විනිමය වංචාවක් සිදු කර රුපියල් කෝටි 39ක මුදලක් ඇමෙරිකානු ධන කුවේරයකු වන රාජ් රාජරත්නම් විසින් මෙරටට එවා තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි රවි කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන්ගේ ඉල්ලීම සහ අවශ්‍යතාව මත බව කොළඹ මහාධිකරණයේදී පෙරේදා (13දා) හෙළිදරව් විය.නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජේයෂ්ඨ නීතිඥ දිලීප පීරිස් මහතාගේ මෙහෙයවීම යටතේ හිටපු අතිරේක
විනිමය පාලක කුමාර පෙරේරා මහතා ලබා දුන් සාක්ෂියක් මත එම කරුණු හෙළිදරව් විය.
මෙම නඩුව කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු රෝහිණී වල්ගම මහත්මිය ඉදිරියේ පෙරේදා (13දා) කැඳවූ අවස්ථාවේදී දැනට ඇප මත මුදා හැර සිටින විත්තිකාර රවි කරුණානායක, ලින්කන් පියසේන සහ නෙක්සියා සමාගම නියෝජනය කරමින් නියෝජිතයෙක් පැමිණ සිටියහ.
රජයේ ජේයෂ්ඨ නීතිඥ දිලීප පීරිස් මහතාගේ මෙහෙයවීම යටතේ පැමිණිල්ලේ සාක්ෂිකරුවකු වන අතිරේක විනිමය පාලක කුමාර පෙරේරා මහතා සාක්ෂි දෙමින් ඉකුත් නඩු වාරයේදී කියා සිටියේ විදේශයක සිට කොළඹ පෞද්ගලික බැංකුවකට ඇමෙරිකානු ඩොලර් මිලියන 3ක් ලැබුණු බවයි.
රාජරත්නම් විසින් එවන ලද ඩොලර් මිලියන දෙකක මුදලක් සහ තවත් ආයතනයකින් එවන ලද ඩොලර් මිලියන එකක මුදලක් මහ බැංකුවේ අවසරයකින් තොරව ස්ටෑන්ඩර්ඞ් චාර්ටට් බැංකුවේ තැන්පත් කිරීමෙන් මෙරට විනිමය නීති උල්ලංඝනය වන බව පවසමින් අදාල නඩුව ගොනු කර තිබේ.
හිටපු අතිරේක විනිමය පාලක කුමාර පෙරේරා මහතාගෙන්, විත්තිකාර රවි කරුණානායක මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා හරස් ප්‍රශ්න අසා තිබූ අතර එයින් මතුවූ ඇතැම් කරුණු සම්බන්ධයෙන් රජයේ ජේයෂ්ඨ නීතිඥ දිලීප පීරිස් මහතා නැවැත සාක්ෂි විමසනු ලැබීය.
නඩුව ලබන 28 වැනිදා යළි කැඳවන ලෙස නියම කළ විනිසුරුවරිය, එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස විත්තිකරුවන්ට නියම කළාය.

0 comments:
Post a Comment