facebook like

පැකර් හා ඩේවිඩ් ගහගත්ත තැන තිබිලා දත් දෙකක් අසල්වැසියන්ට හමුවෙලා

කැසිනෝ රජු ජේම්ස් පැකර්ගේ නම ශ්‍රී ලාංකිකයන්ට දැන් අලුත් නමක් නොවේ. කැසිනෝ රජු ජේම්ස් පැකර් හා චැනල් නයින් ප්‍රධානී ඩේවිඩ් ජින්ජෙල් පසුගියදා බලු පොරයකට වැටී සිටියේ ලොවම පුදුමයට පත් කරමිනි. ඒ ඕස්ට්‍රේලියාවේ බොන්ඩ් වෙරළ තීරය ආසන්නයේ පිහිටි පැකර්ගේ නිවෙස ඉදිරිපිට මහපාරේය.

ලෝකයේ මහා ව්‍යාපාරිකයන් දෙදෙනකු වන ජේම්ස් පැකර් හා ඩේවිඩ් ජින්ජර් මහ පාරේදී ඇල්ලූ පොරය මුළු ලොව පුරා යන්නට ගතවූයේ අසුරු සැණයකි. ඒ ජේම්ස් පැකර්ගේ බොන්ඩ් වෙරළ ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී තට්ටු නිවාසය ඉදිරිපිට
සිටියකු ඒ පිළිබඳව සජීවී විස්තර සටහනක් තම ෆේස් බුක් පිටුවට ඇතුළත් කළ නිසාය.
'දෙවියනේ, මගේ ගේ ඉස්සරහ පාරේ ලොකු සටනක්... පාතාලයන් නෙවෙයි. ජේම්ස් පැකර් සහ තවත් කෝපාවිෂ්ට වූ හාදයෙක් හරි හරියට පොරකනවා..... ක්‍රිස් වෝකර් සිය ෆේස්බුක් පිටුවේ සටහන් කළේය.

'ඔන්න පැකර්ට අත් මිටවූ පහරක් එල්ල වුණා. ඒත් ඔහුගේ හක්කට එල්ල වූ පහර කිහිපයක් වළකා ගත්තා. දැන් ඔවුන් කොන්ක්‍රීට් වැට උඩ. මට පේන විදියට අනික් හාදයාගේ මූණ පොඩි වුණා....'
ක්‍රිස් වෝකර් සජීවී විස්තර ප්‍රචාරයක් සිය ෆේස්බුක් පිටුවට එක් කළේය. කැසිනෝ රජාත් චැනල් නයින් ලොක්කාත් බලු පොරයකදී මෙන් බිම වැටී පොරකෑහ. විටෙක එකෙකුගේ දෙඅත්වලින් අනෙකාගේ හිස හැරවීමට නොහැකි වන සේ පොළොවට තද වී තිබිණි. මේ ගුටිබැට හුවමාරුවේදී වරෙක කැසිනෝ රජා මත චැනල් නයින් ලොක්කා වූ අතර අනෙක් වාරයේ චැනල් නයින් ලොක්කා මත කැසිනෝ රජා සිටින අයුරු දැකගත හැකිවිය.

ගුටිබැට හුවමාරුවේ යෙදෙන ලොක්කන් දෙදෙනා අෑත් මෑත් කරලීමට උත්සාහ දැරුවේ පැකර්ගේ ආරක්ෂක නිලධාරියෙකි. විටෙක තිදෙනාම එක ගොඩේ වැටුණහ.
මහපාරේ සිදුවූ මේ ගුටි කෙළිය කිසිවකු විසින් මුල සිට අග දක්වාම ඡායාරූප ගත කරනු ලැබ තිබිණි. එපමණක් නොව ගුටිකෙළියේ රඟ මේ යැයි පෙන්වන වීඩියෝ පටයක්ද විය. මෙම ඡායාරූප ගොන්න සහ වීඩියෝ පටය ගැන දැනගත් මාධ්‍ය ඔස්තාර්ලා පොර බදන්නට වූයේ එකිනෙකා පරයමින් ඒවාට මිල නියම කරන්නටය. අනෙකාට වඩා මිලක් ගෙවමින් ඒවායේ තනි අයිතිය තම මාධ්‍ය ආයතනයට ලබා ගැනීමටය.
සුප්‍රසිද්ධ ඩේලි මේල් පුවත්පත මෙම ඡායාරූපවලට පවුම් 20,000ක් ගෙවීමට සූදානම් විය. තවත් මාධ්‍ය ආයතන එකිනෙකා පරයමින් මිල ගණන් ඉදිරිපත් කරන්නට විය. අවසානයේදී ඡායාරූප හිමිකරගත්තේ නිවුස් කෝර්ප් (ව්ඥඹඵ ඛ්ධපන) ආයතනයයි. නිවුස් කෝප් ඒ සඳහා පවුම් 210,000ක මුදලක් ගෙවූ බව සැලවේ.
පසුව අනෙකුත් මාධ්‍ය වෙත නිකුත් කෙරුණු ඡායාරූප ගොන්නේ ව්ඥඹඵ ඛ්ධපන යන අකුරු ඝනකම අකුරුවලින් දිය සලකුණු කර තිබිණි. කැසිනෝ රජාත් චැනල් නයින් ලොක්කාත් අතර ඇතිවූ පොරයේ තියුණු ස්වාභාවය ලොවට දැකගත හැකිවූයේ එම ඡායාරූප තුළිනි.

ඉකුත් හතරවැනි ඉරිදා හවස් වරුවේදී මෙම පොරය ඇවිළීී ඇත්තේ පිරිමින් අතර නිතර පොර ඇතිවෙන ආකාරයටම 'කාන්තාවක' ද අෑඳෙමින් බව පසුව හෙළිව තිබේ. එහෙත් මෙහිදී නම් කාන්තාවක පමණක් නොව රූපවාහිනී පැපරාසි මෙහෙයුමක් පිළිබ¼ද සැකයක්, සැකකටයුතු සජීවී රූපවාහිනී යන්ත්‍ර සහිත වාහනයක් මෙන්ම ජංගම දුරකතන එස්.එම්.එස්. පණිවුඩ කිහිපයක්ද ඇවිළෙන ගින්නට පිදුරු වී තිබේ.
සිදුවීම ඇරැඹී ඇත්තේ ජේම්ස් පැකර් විසින් චැනල් 9 ලොක්කා ඩේවිඩ් ජින්ජෙල්ට යවනු ලැබූ කෝපාවිෂ්ට ඉර්ඉ පණිවුඩයකිනි. ඉන් කියැවුණේ තමා හා මිරැන්ඩා කර් අතර සම්බන්ධය සෙවීමට චැනල් 9 රූපවාහිනි සජීවී යන්ත්‍ර සහිත වාහනයක් බොන්ඩි වෙරළ ආසන්නයේ පිහිටි තම තට්ටු නිවාසය ඉදිරිපිට රඳවා ඇති බවයි.
සිද්ධිය විමසා බැලීමට චැනල් 9 ලොක්කා වහා එම ස්ථානයට ගියේය. ඔහු සිතූ පරිදිම චැනල් 9 වාහනය එහි නවතනු ලැබ තිබුණේ ජේම්ස් පැකර්ගේ නිවෙස ආසන්නයේ පදිංචිව සිටි චැනල් 9 සේවකයකු විසිනි. ඔහු රාජකාරි නිමා කොට පැමිණ නැවැත රාජකාරියක් අරඹන තෙක් තමාගේ වාහනය එහි නවතා තබා තිබේ.

ජේම්ස් පැකර් ඒ වන විට ජෙරුසලම් සංචාරයක් නිමවා තම පෞද්ගලික ජෙට් යානයෙන් ඕස්ට්‍රේලියාවට ළඟා වී පැය කිහිපයක් ගියා පමණකි. චැනල් 9 වාහනයක් සිය නිවෙස ඉදිරිපිට නවතා තැබීම ගැන ඉක්මන් පියවර ගනිමින් චැනල් 9 ලොක්කාට ඉර්ඉ පණිවුඩය යැව්වේ නිවෙස කරා පැමිණෙමින් සිටියදීය.
ජේම්ස් පැකර් මඟ එමින් සිටි නිසා චැනල් 9 ප්‍රධානී ඩේවිඩ් ජින්ජෙල් සිතුවේ ඔහු එනතෙක් රැඳී සිට සිදුවී ඇති දෙය ඔහුට පහදාදීමටය. වැරැදි අවබෝධය තුරන් කිරීමටය. එහෙත් සිදුවූයේ වඳින්නට ගිය දේවාලේ ඉහට කඩා වැටීමය.
කෝපයෙන් පැමිණි ජේම්ස් පැකර්ට තම නිවෙසේ ‍ෙදාරටුව ළඟ නවතා තිබෙන ඩේවිඩ් ජින්ජෙල්ගේ වාහනය දැකීමෙන් කෝපය දෙගුණ තෙගුණ විය. වාහනය ඉවත් කරන්නැයි ඔහු ඩේවිඩ් ජින්ජෙල්ට බෙරිහන් දුන්නේ කුණුහරුප කිහිපයක්ද එක් කරමිනි. ඒවාට ජින්ජෙල් උත්තර දුන්නේද කුණුහරුපයෙනි. දෙදනා බලු පොරයට වැටුණේ මොහොතක් යන්නටත් පෙරය.

සමාජයේ ඉහළ තලයේ ජීවත්වන ජේම්ස් පැකර් හා ඩේවිඩ් ජින්ජෙල් දෙදෙනාටම එම මොහොතේ තමන්ගේ තත්ත්වයන් පිළිබඳ අවබෝධයක් නොතිබිණි. දෙදෙනාම කෝපාවිෂ්ටව එකිනෙකා පරයමින් එකිනෙකාට පහර දෙන්ටත් බොර බදන්නටත් වූහ.
ජේම්ස් පැකර්ගේ ආරක්ෂකයකුගේද මැදිහත්වීම ඇතිව පොර බැදුම අවසානයේ ජේම්ස් පැකර්ගේ ඇසක් යට කළු වී තිබෙනු දක්නට ලැබිණි. ඩේවිඩ් ජින්ජෙල්ගේ පාදයක සපත්තුව නොවීය.

පැයකට පමණ පසුව ජේම්ස් පැකර්ගේ නිවෙසට වෛද්‍යවරයකු පිවිසෙනු මාධ්‍යකරුවෝ නිරීක්ෂණය කළහ. පැකර්ගේ සුඛෝපභෝගී මහල් නිවාසයෙන් කෙනකු නැවැත පොරය ඇතිවූ තැනට ගියේ ජේම්ස් පැකර්ගේ අව් කණ්ණාඩිය වැටී ඇත්දැයි සොයා බැලීමටය.
අසල්වාසීන් පිරිසක් පොරය ඇතිවූ තැනට විත් ගැලවුණු දත් සොයමින් සිටි බව ඇතැම් මාධ්‍යයක් වාර්තා කර තිබිණි. ජේම්ස් පැකර්ගේ දත් ගැලවී නැතැයි ඔහුගේ ප්‍රකාශකයකු මාධ්‍යයට කියා තිබිණි. අසල්වැසි කාන්තාවක පසුව කියා තිබුණේ තමන්ට බොරු දත් හමුවූ බවයි. එහෙත් මෙම දත් පොර බැදුණු දෙදෙනාගෙන් කාට අයත් ඒවාදැයි හෙළිවී නැත.

පසුදා ජේම්ස් පැකර් හා චැනල් 9 ප්‍රධානී ඩේවිඩ් ජින්ජර් අතර සමඟි සන්ධානයක් ඇති කරන්නට ඇතැම්හු මැදිහත් වූහ. පැකර්ගේ ක්‍රවුන් කැසිනෝ සමාගමේ නියෝජ්‍ය විධායක සභාපති ජෝන් ඇලෙක්සැන්ඩර් හා සෙවන් වෙස්ට් මීඩියා අධ්‍යක්ෂ මණ්ඩලයේ ස්ටෝක් ඒ අතර වූහ. තමාගේ යටි රැවුල කපා දමා නව පෙනුමකින් චැනල් 9 ප්‍රධානී ඩේවිව් ජින්ජෙල්ද පැකර්ගේ වෙරළබඩ නිවෙසට පැමිණියේය. බ්ලුබෙරි, බේකන්, කැවියර් හා පැස්ට්‍රා ඇතුළත් සුඛෝපභෝගී ආහාර පාන ඇණවුම් කොට තිබිණි.
අවසානයේ ජේම්ස් පැකර් හා ඩේවිඩ් ජින්ජෙල් මාධ්‍යයට ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කළහ. එහි සඳහන් වූයේ,
"වසර 35ක මිත්‍රත්වය මෙවැනි සුළු දේ හේතුවෙන් වෙනස් වන්නේ නැත. දෙදෙනාම සමාන ආකාරයට ගුටිබැට හුවමාරු කරගත් අතර අපි එකිනෙකාට ගරු කරමු. මෙම සිදුවීම පිළිබඳ දෙදෙනාගෙන් කිසිවකු හෝ වැඩිදුර විවේචන නොකරනු ඇත" යන්නය.

ප්‍රකාශයේ මෙසේ සඳහන් වුවද ජේම්ස් පැකර් හා ඩේවිඩ් ජින්ජෙල් අතර ඇතිවූ භේදභින්නය එසේ සුළුවෙන් නිමාවේ යැයි බොහෝ දෙනා නොසිතති. ඊට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ පසුගියදා ගුටිබැට හුවමාරුව ඇතිවූයේ දෙදෙනා අතර කලක් තිස්සේ පැවැති නොහොඳ නොක්කාඩුවත් හිත් තුළ පැසවමින් තිබූ හෙයින් බවය.
මේ වන විට 46 හැවිරිදි වියේ පසුවන ජේම්ස් පැකර් හා 47 හැවිරිදි වියේ පසුවන ඩේවිඩ් ජින්ජෙල් අතර මිතුදමට වසර තිස් පහකි. ජේම්ස් පැකර්ගේ පියා හා ඩේවිඩ් ජින්ජෙල්ගේ පියා මිතුරන්ය. ඔවුන් එකම පාසලක ඉගෙනුම ලබා ඇති අතර තූර්යවාදක කණ්ඩායමේද එකට සිට ඇත. 1999දී සිය පියාගේ ව්‍යාපාරවලට අත ගැසීමෙන් පසු පැකර් ජින්ජෙල්ට රැකියාවක් ලබාදී තිබේ. අවසානයේදී ජේම්ස් පැකර්ට අයත්ව තිබූ චැනල් - 9 ප්‍රධාන විධායක නිලධාරි බවට පත්විය.
පැකර් හා ජින්ජෙල් කොතරම් සමීප මිතුරන්ද යන්න ලොවට හෙළිවූයේ 2004දී ජින්ජෙල් හා ලෙයියා මැකිනොත් අතර විවාහය සිදුවෙද්දී ජේම්ස් පැකර් දෙවැනි මනාලයා ලෙසට පෙනී සිටීමෙනි. අනතුරුව 2007දී ජේම්ස් පැකර් එරිකා බැක්ස්ටර් සමඟ සිය දෙවැනි විවාහ දිවියට එළඹෙද්දී දෙවැනි මනාලයා ලෙස පෙනී සිටියේ ඩේවිඩ් ජින්ජෙල්ය. වරෙක ජින්ජෙල් පැකර්ට අයත් වූ චැනල් - 9 සේවයෙන් ඉවත් විය. පසු කලෙක චැනල් - 9 සේවය පැකර් පෞද්ගලික ව්‍යාපාරයකට විකුණූ පසු ජින්ජෙල් නැවැත එහි සේවයට බැඳුණේය. පසුව ජින්ජෙල් හා පැකර් සහයෝගීව කටයුතු කළේය. එහෙත් නැවැත 2010දී පැකර් මාධ්‍ය ව්‍යාපාරයට අත ගැසීය. නෙට්වර්ක් 10 රූපවාහිනි සේවයෙන් 9%ක් මිලදී ගත්තේය. තරගකාරී රූපවාහිනි සේවයක් සමඟ පැකර් එක්වීම ජින්ජෙල්ගේ සතුටට හේතු නොවන්නට ඇත.

රු. කාරියවසම්

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive