නිධානයකින් ගොඩගත් බවට සැක කෙරෙන රන් ආලේපිත අඟල් 22 ක් දිගැති කඩුවක් සහ කඩුකොපුවක් සොයාගැනෙයි.
හැටන් පොලීසියේ විශේෂ මෙහෙයුම් ඒකකය මඟින් අද (07) පස්වරුවේ සොයාගෙන තිබේ.
මස්කෙළිය ප‍්‍රදේශයෙන් නිධානයකින් ගොඩගත්තේයැයි කියන මෙම කඩුව සහ කඩුකොපුව රු. ලක්ෂ තිස්හයකට අලෙවි කිරීමට සුදානම්කර තිබියදී පොලිස් බුද්ධි අංශයේ උපාය දුතයෙක් යොදා මෙම කඩුව, කඩුකොපුව සහ එයට සම්බන්ධ දස දෙනෙකු අත් අඩංගුවට ගත් බව හැටන් පොලීසිය පවසයි.
මෙම නිධානයෙන් ගොඩගත් තවත් භාණ්ඩ රැසක් මෙම සැකකරුවන් ලඟ තිබෙනබවට ඔවුන් විසින් ලබාදුන් තොරතුරු මත හැටන් පොලීසිය එම භාණ්ඩ සොයා මෙහෙයුමක් ආරම්භකර තිබේ.
අද (07) රාත‍්‍රී 07 ට පමණ මෙම කඩුව සහ කඩුකොපුව සොයාගෙන ඇති අතර මෙම සැකකරුවන් දස දෙනා හැටන් දික්ඔය ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බව හැටන් පොලීසිය වැඩි දුරටත් සඳහන් කරයි.

0 comments:
Post a Comment