තලාහේන,අරලිය පෙදෙස කල්වාරි දේවස්‌ථානයට පහරදීමේ නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව පැවැති සාක්ෂිවල පරස්පර විරෝධතා නිසා එහි විත්තිකරුවන් වූ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු 13 දෙනා බදාදා (02) කොළඹ මහාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර තිබේ.තලාහේන අරලිය පෙදෙස කල්වාරි දේවස්‌ථානයට2008 ජුලි 7 දා පහරදුන් බවටසිද්ධියට අදාළව එස්. ඒ. අතුල සෙනවිරත්න, ඩබ්. එම්. සුදු බණ්‌ඩා, එච්. තමරාබියට්‍රිස්, ඒ. කේ. ඩෙන්සිල් ප්‍රේමකුමාර පෙරේරා, ඩී. එස්. පී.කඳනආරච්චි, ටී. කේ. සෝමදාස, ඊ. එච්. වික්‌ටර් රත්නායක, කේ. ඩබ්. කරුණානන්ද, ඊ. එච්. එම්. රත්නායක, අක්‌කරගම ඥනවිමල හිමි, ගලගොඩඅත්තේ ඥනසාර හිමි, අගුල්ගල්ලේ සිරි ජිනානන්ද හිමි හා ධනුෂ්ක සංජිව නමැති විත්තිකරුවන්ට එරෙහිවමෙම නඩු විභාගය පැවැත්විණි.
අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී මහාධිකරණ විනිසුරු පද්මිණී එන් රණවන මහත්මියවිසින් මෙම සැකකරුවන් නිදොස් කොට නිදහස් කොට තිබේ.
නීති විරෝධී රැස්‌වීමක සාමාජිකයන් වෙමින් තලාහේන අරලිය පෙදෙසේ කල්වාරිදේවස්‌ථානයට පහරදී , එහිපාස්‌ටර්වරුන් වන සිඩ්න් රොෂාන් ඇන්ඩ්‍රීසන් හා ජෝන් ඇන්ටන් ඇන්ඩ්‍රීසන් යනඅයට පහරදී තුවාල සිදුකිරීම, ජෝන් ඇන්ටන් ඇන්ඩ්‍රීසන් සන්තකයේ තිබූ රුපියල් 15,000 ක් වටිනා ජංගම දුරකථනය පැහැර ගැනීම, සිඩ්නි රොෂාන් ඇන්ඩ්‍රීසන්සන්තකයේ තිබූ රුපියල් 50,000 ක් වටිනා රත්‍රන් මාලයක් කොල්ල කෑම, ආදීචෝදනා යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් මෙකී චෝදනා ගොනු කරතිබිණි. සැකකරුවන් මේවන විට නිදොස් වී තිබේ.

0 comments:
Post a Comment