facebook like

OIC මියගිය හංවැල්ලේ සිද්ධිය ජිනීවා කුමන්ත‍්‍රණයක්ලු -- පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක අජිත් රෝහණ

කොළඹ අවිස්සාවේල්ල මාර්ගයේ හංවැල්ල ප‍්‍රදේශයේ සිදුවූ නොසන්සුන්තාව ශ‍්‍රී ලංකා රජය සහ පොලීසිය අපකීර්තියට පත් කිරීමේ අරමුණින් දියත් කළ සැලසුම් සහගත කි‍්‍රයාවලියක් ලෙස සලකන බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා 16 දා හවස කොළඹ ‍පොලිස් මූලස්ථානයේදී හදිසි මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව ප‍්‍රකාශ කළේය.

'' මෙම විරෝධතාකරුවන් පලවා හැරීමට ‍පොලීසිය යොදා ගත්තේ කඳුළු වායුව හා ජල ප්‍රහාර පමණයි. එහෙත් කිසිදු ආකාරයක ප්‍රහාරයක් දියත් කරේ නැහැ.ජිනීවා හි මානව හිමිකම්
සැසිය පැවැත්වෙන අවස්ථාවක මෙවැනි සිදුවීම් ඇතිකර රජයත් ජනතාවත් රටත් අපහසුතාවයට පත් කරලීමට විවිධ කොටස් ක්‍රියා කරනවා. ජනතාව මෙවැනි උසිගැන්වීම්වලට නොරැවටිය යුතුයි.'' යයි ද ඔහු අවධාරණය කළේය.

සිද්ධිය පිළිබඳ විමර්ශන සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් පත්කර ඇති බව එහිදී ඔහු කියා සිටියේ ය.

එම කටයුතු පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදුකරන බවද ඔහු ප‍්‍රකාශ කළේය.

මෙම ඝාතනය හා ඊට සම්බන්ධ ප්‍රචණ්ඩකාරී සිදුවීම් ගම්වැසියන් විසින් හුදකලාව සිදුකළ ඒවා නොවන බවත් මේ සිද්ධි පිටුපස සංවිධානාත්මක කණ්ඩායමක් සිටින බවත් දැනට සිදුකළ පරීක්ෂණවලදී හෙළිදරව් වී ඇති බවද අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.‍

පොලිස් ස්ථානාධිපතිවරයා මත පතිත වූ රබර් ගස අර්ධ ලෙස කපා දමා අවශ්‍ය වේලාවකදී තල්ලු කර දැමීමට සැලසුම් කර තිබූ බවටත් දැනට අනාවරණය වී ඇති බව ද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

පසුගිය කාලයේ ඇති වු සිද්ධීන් රැසකදීම පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වශයෙන් අජිත් රෝහණ මහතා සිය තනතුරේ සීමාවන් උල්ලංඝණය කර ඇති බැවින් ඔහුව එම තනතුරෙන් ඉවත් කල යුතුබවට එක්සත් ජාතික පක්ෂය ඔහුට චෝදනා කර තිබුනා. ඔවුන් චෝදනා කලේ ස්වාධීන තනතුරක් උවද අජිත් රෝහන මහතා ආණ්ඩුවට පක්ෂග‍්‍රාහීව කටයුතු කරන බවයි. හෙල්මට් දමාගෙන සිදුකල මංකොල්ලයකදී ඔහු සිදුකල ප‍්‍රකාශයන්ද පසුගිය කාලයේ ආන්දෝලනාත්මක වූවා.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive