w3lanka -
සාමාන්‍යයෙන් මිනිසුන් පැහැරගෙන ගොස් වධ දී මරා දැමීම සම්බන්ධයෙන් 'කීර්තියක්' ඇත්තේ පොලිසියටයි.
මෑතක් වනතුරු ම පොලිසියට අත තබන්නට සමත් අපරාධකරුවෝ නො සිටිය හ. එහෙත්, වත්මන් ආණ්ඩුව විසින් උදා කර දී තිබෙන ආශ්චර්යවත් තත්වය තුළ දැන් පොලිස් නිලධාරීන් පැහැරගෙන ගොස් වධ දී මරා දමන්නට සමත් අපරාධකරුවෝ ද බිහි වී සිටිති.
ඕනෑම අපරාධයක කෙළවරේ හමුදා පුහුණුව ලද පුද්ගලයෝ සිටිති. ත්‍රස්තවාදය නැති කරන්නට ය කියා
කරන ලද යුද්ධය වෙනුවෙන් පුහුණු කරන ලද සොල්දාදුවන් අතරින් අලුත් ත්‍රස්තවාදීන් පිරිසක් බිහි වී තිබේ.
ඔවුහු රිසි සේ සොරකම්, මංකොල්ලකෑම්, මිනීමැරුම් හා ස්ත්‍රී දූෂණ ආදියේ යෙදෙති. මෙම පුද්ගලයෝ දේශපාලකයන් සමග ද සමීපව කටයුතු කරති.
දේශපාලකයෝ මංකොල්ල කති. ජනතාව එවැනි මංකොල්ලකරුවන් සිය නියෝජිතයන් ලෙස තෝරා පත් කර ද ගනිති.
වැදගත් වන්නේ සල්ලිවලින් ගෙවන ජීවිතය මිස සල්ලි හම්බ කළ ආකාරය නො වේ. කුමන ආකාරයකින් හෝ ධනවතකු වුවහොත් බලය ඔහු සොයා එයි. සමාජය ඒ ධනවතුන්, බලවතුන් වන්දනා කරයි.
රටේ නායකයන් වී සිටින්නේ මහා පරිමාණ මහජන මුදල් මංකොල්ලකරුවෝ ය. මානව වර්ගයාට එරෙහි ආර්ථික අපරාධකරුවන් වන මොවුන් ඇත්තෙන් ම සිටිය යුත්තේ පාර්ලිමේන්තුවේ නොව සිරගෙවල්වල ය. එහෙත්, මහජන මුදලින් නඩත්තු වන පොලිසිය ඔවුන් ආරක්ෂා කරයි. මහජනතාව ඒ ක්‍රමය අනුමත කරමින්, බදු ගෙවමින් පවතින ක්‍රමය ආරක්ෂා කරති.
උදා වී තිබෙන්නේ නිල ඇඳුම් ඇඳි පොලිස් නිලධාරියකුටවත් අවේලාවේ මහපාරක බසින්නට බැරි සමයකි. ඔබේ දරුවන් ගැන කවර කතා ද?
අඩු තරමේ ඔබේ දරුවන් වෙනුවෙන්වත්, මේ අමන ක්‍රමය වෙනස් කිරීම ගැන සිතන්න.

0 comments:
Post a Comment