facebook like

මේ වගේ සිද්ධීන් වෙයි කියලා අපි කලින්ම කිව්වා --- ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ

රටේ ඇතිවී තිබෙන වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් සිංහල ජනතාව ඉවසීමෙන් හා සන්සුන්ව කටයුතු කරන්නැයි බොදු බල සේනා සංවිධානය ඉල්ලා සිටියි.
අලුත්ගම නගරයෙන් ආරම්භ වී තිබෙන ගැටුම්කාරී උණුසුම් තත්ත්වය රට පුරා ඇවිළී යෑම වැළැක්වීමට තම සංවිධානයද කටයුතු කරන බව පවසන එම සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සියලු දෙනා අවබෝධයෙන් යුතුව කටයුතු කරන ලෙස ඉල්ලා සිටියහ.


කිරුළපන බෝධි බෞද්ධ මන්දිරයේ ඊයේ (16දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී හිමියෝ එසේ ඉල්ලා සිටියහ.අලුත්ගම, බේරුවල ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය සාවද්‍ය තොරතුරු වාර්තා කිරීමෙන් අන්තර්ජාතික වශයෙන් රට අපකීර්තියට පත්විය හැකි බවත්, නිවැරැදි තොරතුරු ප්‍රචාරය කිරීමට වගබලා ගත යුතු බවත් ඒ හිමියෝ කීහ.


තම සංවිධානය ඉතා සාමකාමීව තම විරෝධතාව දක්වා නැවැත ඒමට සැරැසුණු අවස්ථාවේ ගල්මුල් ප්‍රහාරයක් එල්ල වූ අතර එයින් ප්‍රකෝප වූ සිංහල ජනතාවද ගැටුමට එක්වූ බව උන්වහන්සේ කීහ.


මේ ගැටුමෙන් කිසිදු හිමිනමක් අපවත් වී නොමැති අතර හිමිවරුන් දෙනමකට පමණක් සුළු තුවාල සිදුව තිබෙන බවත්, එම ගැටලුවට තම සංවිධානය මූලික වූවා යැයි ප්‍රචාරය වෙමින් තිබෙන ඇතැම් ප්‍රවෘත්ති පිළිකුලෙන් යුතුව හෙළා දකින බවද ඥානසාර හිමියෝ කීහ.
මෙවැනි සිද්ධි ඇතිවිය හැකි බව තමන් වහන්සේ ජනාධිපති, පොලිස්පති, ආරක්‍ෂක ලේකම් ඇතුළු බලධාරීන්ට දැනුම් දී තිබුණද ඒ පිළිබඳ කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ බැවින් දැන්වත් මෙවැනි දේවල් වළක්වා ගැනීමට කටයුතු කරන ලෙස ඒ හිමියෝ අවධාරණය කළහ.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive