facebook like

ප්‍රසන්න රණතුංගගෙන් මනාප වාර්තාවක්

බස්නාහිර, දකුණ පළාත් සභා දෙකට ඉදිරිපත්වූ සියලු අපේක්ෂ-කයන් අතරින් වැඩිම මනාප හිමිකරගත් ප්‍රසන්න රණතුංග පළාත් සභා මැතිවරණ ඉතිහාසයේ නව වාර්තාවක් තබා ඇත. ඒ වසර විසිහයක පළාත් සභා මැතිවරණ ඉතිහාසයේ ඡන්ද දෙලක්ෂයක් ඉක්මවූ සිව්වැනියා බවට පත්වෙමිනි.
එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික්කයට තරග කළ ඔහු දිනා ඇති මනාප ගණන දෙලක්ෂ හතළිස්
නවදහස් හයසිය හැත්තෑ අටකි.
මීට පෙර ඡන්ද දෙලක්ෂය ඉක්මවා මනාප හිමි කරගෙන සිටියේ දයාසිරි ජයසේකර, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හා කරු ජයසූරිය යන මහත්ම මහත්මීන් පමණි. දෙදහස් දහතුනේ පැවැති වයඹ ඡන්දයේදී දයාසිරි ජයසේකර මනාප තුන්ලක්ෂ තිස්හය දහස් තුන්සිය විසිහතක්ද, අනූතුනේදී පැවැති බස්නාහිර ඡන්දයේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මනාප දෙලක්ෂ අනූඅට දහස් හාරසිය හතක්ද, අනූනවයේදී පැවැති බස්නාහිර ඡන්දයේදී කරු ජයසූරිය මනාප දෙලක්ෂ පනස්දහස් එකසිය හැත්තෑ නවයක් දිනාගෙන මෙම වාර්තාවට හිමිකම් කීහ.
කෙසේ නමුදු ප්‍රසන්න රණතුංග සිය නව වාර්තාවට හිමිකම් කීමට පෙර පළාත් සභා ඡන්ද ඉතිහාසයේ වැඩිම මනාප ලැබූ අයගෙන් සිවුවැනියා බවට පත්වී සිටියේය. දෙදහස් නවයේ පැවැති බස්නාහිර ඡන්දයේදී ඔහු මනාප එක්ලක්ෂ අසූහය දහස් තුන්සිය තිස්අටක් දිනා එම වාර්තාව තබා තිබේ. මෙවර ප්‍රසන්න ඔහු තැබූ වාර්තාව ඔහු විසින්ම
බිඳහෙළනු ලැබිය. දෙදහස් නවයේ ලැබූ මනාපවලට වඩා මෙවර වැඩි ඡන්ද හැටතුන්දහස් තුන්සිය හතළිහක් ලබා ඔහු මෙම නව වාර්තාවට හිමිකම් කියයි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive