ලලනි නදීෂා වරාපිටිය මිය ගියාය කියා අවසන් කළ නොහැකි කතාවක්, අෑ වෙනුවෙන් තවමත් ඉතිරිව තිබේ. ඇත්තටම ඇය මිය ගියාය කියන එකත් වැරැදිය. අෑ මරා දමා තිබේ. දැන් ඒ ඝාතනයට දින ගණනාවක් ගතව ගොස්ය. ඇගේ මරණය පෙනෙන නොපෙනෙන ඉසව්වෙන් ගලා යන සුදු ගඟ නදීෂා මරණය දා හුන් සේ නොව දැන් පිරිපුන්ව ඉඟ සුඟ නළවමින් ගමන් කරයි. වෙනදා සුදු ගං දෑලේ වූ නිහඬ නිසංසල ගීතවත් බව දැන් නැත. සුදු ගඟ හා හිත මිතුරු ගම් වැසියෝ බිරාන්තව සිටිති. නදීෂාගේ මරණය අබිරහසක්වී තිබේ. නදීෂා හැමෝගේම හිත් අතර තවමත් හිඳී. විටෙක හිත් පහුරුගායි. එබී බලයි. සාමාන්‍යයෙන් නදීෂාගේ පවුලේ අය ජීවත් වූයේ ගමෙන් අෑත්වය. ඒ නිසා ගම් වැසියෝ මේ ප්‍රශ්නය ගැන වඩාත් උනන්දුවෙන් සිටිති. මේ මරණයට සම්බන්ධ මිනී මරුවා පෙනෙන නොපෙනෙනා කොහේ හෝ තවමත් නීතියේ රැහැනට හසුනොවී සැරිසරනා වග ඔවුහු හොඳටම දනිති.
නදීෂාගේ මිනීමරුවා අප සිතනවාටත් වඩා අතිශය සූක්‍ෂ්්්්මය. ඔහු වෘත්තීය මිනීමරුවකු වුවද නොවූවද නීතියෙන් පලා යෑමට ඔහු යෙදූ උපක්‍රම පුදුම සහගතය. ඒ සෑම එකක්ම අඩුම තරමේ දින කීපයක් හෝ ඔහුට නිදැල්ලේ ඉන්නට ඉඩ හදාදී තිබේ. නමුත් අප විශ්වාස කරනා පරිදි මේ මිනීමරුවා තව වැඩි කාලයක් මෙසේ නිදැල්ලේ ඉන්නේ නැත. ඒ නිසා ඒ පිළිබඳ වැරැදි පූර්වාදර්ශයක් කිසිවකු නොගත යුතුය. ඔහු මේ මරණය සම්බන්ධයෙන් වඩාත් උපක්‍රමශීලී වූ අවස්ථාවක් ලෙස බැලූ බැල්මටම පෙනෙන්නේ මළ සිරුරේ වූ ඇඳුම් සියල්ල ඉවත් කොට, ඒවා ඇළ පහරකින් සෝදා, මිරිකා හැර තිබීමයි. ඒ අනුව පොලිස් බල්ලන්ගේ ඉවෙන් බේරී සිටීමේ අවස්ථාව ඔහුට ලැබේ.
එසේම මළ සිරුර නිරුවත් කිරීමත් සමඟ වෙනත් ආකාරයක සමාජ මතයක් නිර්මාණය කිරීමේ හැකියාව මිනීමරුවාට ලැබේ. ඒ මළ සිරුර හෝ මිය යෑමට පෙර ඇය දූෂණය කර තිබේදැයි ඇතිවෙන මතයයි. එය පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී පහසුවෙන් විසඳෙන නමුත් සමාජ මතය එහෙම ලේසියෙන් වෙනස් වෙන්නේ නැත. ඒ අනුව මළ සිරුර නිරුවත් කර තිබීමෙන් කාමුක තිරිසනකු අවසිහියෙන් කළ ඝාතන ගොඩට මේ මිනීමැරුම දමන්නට මිනීමරුවා උත්සාහ දැරූ බවද බැහැර කළ නොහැකිය. නමුත් දැන් මේ වන විට ඒ ප්‍රශ්නයට පැහැදිලි උත්තරයක් ලැබී තිබේ. නදීෂා මරා දැමීමට පෙර හෝ පසු දූෂණයට ලක්ව නැත. එහෙමනම් මේ මරණය හා බැඳුණු වෙනත් කතාවක් තිබිය යුතුය. එසේම ඇගේ නිරුවත දැකීමෙන් හෝ එවන් චේතනාවක් ඇතිනොවන තරමින් මිනීමරුවා එක්කෝ සිහි බුද්ධියෙන් සිටියේය. නැත්නම් අෑ දූෂණය කළ නොහැකි මට්ටමේ ළඟ සම්බන්ධයක් අෑ හා තිබී ඇත. එසේම මේ මරණය සම්බන්ධව අතිශය සියුම්ව සලකා බැලිය යුතු තවත් කාරණා කීපයක් තිබේ.
මේ අය නිදාගත් කාමරයට ඇතුළතින් අගුළු දමා නොතිබුණ බව පැහැදිලිය. ඇතුළෙන් අගුළු දමා තිබුණා නම් මිනී මරුවාට ෙදාර ඇරගැනීමේ ප්‍රශ්නයක් නිර්මාණය වනු ඇත. නමුත් අගුළු නොදැමුවද ෙදාර වසා හෝ අඩුම තරමේ ෙදාර අඩවල් කර හෝ මේ දෙදෙනා නිදාගන්නට ඇත. මේ දෙදෙනාට අමතරව තවත් අට දෙනකු මේ නිවෙසේ සිට ඇත. ඒ අටදෙනා අතර පිටස්තර පුද්ගලයෙක්ද සිටියේය. මේ අය ෙදාර ඇරදමා නිදා ගත්තේ නම් ඒ සියලු දෙනාම දැනුම්වත්වය. නදීෂා නිදි යහනේදී මරාදැමුවා නම් ඒ මිනීමරුවා පහසුවෙන් කාමරයට ඇතුළු වී තිබේ. ඔහුට කිසිම බාධාවක් තිබී නැත. මිනීමරුවා කිසිම හඬක් නොනඟා කාමරයට ඇතුළු නොවූයේ නම් කාමරයේ නිදාඋන් අයගෙන් එක්කෙනකුට හෝ ඒ හඬ ඇසිය යුතුය. නදීෂා යම් හෙයකින් අවදිවූවා නම් අෑ තමන් වෙත එන මාරයා දැක නිහඬව ඉන්නවා යැයි කිසිසේත්ම සිතිය නොහැකිය. ඒ හඬ කොඳුරා කියන්නක් නොවන බව අපට හොඳටෝම විශ්වාසය. ඇගේ මර ළතෝනියත් සමඟ කාමරයේ යාබද ඇඳේ උන් අම්මා පමණක් නොව නිවෙසේ නිදා උන් සියල්ලන්ම අවදිවනු ඇත. නමුත් එවැන්නක් සිදුවූයේ නැත.
නදීෂා සේම නදීෂාගේ මවද නිදි සුව විඳිමින් උන්නා මිස ඇයටද කිසිදු හඬක් ඇසී නැත. ඇසුණානම් දුවගේ මාරයා දැක ඇය නිහඬව සිටී යැයි සිතිය නොහැකිය. ඒ අනුව මිනීමරුවා සිතූ පරිදිම කිසිම හඬක් නොනඟා තම ගොදුර වෙත ළඟා වෙන්නට තරම් ඔහු වාසනාවන්තය. එසේම සාමාන්‍යයෙන් මිනී මරුවකුගේ මාරාන්තික පහරක යම් ශක්තියක් තිබේ. එය වේගවත්ය. මෙහිදී මිනීමරුවා තම ප්‍රථම පහරම සාර්ථක කරගත යුතුය. එසේනම් එවන් පහරකින් කිසිම ශබ්දයක් නොනැඟීම පුදුමයකි. ඔහුට ශබ්දයක් නොනැඟෙන සේ ඇයගේ ගෙල කපා හෝ වෙනත් උපක්‍රමයකින් ඇය මරාදමන්නටද තිබිණ. නමුත් ඔහු මොට්ට ආයුධයකින් පහරදී ඇති බව දැනගන්නට ලැබේ. මරණ පරීක්‍ෂණ වාර්තාව අනුව එය ගෙඩියක් වැනි දෙයක් සහිත මොට්ට ආයුධයකි. එවන් අවිධිමත් මිනීමැරීමේ උපක්‍රමයකින් නදීෂාව කිසිම හඬක් නොනැඟෙන සේ මරාදැමීමට මිනීමරුවා සමත් වී තිබේ. පුදුමයකි. ඇඳේ ඇඳ පොලු දෙකක් බිම වැටී තිබුණ බවද දැනගන්නට ලැබේ. එයින්ද යාබද ඇඳේ හුන් මව අවදි වන තරම් හඬක්වත් නොනැඟීමද පුදුමයකි.
ඉතාමත්ම වැදගත් කාරණය වන්නේ මරා දැමූ නදීෂාගේ මළ සිරුරේ ඇඳුම් පවා සෝදා මිරිකමින් නීතියේ රැහැනින් රිංගා යන මිනීමරුවා සාමාන්‍ය දිනයක් නොවන පුද්ගලයන් වැඩිපුරම නිවෙසේ ගැවසෙන දිනයක් මේ මිනීමැරීමට තෝරා ගැනීමය. මංගල උත්සවය දින නිවෙසට පිටතින් පැමිණි පුද්ගලයන් පවා නිවෙසේ සිටියදී නදීෂා මරා දමන්නට ඔහුට අවශ්‍ය වූයේ ඇයි? සාමාන්‍යයෙන් නදීෂා නිදි යහනේදී මරා දැමීම හදිසි කෝපයක් විය නොහැකිය. එසේ නම් අර තරම් සූක්‍ෂ්්්ම මිනී මරුවකු ඒ තරම් අවදානමක් ගැනීම පුදුම සහගතය.
ඊටත් වඩා පුදුමය කාමරයේ නදීෂාත් මවත් නිදා සිටියදී නදීෂා මරා දැමීමට තරම් අවදානමක් ගැනීමය. නීතියේ රැහැනින් බේරීමට විවිධ සූක්‍ෂ්්ම උපක්‍රම දරනා මේ මිනී මරුවා නදීෂාගේ මව අවදිනොවන බවට අනුමාන කළේ කෙසේද?
මිනීමරුවා නදීෂාගේ කාමරයට ඇතුළුවූ මොහොතේ සිට සෑම තත්පරයකම මව අවදිවීමට හොඳටම ඉඩ තිබුණාය. මව එසේ අවදි නොවුණු බව අපි දනිමු. නමුත් මේ කාමරයට ඇතුළු වෙන්නට පෙර මිනීමරුවා නදීෂාගේ අම්මා අවදි වේයැයි බිය නොවුණේ ඇයි? ඔහු නදීෂා මරා දමා එසැණින් පලා ගියේද නැත. නදීෂාගේ අම්මා යාබද ඇඳේ නිදා ඉද්දිම මිනීමරුවා කාමරයේ ෙදාරෙන් ඇතුළු වී ආයුධයකින් නදීෂාගේ හිසට පහරදී ඇය මරා දමා ඇගේ මළසිරුර ඇගේම පොරෝනයකින් ඔතා කරතබාගෙන යළි කාමරයේ ෙදාරෙන්ම ඉවත්ව ගිය බව ප්‍රසිද්ධ මතයයි. මේ කාර්යය විනාඩියකින් දෙකකින් කළ නොහැකිය. අඩුම තරමේ විනාඩි පහක් දහයක් වත් ගතවේ. නදීෂාගේ අම්මා යාබද ඇඳේ සිටියදී ඔහු මළසිරුර හා මේ තරම් ඔට්ටු වෙමින් අවදානමක් ගත්තේ කෙසේදැයි යන්න ප්‍රශ්නයකි. මේ සෑම තත්පරයකටම කුමන හෝ හේතුවක් නිසා මව අවදි වූවා නම් ඇය කෑ ගසනු ඇත. කෑ ගැසුවා නම් නිවෙසේ තවත් පිරිසක් සිටී. ඒ අයට ඒ හඬ ඇසුණා නම් මිනීමරුවාට පලා යා නොහැකි බව ස්ථිරය. නමුත් මේ සෑම අවදානම් අවස්ථාවක්ම නොසලකා හරින්නට තරම් මිනීමරුවාට නිවැසියන් අවදි නොවන බව ස්ථිරය. ඒ විශ්වාසය පුදුම සහගතය. මළ සිරුර කර තබාගෙන, නිවස තුළ ඇවිද යන්නට ඔහුට බයක් හැකක් නැත. තිබුණා නම් ඔහු ඒ අවදානමටද බයක් නැතිවම මුහුණ දී තිබේ. රාත්‍රි අන්ධකාරයේ පොරෝනයකින් එතූ නදීෂාගේ සිරුරත් රැගෙන යන මිනීමරුවා නිවෙසේ ෙදාරක හෝ වෙන කිසිම ගෘහභාණ්ඩයක නොවදින සේ තනිවම ගියා නම් ඒකත් පුදුමයකි. ඔහුට තවත් උදව්කරුවන් සිටියානම්, බාහිර පුද්ගලයන් කීපදෙනකු නිවස තුළට පැමිණීම කිසිවකු නොදැන සිටීමත් පුදුමයකි.
මේ ප්‍රශ්නය දැන් පඹගාලක් වී අවසන්ය. ඒ පඹගාලේ පොලිසියද පැටලී අවසන්ය. නමුත් මේ පඹගාල ලිහෙන ම්ලේච්ඡ අදහසක් ඉදිරිපත් වෙමින් තිබේ. එය ලංකාව වැනි බෞද්ධ ආගමික පරිසරයක් සහිත යැයි සාරධර්ම මූලික යැයි කියන සමාජයකට කොහොමටවත් ඔරොත්තු නොදෙනු ඇත.
මේ මිනීමරුවා නිවස තුළම සිටියානම්? දැන් ඔබට අප විසින් ඉදිරිපත් කරන ලද සමහර දේවල්වලට උත්තර ලැබෙනු ඇත. එහෙම දෙයක් වුණානම් අවදානම්කාරී තත්ත්වයට වෙනස් ආකාරයකින් මුහුණ දීමේ හැකියාව තිබේ.
එසේම පොලිසිය මේ සිදුවීම සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයකින් සිදුවූ බවටද සැක පහළ කරයි. ඒ අදහසට අනුව ප්‍රසිද්ධ මත නිෂේධනය වෙයි. ඒ අනුව නදීෂා මිය යන්නේ රාත්‍රියේ නිදියහනේ නොවේ. ඒ රාත්‍රිය උදාවෙන්නටත් පෙරය. ඒ අනුව දහවල් කාලයේ සිදුවූ යම් සිදුවීමකදී ඇයට පහරදී මරා දමනා මිනීමරුවා ඇයගේ මළසිරුර නිවසින් පිටතට රැගෙන යන්නට රාත්‍රිය උදාවෙනතුරු සිටී. නමුත් එව කතාවට අනුවද මේ කිසිම දෙයක් නිවැසියන් නොදැන සිටි බව පිළිගත නොහැකිය. මරණය එසේ සිදුවුණා නම්, මේ රහස සොයන්නට නිවැසියන් උදව් කළ යුතුය. ඒ කිසිවකුට නොදැනෙන සේ නොපෙනන සේ එය කළ හැක්කෙක් සිටිතැයි සිතිය නොහැකිය.
මේ ලිපිය ලියන මොහොත වන විටද පොලිස් කණ්ඩායම් කීපයක් විවිධ පැතිකඩ ඔස්සේ ඉතා සියුම් ලෙස පරීක්‍ෂණ කටයුතු මෙහෙයවමින් සිටිති. පරීක්‍ෂණය සඳහා කණ්ඩායමක්ද මේ මරණය සිදුවූ ප්‍රදේශය වෙත පිටත්ව ගොස් තිබේ. පොලිස් කණ්ඩායම් වෙත ලැබෙන නිර්නාමික දුරකතන ඇමතුම් ඔස්සේ පවා පොලිසිය පරීක්‍ෂණ සිදුකරයි. නදීෂාගේ නිවෙසේ අය සහ ගම්වැසියන් අතර එතරම් කිට්ටු සම්බන්ධතාවක් නොතිබීමද මේ පරීක්‍ෂණ කටයුතුවලට බාධකයක් බව අපේ මතයයි. මේ මරණයට පෙර නදීෂාගේ නිවෙසේ සිදුවූ පුංචි පුංචි රණ්ඩුසරුවල් ගැනද පොලිසිය අවධානය යොමු කරයි. එසේ යම් සැකකටයුතු තත්ත්වයක් මත පසුගිය දිනෙක අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයකු මනෝ වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කර තිබේ.
මේ මරණයට පසුව නදීෂාගේ නිවැසියන් හැසිරුණ ආකාරය පිළිබඳවද පොලිසියේ විශේෂ අවධානය යොමුවී තිබේ. එහිදී එම නිවසේ සිටි නදීෂාගේ එක් සහෝදරයෙක් කඩිනමින් පොලිසියට යන අතර තවත් අයෙක් නදීෂාගේ සිරුර ඔතාගෙන ගිය ඇඳ ඇතිරිල්ල පමණක් සොයාගනී. නමුත් නදීෂාගේ නිරුවත් මළසිරුර, ඇඳ ඇතිරිල්ල තිබුණ තැනට පෙනෙන නොපෙනෙන තැනක දමා තිබෙනු ඔහු නොදකී. එසේම පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාවට අනුව දැනගන්නට ලැබෙන ඉතාතමත්ම කනගාටුදායක කාරණාව වන්නේ නදීෂා මියගොස් ඇත්තේ හිසට පහරදුන් අවස්ථාවේම නොවන බවයි.
ඇගේ පෙණහලුවල වැලි තිබී ඇති අතර ඇය ඇªළ ඉවුරේදී හෝ වෙනත් එළිමහන් පරිසරයකදී හුස්ම ගැනීමේ අසීරු උත්සාහයක නිරත වී තිබේ.
පොලිසිය මේ මරණය සම්බන්ධව වඩාත් අවධානය යොමුකරන කාරණාවක් තිබේ.
මරණය සම්බන්ධ සාක්‍ෂි විනාශ කරදැමීමේ දැඩි උත්සාහයක නිරතවෙන මිනීමරුවා ලේ පැල්ලම් සහිත ඇගේ කොට්ට ගැන නොසලකා හැරීමයි. එය සමහර විටක පොලිසිය නොමඟ හැරීමේ උත්සාහයක් දැයි සැක හිතේ.
එසේම අප කුමන තර්ක ගොඩනැඟුවද සමහරවිට නදීෂාගේ අම්මා මංගල උත්සවය වෙනුවෙන් දැඩි සේ වෙහෙස වී ඉන්නට ඇත. ඒ නිසාම ඇයට තදින් නින්ද ගියා සේම මිනීමරුවා ඒ ගැන දැන සිටියා විය හැකිය. සමහරවිට පිටස්තර මිනීමරුවකු නිවැසියන් මේ ඝාතනයට පටලවන්නට උත්සාහ දරන්නට ඇතැයි කියන කාරණය සම්පූර්ණයෙන් අමතක කළ නොහැකිය. පොලිසිය මේ වනවිට පිටස්තර අයකු මෙයට සම්බන්ධ වී දැයි පරීක්‍ෂණ සිදුකරයි.
නමුත් දැන් සියල්ල සිදුවී අවසන්ය. ලලනි නදීෂා වරාපිටිය ජීවිතය වයස විසිහතරේදී නිමාකොට නික්ම ගොස්ය. ඇය අක්කර හැටක ඉඩම සහිත වලව්වක හිමිකාරියකි. මේ හිමිකාරිත්වය ඇයට මරු කැඳවූවාදැයි යම් සැකයක් මතුව තිබේ. නමුත් නදීෂා සම්බන්ධව වෙනත් පෙම් සබඳතාවක් ගැන කිසිම ආරංචියක් මෙතෙක් ලැබී නැත. එසේම වෙනත් කිසිම ආකාරයක තරහකාරයකු හෝ ඇයට සිටි බවට දැනගන්නට ලැබී නැත.
එසේනම් අෑ මරා දැමූයේ කවුද?
මේ ලියන මොහොත වන විට පොලිසිය මිනීමරුවා සොයා යන අලුත් ක්‍රමවේදයකට අත තබා තිබේ. ඒ ජංගම දුරකතන ඇමතුම් ඔස්සේ පරීක්‍ෂණ පැවැත්වීමය. ඒ පරීක්‍ෂණ සඳහා අධිකරණ අවසරය ලැබුණ පසු සිදුකළ පරීක්‍ෂණ ඔස්සේ වැදගත් යමක් හෙළිදරව් වනු ඇතැයි පොලිසිය විශ්වාස කරයි. එසේනම් ලලනි නදීෂා මරා දැමුවේ කවුද? කුමක් උදෙසාද? කෙසේද?
මේ උභතෝකෝටිකයට පිළිතුරු ලැබෙනු ඇත. එතෙක් අපි නදීෂාට නිවන් සුව ප්‍රාර්ථනා කරමු.
ජීවන පහන් තිළිණ, ප්‍රේමලාල් විජේරත්න

0 comments:
Post a Comment