facebook like

අර්ජුන් රාම්පාල් එක්ක රැයක් ගත කරන්න කැමැතියි - දීපිකා පදුකෝන්

උදේට නින්දෙන් නැඟිටිනකොට ඔබ ළඟ රන්බීර් කපූර් ඉන්නව නම් මොකද කරන්නේ?
ආයෙත් නිදා ගන්නවා.
සිද්ධාර්ථ මාලි හා රන්බීර් දෙන්නගෙන් ඔබව හදිසියෙන්ම උස්සන් යනවට කැමැති කවුද?
ඒ කිසිකෙනෙක්ට උස්සන්න දෙන්නෙ නෑ.
ප්‍රේමණීය රාත්‍රියක් ගත කරන්න යන්න කැමැති මොන නළුවත් එක්කද? හොලිවුඩ් නළුවො ගැන නම් කියන්න
එපා...
කැමතිම අර්ජුන් රාම්පාල්.
ඒක ලැජ්ජයි නේද?
ඇයි ඒ? එයා නළුවෙක් නෙවෙයිද?
ඒ වුණාට ඔහු කසාද බැඳපු කෙනෙක්නෙ. ඔහුගේ බිරිය දැනගත්තොත් මරයිනෙ ඔබව...
ඒක එයා දන්නවා. ඒ නිසා ඒකත් ලොකු ගැටුමක් තමයි.
නිළියන් දෙන්නෙකුට යාළුවන් වෙන්න බැරිද?
එකම ක්ෂේත්‍රයේදී කවදාවත් බෑ.
පිරිමින්ව විශ්වාස කරන්න පුළුවන්ද?
හුඟක් පිරිමින්ව විශ්වාස කරන්න බෑ.
අනියම් ප්‍රේමයක් ඇත්ත ආදරයක් වෙන්න පුළුවන්ද?
ඔව් ඇත්ත එකක් වෙන්න පුළුවන්?
මුහුණ දුන්න ප්‍රබලම විවේචනය මොකක්ද?
කෙනෙක් ඇහුවා ඔයා කොහෙ ඉඳන්ද ආවෙ කියලා. මං කිව්වා ඉන්දියාවෙන් කියලා. එතකොට එයා කිව්වා ඔයා හිතන් ඉන්නෙ ඔයා ආවේ පාරාදීසෙකින් කියලද කියලා.
රන්බීර්, ඉම්රාන් දෙන්නගෙන් කාටද දීප්තිමත් අනාගතයක් තියෙන්නෙ?
දෙන්නටම.
රඟපෑමේ හැකියාව අනුව කත්‍රිනා, සෝනම්, ප්‍රියංකා, කරීනා නිළියන්ගේ නම් පිළිවෙළට කියන්න.
කරීනා, ප්‍රියංකා, සෝනම්, කත්‍රිනා
රන්බීර්, රිතික්, සයිෆ්, ඉම්රාන්, ජෝන් ඒබ්‍රහම් යන අයගෙන් වඩාත් සරාගික කවුද?
ජෝන් ඒබ්‍රහම්
එතකොට අනෙක් අය.
පිළිවෙළින් කියන්නම්, ජෝන්, රිතික්, ඉම්රාන්, සයිෆ්, රන්බීර්
ඔයා කියන්නෙ රන්බීර් සරාගික නෑ කියලද?
මං හිතන්නෙ නෑ එයා ඒ තරම් සරාගිකයි කියලා.
රන්බීර් ගැන මොකද කියන්නෙ?
සමීප යාළුවෙක්.
ඔබ පත්තරකාරයන් ගැන මොකද කියන්නෙ?
එයාලට ඕනෙ අපි කවදද බඳින්නෙ? ළමයි හදන්නෙ? බෙඩ්රූම් එකේ බාත්රූම් එකේ මොනවද කරන්නෙ. ඒ ඔක්කොම. මට ඕනෙ මගෙ පෞද්ගලිකත්වය ඔවුන්ගෙන් ආරක්ෂා කරගන්න.
ඇයි ඔයා ඔයා ගැන ලියනවට අකැමැතිද?
මිනිස්සු කැමැතියි ජනප්‍රිය අයගෙ දේවල් කියවන්න. සමහර අය අපේ පෞද්ගලිකත්වයට හානි කරනවා.
රන්බීර් හා ඔයාගෙ ප්‍රේම සම්බන්දෙට මොකද වුණේ?
අපි හුඟාක් උත්සාහ කළා එකිනෙකා තේරුම් ගන්න. හුඟාක් ළඟින් ඉන්න. ඒත් අපි දෙන්නම හුඟාක් කාර්යබහුල වුණා. අපිට ඕන විදියට අපිට සමීප වෙන්න බැරි වුණා. ඔහු හොඳ කෙනෙක්. යාළුවෙක්. හැබැයි එයා පෙම්වතෙක්ගෙ දක්ෂතාව නම් වැඩි කරගන්න ඕනෙ. රන්බීර් කියන්නෙ දක්ෂ පෙම්වතෙක් නෙවේ.
එතකොට ඔයා දක්ෂද?
මම ඒ ජාතියේ නොවේ.
පහුගිය කාලෙ ගැන හිතද්දි මොකද හිතෙන්නේ?
හුඟාක් සතුටු වෙනවා. සාර්ථකත්වය වෙනුවෙන් හුඟාක් දේවල් කළා. හුඟාක් ඒවා හරිගියා. සමහර ඒවා වැඩ කළේ නෑ. ඒත් මම තෘප්තිමත්.
සමාව දීම ගැන මොකද හිතෙන්නේ?
එක වතාවක් දුන්නම ඒක පුරුද්දට යනවා. ඊට පස්සෙ ඒක කළ හැකි දෙයක් නොවෙයි.
ඒක මේ අලුත් පරම්පරාවේ හැටිද?
පරම්පරාවට බනින එක වැරැදියි. අපේ මවුපියන්ට හොඳ විවාහ ජීවිතයක් තිබුණා. ඔවුන් ගොඩක් කැප වුණා ඒ වෙනුවෙන්. ආදරය හා විවාහය දැනුත් සුන්දරයි. ඒත් ඒ වෙනුවෙන් කැපකිරීම් කරන්න අපට බෑ.
රන්බීර් අත්හැරල සිද්ධාර්ත් මාලියා එක්ක ප්‍රේම සම්බන්ධයක් පටන් ගැනීම ගැන සතුටුද?
මං එහෙම කළාද?
එතකොට ඔයා ගැනයි සිද්ධාර්ත් ගැනයි පත්තරේ කියන දේවල් ගැන මොකද කියන්නේ?
මට ගොඩක් යාළුවෝ ඉන්නවා. එයත් මගේ යාළුවෙක්. මං දන්නෙ නෑ පත්තරේට ඒවා යන්නෙ කොහොමද කියලා.
ඔයා පච්චයක් කොටල තියෙන්නෙ ඇයි?
මං කවදාවත් ඒ ගැන කාටවත් කියල නෑ. ඒත් ඒක කළා කියලා කනගාටු වෙන්නෙත් නෑ. ඒ වගේම අයින් කරන්නෙත් නෑ.
ඔයා කත්‍රිනාට කැමැතිද?
මං දන්නෙ නෑ මං එයාට කැමැතිද අකැමැතිද කියලා.
චිත්‍රපටයකදී ඔබව සිපගැනීමේ දර්ශනයකදී මොන වගේ හැඟීමක්ද දැනෙන්නේ?
මට ඒක සැත්කමක් වගේ.
එතකොට රන්බීර් සිපගනිද්දි එහෙමද?
එතකොට නං ඒක සිහින ලෝකයක් වගේ.
ෂාරුක්, අමීර්, සල්මාන් තුන්දෙනාගෙන් කැමති කාටද?
ෂාරුක් ඛාන්ට.

සහන් ආකර්ශ වික්‍රමසිංහ

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive