w3lanka -
ඉහත ඡායාරූපයේ දැක්වෙන්නේ ඇමති එස්.බී. දිසානායකගේ පුත් නාරද දිසානායක ජනාධිපති විසින් හඟුරන්කෙත ශ්‍රිලනිප සම සංවිධායක ලෙස පත් කරන ආකාරයයි.
මෙහි සිටින ජනාධිපතිවරයා ද තමන්ගේ එක පුතකු පාර්ලිමේන්තුවට පත් කර ඇත. ආණ්ඩු පක්ෂයේත්, එක්සත් ජාතික පක්ෂයේ හා තවත් බොහෝ පක්ෂවලත් තාත්තලා මෙසේ කර තිබේ.
මේ තාත්තලා ඇත්තෙන් ම තමන්ගේ දරුවන්ට ආදරය කරනවා ද? මහජන මුදලින් තමන් විඳින සැප යයි තමන් සිතන ජීවිතය තම දරුවන්ටත් අත් කර දීම ඔවුන්ගේ අරමුණ බව පෙනේ.
එහෙත් ඔවුන් ඇත්තෙන් ම කරන්නේ තමන් කරන හොරකම්, දූෂණ හා වෙනත් පාදඩ ක්‍රියා තම දරුවන්ටත් උරුම කර දීම නොවේ ද?
අපට එදිනෙදා ජීවිතයේදී හමු වන සාමාන්‍ය අපරාධකරුවන් අතර ද මීට වඩා හොඳ මිනිස්සු සිටිති. වාස් ගුණවර්ධන වැනි කුලියට මිනී මරන්නන් හැර වෙනත් කුලී මිනීමරුවන් සාමාන්‍යයෙන් තමන්ගේ දරුවන් තමන්ගේ රස්සාවට යොමු වනවාට කැමති නැත.
තමන් කරන වෘත්තිය තම දියණියන්ටත් උරුම වීම වළක්වා ගන්නට උත්සාහ කරන ගනිකාවෝ ඕනෑ තරම් සිටිති.
දරුවන්ට හොඳ ම දේ දෙන්නට මව්පියෝ හැම විට ම උත්සාහ කරන සමයක තමන් විසින් කපනු ලබන තමන්ගේ ද දෙපා යටින් කැපෙන වල කපන්නට දරුවන්ට උරුම කර දෙන මෙවැනි තාත්තලාගෙන් මේ රටේ ජනතාවට සෙතක් බලාපොරොත්තු විය හැකි ද?
w3lanka.com-

machan chande dena untane bn oka wenas karanna puluwan...
ReplyDelete