facebook like

ගවස්කාර් පත් කිරීමෙන් 'ලංකාවට ටොක්කක් ඇනලා'

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අන්තර්වාර සභාපතිවරයා ලෙස සුනිල් ගවස්කාර් පත් කරන මෙන් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය මගින් ශ්‍රී ලංකා ආණ්ඩුවටද 'ටොක්කක් ඇන' තිබෙන බව අර්ජුන රණතුංග පවසයි.

විශේෂයෙන්ම ඉන්දියාවේ ප්‍රාන්ත ක්‍රිකට් මැතිවරණවලට පවා ඉදිරිපත් වූ ක්‍රිකට් ක්‍රීඩකයන් මුදල් බලය හමුවේ දිගින් දිගටම පරාජය වූ බව පෙන්වා දෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ
හිටපු නායකයා, මේ තත්වය යටතේ හිටපු ක්‍රීඩකයකුට පරිපාලනය පැවරීමට අධිකරණය ගත් තීන්දුව අගය කළ යුතු බව සඳහන් කරයි.

අයිපීඑල් ඉන්දීය ප්‍රීමියර් ලීග තරඟාවලියේදී නීතියට පටහැනිව ඔට්ටු ඇල්ලීම සහ මුදලට තරඟ පාවා දීම පිළිබඳ විභාගයක් පැවැත්වෙන අතරවාරයේ පදවියෙන් ඉවත් න මෙන් පාලක මණ්ඩල සභාපති එන් සිරිනිවාසන්ට දැනුම් දීමෙන් අනතුරුවයි, සුනිල් ගවස්කාර් පසුගිය සතියේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති පදවියට පත් කෙරුණේ.

ලෝකයේ වැඩිම මුදල් සම්භාරයක් ගනු දෙනු කෙරෙන අයිපීඑල් තරඟාවලියට සහභාගි වන ක්‍රිකට් කණ්ඩායම් අතර චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ හිමිකරු එන් සිරිනිවාසන්. ඔහු ලොව අති බලසම්පන්න ක්‍රිකට් පරිපාලකයා ලෙසිනුයි සැලකෙන්නේ.

ජගත් පාලක මණ්ඩලය

ඉන්දියාවේ ප්‍රවීණම ක්‍රීඩකයකුට ක්‍රිකට් භාරදීම මගින් ඉන්දීය අධිකරණය ප්‍රධාන කරුණු දෙකක් සැලකිල්ලට ගෙන ඇති බවයි, අර්ජුන රණතුංග බීබීසී සංදේශයට කියා සිටියේ.

"එකක් තමයි, ඉන්දියාවේ ක්‍රිකට් ආයතනයට වැදිලා තියෙන අපහාස චෝදනා ඉවත් කර ගැනීම. අනික තමයි, ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස කරනවා ඒක කරන්න පුළුවන් ක්‍රීඩකයකුටයි කියලා," යනුවෙන් ඔහු සඳහන් කළේය.

පසුගිය පෙබරවාරි මාසයේ ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් එන් සිරිනිවාසන් ලෝක ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති පදවියට තෝරා පත් කර ගනු ලැබුණ අතර ඔහු එළඹෙන ජුලි මාසයේ දී එම තනතුර භාර ගැනීමට නියමිතයි.

ඉන්දීය අධිකරණ තීන්දුවෙන් අනතුරුව ශ්‍රිනිවාසන් නියමිත පරිදි ජගත් පාලක මණ්ඩලයේ සභාපති පදවිය භාර ගන්නේදැයි බීබීසී සංදේශය කළ විමසීමකට පිළිතුරු දුන් ජගත් පාලක මණ්ඩලයේ ප්‍රකාශකයෙක්, තමන් මේ මොහොතේ ඒ පිළිබඳව කිසිවක් සඳහන් නොකරන බව කියා සිටියේය.

"ඉන්දියාව එපා කියන පුද්ගලයෙක් ශ්‍රී ලංකාව ඇතුළු අනික් රටවල් පිලිගන්නවා නම් එතනින් අපි හොයන්න ඕන අපේ පුද්ගලයෝ කරන වැඩේ හරිද කියල," යන්න ජගත් පාලක මණ්ඩලයේ එම ස්ථාවරය පිළිබඳ අර්ජුන රණතුංග දක්වන ප්‍රතිචාරයයි. 

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive