facebook like

ලාංකික රහස් ඔත්තුකරු ගැන තතු හොයන්න හමුදාව සූදානම්

ඉන්දියාවේ දී අත්අඩංගුවට ගත් පාකිස්ථානු අයි.එස්.අයි. රහස් ඔත්තු සේවයේ සාමාජිකයකු බව කියන ශ‍්‍රී ලාංකිකයා සම්බන්ධ තොරතුරු එරට ආරක්ෂක අංශවලින් මෙරටට ලබාගැනීමට තීරණය කර ඇති බව ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී ජෙනරල් ජගත් ජයසූරිය පැවැසී ය.

එ් අනුව මොහොමඞ් සකීර් හුසේන් නමැති සාක්ෂිකරුගේ මෙරට ක‍්‍රියාකරකම් සොයබැලීමට නියමිත බව හෙතෙම සඳහන් කළේ ය.

‘ඉන්දියාව මේ සම්බන්ධයෙන්
මෙතෙක් ශ‍්‍රී ලංකා ආරක්ෂක අංශවලට තොරතුරු ඉදිරිපත් කර නැහැ. එසේවුවත් අදාළ සැකකරු ශ‍්‍රී ලාංකිකයෙක් නම් ඔහු සම්බන්ධව තොරතුරු සොයාබැලීම අවශ්‍ය’ යැයි ජෙනරල් ජගත් ජයසූරිය පැවැසී ය.
මෙම සැකකරු සම්බන්ධයෙන් ඉන්දියාව කරගන යනු ලබන පරීක්ෂණ බුද්ධි අංශ නිලදාරීන් ඔස්සේ දෙරට අතර තිබෙන සම්බන්ධතා අනුව හුවමාරු කරගැනීමට නියමිතව ඇතැයි ද ජෙනරල් ජගත් ජයසරිය පැවැසී ය.

මේ අතර ඉන්දීය අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කෙරෙන පාකිස්ථානු අයි.එස්.අයි. රහස් ඔත්තු සාමාජිකයකු බව කියන ශ‍්‍රී ලාංකිකයා මිනිස් ජාවාරමෙහි නිරත වූවෙක් බව ද ඉන්දීය වාර්තා ඊයේ අනාවරණය කළේය.

මොහොමඞ් සකීර් හුසේන් නමැති මෙම සැකකරු මිනිස් ජාවාරමට සම්බන්ධ අපරාධ ගණනාවක් හේතුවෙන් තායිලන්තය, ශ‍්‍රී ලංකාව, සිංගප්පූරුව යන රටවල අවස්ථා කිහිපයකදී සිර දඬුවම් විඳ ඇතැයි ද ප‍්‍රශ්න කිරීමේදී එරට ආරක්ෂක අංශ අනාවරණය කරගෙන ඇත.

වසර 4ක් සිංගප්පූරුවේ ද ශ‍්‍රී ලංකාවේ සහ තායිලන්තයේ වසර බැගින් ද මිනිස් ජාවාරම සම්බන්ධයෙන් හුසේන් සිර දඬුවම් විඳි බවට අනාවරණය වී තිබේ. ඉන්දියාව තුළ රහස් ඔත්තු බැලීමේ මෙහෙයුම් කි‍්‍රයාත්මක කිරීමට පෙර හුසේන් මෙසේ මිනිස් ජාවාරම් සිදුකර ඇති බවට හෙළිවී ඇතැයි ඉන්දිය වාර්තාවල සඳහන් ය. හුසේන් කොළඹ සිට මිනිසුන් නීතිවිරෝධී විදෙස්ගත කිරීමට නම් දැරූ අයෙක් බවට ද කියැවෙයි.

37 හැවිරිදී සකීර් හුසේන් චෙන්නායිහිදී අත්අඩංගුවට ගැනුණේ පසුගිය 29 වැනිදාය. ඔහු ලබන 13 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඉන්දීය චෙන්නායි මහේස්ත‍්‍රාත් අධිකරණයක්  නියෝග කර තිබිණ. හුසේන් විසින් ඉන්දියාවේ කෝචි හා විශාඛාපට්ටනම් නාවික හමුදා කඳවුරු දෙකක් හා දකුණු ඉන්දියාවේ ඇමෙරිකානු, ඊශ‍්‍රායල වැනි විදෙස් කොන්සල් කාර්යාලවලට ප‍්‍රහාර එල්ල කිරීම සඳහා පාකිස්ථානු අයි.එස්.අයි. රහස් ඔත්තු සේවයට තොරතුරු ලබාදුන් බව ඉන්දීය තොරතුරුවලින් කියැවෙයි. එ් හේතුවෙන් දකුණු ඉන්දියාවේ සියලූම ගුවන් තොටුපළ හා විශේෂ ස්ථානවලත් දකුණු ඉන්දීය වෙරළ තීරයේත් ආරක්ෂාව තර කිරීමට ඉන්දියාව මේ වනවිටත් පියවර ගෙන තිබේ.

(රමේෂ් වරල්ලේගම/ ප‍්‍රබෝධා හෙට්ටිආරච්චි)

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive