් කපා සකස් කරගත් මුදල් පාර්සලය විශ්‍රාමික ගුරුවරියට ලබාදුන් පොලිසිය කොස්‌තාපල්වරියක් සහ කොස්‌තාපල්වරු දෙදෙනක්‌ද එම නිවසට යවා සැඟවී සිටින ලෙස ඔවුන්ට උපදෙස් ලබා දුන්නේය.
නියමිත වේලාව උදාවිය. සුපුරුදු පරිදි අනික් විශ්‍රාමික ගුරුවරිය කප්පම් මුදල් ලබා ගැනීම සඳහා පැමිණියාය. පොලිසිය විසින් සකස්‌කර දුන් මුදල් පාර්සලය එම විශ්‍රාමික ගුරුවරියට ලබා දෙනවාත් සමඟම ක්‍රියාත්මක වූ පොලිස් කොස්‌තාපල්වරිය සහ කොස්‌තාපල්වරුන් දෙදෙනා එම ගුරුවරියව අත්ඩංගුවට ගත්තේය.
වැඩේ වැරදුණ බව දැනගත් ඇය බියෙන් වෙව්ලන්නට වූවාය. දැන් කළ හැකි කිසිවක් නොමැති බව තේරුම් ගත් ඇය සිදුවූ සියල්ල පොලිසිය හමුවේ පැවසුවාය.
තම ලේලිය හා අසල්වැසි තරුණයෙක් සමඟ එකතුවී මෙලෙස කාලයක සිට කප්පම් මුදල් ලබාගත් බව ඇය පැවසුවාය. ඒ අනුව පොලිසිය විසින් එම ලේලිය හා තරුණයාද අත්අඩංගුවට ගන්නා ලදී.
මෙම සැකකාර විශ්‍රාමික ගුරුවරිය සහ ලේලිය වසර තුනක සිට මෙලෙස ලබාගත් කප්පම් මුදල් වැය කර ඇත්තේ ඔවුන් ඉදිකරනු ලබන දෙමහල් නිවසේ වැඩ කටයුතු කිරීම සඳහාය. නිවස ඉදිකර ගෙන යැමේදී මුදල් අඩුපාඩු වූ සෑම අවස්‌ථාවකම මොවුන් කප්පම් මුදල් ලබාගෙන තිබේ.
පාතාල කල්ලි නායකයකු ලෙස පෙනී සිට කතා කර ඇත්තේ අවුරුදු විස්‌සක් පමණ වයසැති එරන්ද කුමාර නමැති තරුණයෙකි. මෙම තරුණයා නිවාස පින්තාරු කිරීමේ නිරත අයකු බවත් පදිංචිය එම සැකකාර ගුරුවරියගේ නිවස ආසන්නයේම බවත් පොලිසිය පැවසීය. සැකකාර විශ්‍රාමික ගුරුවරියගේ ලේලිය රොස්‌මරි වැලන්ටිනා වන අතර ඇයගේ වයස අවුරුදු තිස් අටක් පමණ වේ. අත්අඩංගුවට ගත් සැකකාර විශ්‍රාමික ගුරුවරියගේ පුතෙකු පොලිස් විශේෂ කාර්ය බළකායේ සේවය කරන බවද පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් විශ්‍රාමික පාසල් ගුරුවරිය, ඇයගේ ලේලිය හා තරුණයා මහර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් දර්ශිකා විමලවීර මෙනවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 22 වැනිදා දක්‌වා බන්ධනාගාර ගත කිරීමට නියෝග කරනු ලැබුවාය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ කොළඹ බස්‌නාහිර උතුර දිසා භාර නියෝජ්‍ය පොලිස්‌පති එල්. පී. කුලරත්න මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ කැලණිය කොට්‌ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සී.ඊ. විදිසිංහ මහතාගේ උපදෙස් මත බස්‌නාහිර උතුර කොට්‌ඨාස විශේෂ අපරාධ විමර්ශන කොට්‌ඨාසයේ අධ්‍යක්‍ෂ සහකාර පොලිස් අධිකාරි ජගත් වීරකෝන් මහතාගේ මෙයෙවීම යටතේ එහි ස්‌ථානාධිපති පොලිස් පරීක්‍ෂක උපුල් සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් උප පරීක්‍ෂක අමරසේකර මහතා ඇතුළු පොලිස් කණ්‌ඩායමක් මේ සම්බන්ධ පරීක්‍ෂණ පැවැත්වූහ. මීට අමතරව පොලිස් කොස්‌තාපල්වරුන් වන විජිත (53842) රසික (2953) ගුණරත්න (10740) යන මහත්වරු සහ කාන්තා කොස්‌තාපල් දිස්‌නා (8804) මෙනවියද පරීක්‍ෂණ කටයුතු වලට සහභාගි වූහ.
ගයාන් සමරසිංහ

0 comments:
Post a Comment