facebook like

අවු:550කටත් වඩා මළ මිනිය නරක් නොවී තියෙන්න රාහුල හාමුදුරුවො බීපු බලගතු තෙල මෙන්න

 තොටගමුවේ ශ්‍රී රාහුල හිමි භාවිත කළා යැයි කියැවෙන සරස්වතී තෛලයේ වට්ටෝරු පහක්, උන්වහන්සේ භාවිත කළා යැයි කියැවෙන තෙල් බෙහෙත් පුස්කොළ පොත, වසර හයසියයක් පැරැණි යැයි කියැවෙන, මෑතක කිසිවකු පරිහරණය නොකළ පුස්කොළ පොත් අල්මාරිය පිළිබඳ මෙම දිනවල අපි පරීක්ෂා කරමින් සිටින්නෙමු.
අද මෙම ලිපියේ කෙරෙන හෙළිදරව්වද ඒ අනුව ලියැවුණකි.

 මේ පංචිකා ප්‍රදීපය නම් ග්‍රන්ථය කියන කතාවයි.

ක්‍රිස්තු වර්ෂ 1412-1467දී පරාක්‍රමබාහු රජු විසින් පින්වත් කුමරුවකු පුත් තනතුරේ තබා ඇති දැඩි කරන ලදී. මෙම කුඩා කුමරුවා විසින් රජු බැහැදුටු පළමු දිනයේම මේ කව කියන ලදී.
මා වැනි බිලින්දා

වර වර ළඟට කැන්දා

දුක්සැප කුමන්දා

අසන නිරිඳෝ වෙන කොයින්දා

 තොටගමුවේ රාහුල හිමියන් ගැන ප්‍රසිද්ධ කතා අතර එක් අප්‍රසිද්ධ කතාවකුත් තියෙනවා. මේ කතාව මට එන්නෙ අපේ පරම්පරාවෙන්. අපේ පරම්පරාව, තොටගමුවේ රාහුල හිමියන්ගේ කාලයෙන් හරියටම බාගයක් පරණයි. ඒ කියන්නේ අවුරුදු තුන්සියයක්. උන්හන්සේගේ කාලය අවුරුදු හයසීයක්.

ගුරුකම් පරපුරක වත්මන් පුරුක මම. මමත් දකුණේ. අපිට තොටගමුව අත පොවන මානයේ. අපේ පරම්පරාවත් ඔය යන්ත්‍ර, මන්ත්‍ර, තෙල් බෙහෙත් ශාස්ත්‍රයට සම්බන්ධයි. අපි ඒවා ඉගෙන ගත්තු අය. අපි පාවිච්චි කළේ අපේ මුතුන් මිත්තන්ගේ පොත්. මුතුන් මුත්තො පාවිච්චි කළේ ඒ කාලෙ හිටපු වෙනත් අයගේ පොත්.
මේ පොත් බොහොමයක් ලිව්වේ රාහුල හාමුදුරුවොයි, උන්වහන්සෙගෙ ගුරු වීදාගම මෛත්‍රි හාමුදුරුවොයි. ඒ කාලෙ ඒ පුස්කොළ පොත්වලින් කොපි කරගත්තු ඒවා තමයි අදටත් අපි පාවිච්චි කරන්නේ.
පාරම්පරික ගුරුන්නාන්සේ දයා ගුණසේන තොරුතුරු හෙළිදරව් කරමින් සිටියි.

තොටගමුවේ රාහුල හාමුදුරුවො ගැන ප්‍රසිද්ධ කතා අතර එක් අප්‍රසිද්ධ කතාවක් තියෙනවා. අපි ඉස්සෙල්ලම බලමු අර ප්‍රසිද්ධ කතාව.
වීදාගම මෛත්‍රි හාමුදුරුවෝ හින්දා තෙලක්. ඒ සරස්වතී තෛලය. මේ තෛලය ගුරු හාමුදුරුවෝ දිව ගෑවේ අශ්ව ලෝමයෙන්. ඒකත් ගසලා. මේ තෙල පානය කරපු රාහුල හාමුදුරුවෝ සිහි නැති වුණා. ඊට පස්සෙ ගුරු හාමුදුරුවෝ ඇවිල්ලා බෙහෙත් ඔරුවක දාලා සනීප කළා. අද ගෝවේ තියෙන දේහය දිරන්නෙ නැත්තේ ඒ තෙලේ බලේ හින්දා. තාමත් ඒ දේහයේ නියපොතු, කෙස් වැවෙනවා. රාහුල හාමුදුරුවන්ගේ දේහය තාමත් දිරන්නෙ නැතුව තියෙන්නේ ඒ තෙලේ බලේ හින්දා.

 මේක තමයි ජනප්‍රවාදයේ එන ජනප්‍රිය කතාව. ඒ වුණාට මං දැන් කියන්න යන්නෙ ජනප්‍රවාදයේ එච්චර කතා කරන්නෙ නැති හැංගිච්ච කතාවක්.

රාහුල හාමුදුරුවන්ගේ දේහය නොදිරන්නෙ සරස්වතී තෛලය ගොඩාක් බීපු හින්දා නෙවෙයි. ඒ සිද්ධාලෝක රසය කියන බලවත් තෙල බීපු හින්දා. උන් වහන්සේ මේක කළේ ජීවිතේ අන්තිම කාලේ. මේ වට අපි කියන්නේ පුරාණ රහස් තෙල් බේත් වට්ටෝරු. ඒ කාලෙ මේවා ලිව්වේ පුස්කොළ පොත්වල. ඊට පස්සෙ ඒවා බලාගෙන අපේ අය ලිව්වා. අද අපි පාවිච්චි කරන්නෙ ඒ ලියපු වට්ටෝරු.

 මේ වට්ටෝරුවල ඉතිහාසය ගැන බැලුවම රාහුල, වීදාගම කියන හාමුදුරුවන් ලියපු වට්ටෝරුවලට සමානකමක් තියෙනවා. ඒක හැබෑවටම ඔප්පු වෙනවා මේවයේ තියෙන බලය, ගුණය බැලුවම.

මට අවුරුදු තුන්සීයක් පරණ අපේ පරම්පරාවෙන් ලැබුණු උරුමයක ලියලා තියෙනවා සරස්වතී තෛල වර්ග හයක් ගැන. මේ තෙල් වර්ග පහම ගුණදායකයි. ඒක අත්දැකීමෙන් මම කියන්නෙ. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. ඒ අතරින් රාහුල හාමුදුරුවො පාවිච්චි කරපු තෙල් වර්ගය මොකද්ද කියලා සටහන් කරලා නෑ. ඒ වුණාට ඒක සරස්වතී තෙල් වර්ගයක්. යටින් ලියලා තියෙනවා මේ විදියට.
තෛලය වැළැඳීම.

අශ්ව ලෝමයක් ගනු. මෙම අශ්ව ලෝමය රජකුට අයත් අශ්වයකුගේ ලෝමයක් වීම මැනැවි. එය තෙලේ ලනු. ගසනු. දිවේ ගානු. උදය වරුවේ කිරීම යහපති.

තෛලයේ ශේ්‍රෂ්ඨ ගුණ.
තෛලය එසේ සත් දිනක් දිව ගෑමෙන් පණ්ඩිත වේ. දහහතර දිනක් දිව ගෑමෙන් කටහඬ කිඳුරුනාද වේ. මසක් වැළැඳීමෙන් මයුරන්ට මෙන් ඇස් පෙනේ. දෙමසක් වැළැඳීම බ්‍රහස්පති හා සමානවේ. තුන් මසක් වැළැඳීමෙන් සරස්වතිය හා සමානවේ. මෙය සරස්වතී තෛලයයි. තෛලය සිඳුවා සරස්වතී දිෂ්ටියෙන් ජපකර ගැනීම මැනවි. ඉන්පසු සරස්වතී දැහැනෙන් ජපකිරීම යෙහෙකි.

මේ තෛල වට්ටෝරුවෙ සරස්වතී තෛල නම්වූ දෙවර්ගයක් තියෙනවා. අනිත් තෙල් වර්ග දෙක වෙන්නෙ බ්‍රහ්ම සරස්වතී තෛලය, චන්ද්‍ර සරස්වතී තෛලය. රාහුල හාමුදුරුවෝ පාවිච්චි කළැයි කියලා අපිට හිතන්න පුළුවන් වෙන්නෙ අශ්ව ලෝමයෙන් දිවේ ගානු කියන සරස්වතී තෛලය. ඒ ඒක විශේෂයෙන් ලියලා තියෙන හින්දා.
පාරම්පරික පොත්වලින් හොයාගත්තු විදියට මේ තෙල් බෙහෙත් වර්ග හොයාගෙන තියෙන්නේ රාහුල හාමුදුරුවන්ගේ ගුරු හාමුදුරුවෝ. ඒ කියන්නේ වීදාගම මෛත්‍රි හාමුදුරුවෝ. එතැනදි ඒක හරියටම හරි වුණාට වීදාගම හාමුදුරුවෝම මේ තෙල් වර්ග වට්ටෝරු ලිව්වද, එහෙම නැත්නම් ඊට කලින් හිටිය අයගේ වට්ටෝරු බලලා අලුත් වට්ටෝරුවක් ලිව්වද කියලා සටහනක් නෑ. ඒ වුණාට පරම්පරා පොත්වල ඒක මෙහෙම ලියලා තියෙනවා.

එකල ඉන්දියාවෙන් පැමිණි බ්‍රාහ්මණයන් සහ සෘෂිවරුන්ගේ අනුගාමිකයන් විසින් ලංකාවට රැගෙන ආ මන්ත්‍ර ශාස්ත්‍රය, තෙල් බෙහෙත් ශාස්ත්‍රය ඇසුරු කරගෙන අපේ උෟරුවට බොහෝ දෑ සකස් කළ බව පෙනේ.
මේ කියපු සරස්වතී තෙල් වර්ග හයේ ගුණ එකිනෙකට වෙනස්. ඒකෙන් කියන්නේ රෝගය බලා, වුවමනාව බලා තෙල භාවිත කරනු කියලයි. එතකොට අපිට හිතාගන්න පුළුවන් සරස්වතී තෙල් පාඩම් මතක තියාගන්නම හදපු තෙලක් නෙවෙයි කියලා.

බ්‍රහ්ම සරස්වතී තෙල් බොන්න වගේම ඇඟ ගාන්නත් නියම කරලා. ඒ තෙලෙන් උන්මාද, ඔල්මාද නැතිවෙනවා කියලා ලියැවිලා තියෙනවා. ඒ වගේම පිත් විකාර, සිහිනැතිකමටත් ගුණයි. තව මෙහෙමත් කියනවා. ශරීරය ඇතුළේ වගේම පිටතත් හටගන්නා අසූවක් වායුද, සම්පූර්ණයෙන් සුවවේ. පිට හටගන්නා ව්‍යාධීන්ට අට දවසකට වරක් ඉස සෝදනු.
ඒකෙ විශේෂ ගුණ විදියට මෙහෙම තියෙනවා.

දවසකට අසූවක් ධාරණවනු. නුවණ ඇතිවෙයි. සයවන සතියට ධාරණය වනු. බල වඩයි. සත්වන සතියට ජීවන නිර්මල ප්‍රඥාව ඇතිවෙයි. නළල තිලකලා යනු. ශි්‍රයා ඇතිවේ. සියලු කෙම්මුර කරනු. ආනුභා වඩයි. රුව ගුණ වඩයි. බල වඩයි. හදිබිය නසයි. සූනියන් නසයි. යක්ෂාභය නසයි. කීකිරිඳිය, සාරණ, පලා ගිතෙලින් මළවා කනු. එළකිරිත් සමඟ බත් කනු. සෙසු අයෝග්‍ය දේ නොකනු. තුන් සරණය ගනු. යහපති.

 චන්ද්‍ර සරස්වතී තෛලය ගැන ලියලා තියෙන්නේ මේ විදියට.

වෙසඟ මැදි පොහෝ දින සිද්ධියෝග ලත් දින හෝ උදය මංචාඩියක බර අල්ලට මතුරා

වළඳනු. සවස ඉස පැන් වත්කරනු. සතියක් තනියම. සතියක් පළමු බත්පිඬ සමඟ කනු. තුන්වන සතියේ බුලතේ ගා වළඳනු. පිරිසුදුව දවස් හරනු. සිංහ නාද මෙන් කටහඬ වඩී.

 දිෂ්ටි වඩී. අකාල පලිත නොවේ. බල වඩී. අමනාප සතුන්ගෙන් බය නැතිවේ. රත්කිරට මුසුකර දෙනු. සිවුසැට ශිල්ප ගුණ නුවණ ඇතිවේ. විටක් දුටු දෙය, ඇසූ දෙය ධාරණය වේ. අංගම්, පිල්ලි හූනියම් නොවදී. අකාල සන්තාප නෙඑයි. යක්ෂ භය නොඑයි. සන්නි දහඅට දුරුවෙයි.

අග්නි සරස්වති තෛලය ගැන කියන්නෙ මේ විදියට.

මෘදු පදමට, වාදන් දහඅටම නසයි. ලණු වැටෙන පදමට, පිත් අටම නසයි. දඹගෙඩි පදමට. ප්‍රමේහ දහඅටම නසයි. සුදුපාට පදමට යක්ෂ බැල්ම නසයි. දිය මෙනේරිය මලේ පදමට, ගිනියන් සන්නි නසයි. පුරම් වාත රෝග ඇති අයට සත් දවසක් ඇඟ ඉස බඳිනු. පානය කරනු. ලවනාම්ල වර්ජනය කරනු.

මේ පුරම් වායුව ගැන කියලා තියෙන්නේ මේ විදියට.
බඩ පිපෙයි. ඇඟ රිදෙයි. ඇඟ කසා ගෙඩි හැදෙයි. කපාලවාතය කිපෙමින් ඇස් දෙක හිරිවැටෙයි. කොන්ද රිදෙයි. නැඟිටින්ට නොදෙයි. මුත්‍ර පාට පෙරළෙයි. දණගසා ඇවිදියි. පිටිපතුල ඉදිමෙයි. ඉසකෙස් වැගිරෙයි. කැසි ඇතිවෙයි. දාදිය එයි. කට ගඳ ගසයි. මූල්‍ය වණවෙයි. මෙකී ලකුණු ඇඟ සාධ්‍යයි. මින් වැඩිවූ ලකුණු ඇඟ අසාධ්‍යයි.

ඇත්තම කිව්වොත් මේ තෙල් බෙහෙත් වට්ටෝරු ගණනාවක් අඩංගු පොතක්. මේකෙන් අපි එක දෙයක් තේරුම් ගන්න ඕන. ඒ අපි තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ ගැන හිතාගෙන ඉන්න විදිය වැරැදියි කියලා.
උන්වහන්සේගෙ කාලෙ ඉඳලා ආපු මේ පාරම්පරික වට්ටෝරු අපිට කියලා දෙනවා හොඳ පාඩමක්. ඒ උන්වහන්සේ මන්තරකාරයෙක් නෙවෙයි කියලා. තෙල් බෙහෙත්කාරයෙක් නෙවෙයි කියලා.

මේ සරස්වතී තෙල් වර්ග දිහා වෙන වෙනම බැලුවාම අපිට තේරෙනවා ඒ ඒ තෙල් වර්ගවලින් කියලා තියෙන ගුණ රාහුල හාමුදුරුවෝ ගැන එහෙම්මම තිබුණ කියල. ඒ කියන්නෙ නුවණ, ප්‍රඥාව වැඩීම. මේ තමයි අපේ ඉතිහාසය ඒකට දෙන උදාහරණය.

 උන්වහන්සේට අපි කියන්නෙ ෂඩ්භාෂා
පරමේෂ්වර කියලා. ඒකෙ තේරුම භාෂා හයක් ගැන දැනුම තියෙනවා කියල. ඒ භාෂා හය වෙන්නේ සංස්කෘත, ප්‍රාකෘත, සෞරසේනි මාගධ, පෛශාචි, අප්‍රභංශ කියන භාෂා. මේ භාෂා දැන් භාවිතයේ නෑ. ඒ හින්දා ඒ ගැන දන්නෙ නෑ.

මේවා අපිට ඇත්ත කියලා ඔප්පු කරගන්න පුළුවන් සාක්ෂි අපි අතරෙම තියෙනවා. ඒ රාහුල හාමුදුරුවෝ ලිව්ව පොතපත බැලීමෙන්. උන්වහන්සේ පොත් හයක් ලිව්ව කියලයි සඳහන් වෙන්නෙ. ඒ 1430, 1445, 1447, 1449, 1454, 1470 කියන අවුරුදුවල. මේ කාලය බැලුවොත් අවුරුදු පනහක කාලයක්.

 මොනවද මේ අවුරුදු පනහ ඇතුළෙ උන්වහන්සේ ලිව්ව පොත්. ඒවා ඒ අවුරුදුවල තියෙන විදියට එක පිළිවෙළට ගත්තොත් වෘත්තමාලා සංදේශය, පරෙවි සංදේශය, සැළලිහිණි සංදේශය, කාව්‍යශේකරය, පංචිකා ප්‍රදීපය, බුද්ධිසුභාදිනිය කියන පොත් ටික. මේවා දිහා බැලුවාම තේරෙනවා මේ පොත් කොච්චර ගැඹුරුද, අර්ථවත්ද කියලා. ඒ වගේම තමයි භාෂා ශෛලිය, ලිවීමේ දක්ෂතාව, නිවැරැදි වහර. මේවා ජීවිතවලට කොච්චර වැදගත්ද. ඒ එක්කම ලියපු අවුරුද්දක් ගැන නොකියවෙන තව පොත් දෙකක් ගැනත් කියවෙනවා. ඒ සකස්කඩ හා මවුලු සංදේශය.
එතකොට අපි ගණන් බැලුවොත් තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවන්ගෙ මේ විස්තරවල හැටියට උන්වහන්සේ අවුරුදු පනහක් තිස්සේ පොත් ලිව්වා. එතකොට අපිට හිතාගන්න පුළුවන් මේ විදියට.

රාහුල හාමුදුරුවෝ රාහුල කියන නමින් මහණ වුණේ 1425 අවුරුද්දේ. එහෙම මහණ වෙච්ච රාහුල හාමුදුරුවෝ

පළමුවැනි පොත ලිව්වේ 1430 අවුරුද්දේ. එතකොට ඉපදුණේ 1408 දී.

 මෙහෙම බැලුවාම උන්වහන්සේ

පළමුවැනි පොත ලිව්වේ වයස අවුරුදු විසි දෙකේදී. ඒ ලිව්ව පොත තමයි වෘත්තමාලා සංදේශය.

මෙන්න මෙතැනදි තමයි අපිට රාහුල හාමුදුරුවන්ගේ විස්මිත ඥානය ගැන කතා කරන්න සිද්ධවෙන්නෙ. එතකොට අපිට මෙහෙම දෙයක් හිතාගන්න පුළුවන්.

පළමුවැනි එක තමයි උන්වහන්සේට උත්පත්තියෙන්ම ලැබිලා තිබිච්ච ඥානය, දැනුම. දෙවැනි එක තමයි පොතපතේ ඉගෙනීමෙන් වැඩි දියුණු කරගත්තු ඥානය, තුන්වැනි එක තමයි දේශීය ඔෟෂධ එකතුකරලා හදාගත්තු බලවත් ඔෟෂධ පාවිච්චි කිරීම. මේ විදියට බැලුවාම අපි කාටවත් කියන්න බෑ මේ කියපු සරස්වතී තෙල් වර්ගයි, වෙනත් ඔෟෂධ වර්ගයි, බලගතු මන්තර වර්ගයි රාහුල හාමුදුරුවො පාවිච්චි කළේ නෑ කියලා. හැබැයි උන්වහන්සේ මේ දේවල් කෙරුවේ උත්පත්ති ගුණයයි,

 දක්ෂතාවනුයි වැඩිදියුණු කරගන්න. ඒකයි තොටගමුවේ රාහුල හාමුදුරුවන්ගෙයි අපෙයි වෙනස.

තොටගමුවේ රාහුල හාමුදුරුවෝ ගැන පොත්වල මෙහෙම තියෙනවා. ඒ උන්වහන්සේ යක්කුන්ගෙන් වැඩගත්තා කියලා. ඒක අදටත් ඔප්පුවෙන සාක්ෂි තියෙනවා තාමත් ඉතුරුවෙලා.

 අපි රාහුල හාමුදුරුවෝ ගැන කතා කරන්න ඕන මෙන්න මේ තත්ත්වයන් යටතේ ඉඳගෙන. ඇත්තම කිව්වොත් මේ පටන් ගත්තු ලිපිය හොඳයි. ඒ හින්දා තමයි මම අවුරුදු තුන්සීයක් පරණ අපේ පරම්පරාවකින් මට ලැබිච්ච දායාදය මෙහෙම ප්‍රසිද්ධ කළේ. හෙට අනිද්දට අපිත් නැතිවෙලා යාවි. ඒත් මේවා අපි ආරක්ෂා කරගන්න ඕන. මොකද මේවා අපිට ලැබුණේ ඒ පරම්පරාවලින් හින්දා. මං මේ වෙලාවෙ යෝජනා කරනවා රාහුල හාමුදුරුවන්ගේ නමින් කෞතුකාගාරයක් උන්වහන්සේගේ පන්සලේ ගොඩනඟන්න කියලා. අපි ඒකට අපේ ළඟ තියෙන හැමදෙයක්ම පරිත්‍යාග කරමු. මේවා අනාගත පරපුරට ආරක්ෂා කරලා දෙමු.

මේ තෙල් බෙහෙත් වට්ටෝරු අපි නිවැරැදිව හඳුනාගන්න ඕන. මේ වට්ටෝරු එකතු කරලා අපි නිවැරැදිව හඳුනා ගනිමු. ඒකට කැමැති අය 072-6258002න් මට කතා කරන්න. අපි එකතුවෙලා රාහුල හාමුදුරුවන් ජීවමාන කරමු. ඒ ඇයි කියලා දන්නවද? රාහුල හාමුදුරුවො හින්ද තමයි මේ දේවල් අපිත් අද කරගෙන යන්නේ.

 අරුණඩේල් විජේරත්න

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive